කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට ඊයේ (27) කිරින්ද ප්‍රජා ශාලාවේදී බාධා කරමින් 'හූ' කියවීම
බැසිල් පාර්ශවය විසින් සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් වියහැකියයි ආණ්ඩුවේ ඇතැමුන්ට බරපතල සැකයක් මතුව ඇත.
 
එම ඇමැතිවරයා එම සංචාරයේ නිරත වුණේ එම ප්‍රදේශය පිහිටි ඛණිජ වැලි නිධියක් ලංකා ඛණිජ වැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීමටය.
 
ඇමතිවරයාට එහිදී එල්ලවූ විරෝධය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු පැවසුයේ, විමල් විරවංශ අමාත්‍යවරයා එම රැස්වීමට සහභාගී වුයේ හම්බන්තොට දේශපාලන නායකයින්වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා මහින්ද අමරවීර අමාත්‍යවරුන්ගේ බලවත් ඉල්ලීම මතබවයි. 
 
කෙසේවුවද ඔවුන් තිදෙනා රැස්වීම මගහැර විමල් විරවංශ අමාත්‍යවරයා අපහසුතාවයට පත්කිරීමට උත්සහකර ඇති බව ඔහු පැවසිය.
 
එම ඇමතිවරයා සඳහන් කර පරිදි, එම රැස්වීම පැවැත්වීමට කලින් යොදාගෙන තිබී ඇත්තේ ප්‍රදේශයේ විහාරස්ථානයකය.  
 
කෙසේවුවද රැස්වීම පැවැත්වෙන ස්ථානය වෙනස්කර ඇතිබව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් විමල් විරවංශ අමාත්‍යවරයාගේ ආරක්ෂා අංශ වෙත දැනුම් දී ඇත්තේ සිකුරාදා (26) රාත්‍රී 10.00ට පමණය. 
 
එම රැස්වීමට යන අතරතුර ද විමල් විරවංශ අමාත්‍යවරයා සිය දුරකතනයේ අදාල ඇමතිවරුන් තිදෙනාට කතාකරමින් ඔවුන් එන වේලාව විමසා තිබේ. එම අවස්ථාවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙන්ම මහින්ද අමරවීර අමාත්‍යවරයා ද පවසා ඇත්තේ තමන් තව සුළු මොහොතකින් රැස්වීම පැවැත්වෙන ස්ථානයට එනබවයි. 
 
 
කෙසේවුවද නාමල් රාජපක්ෂ ඇමතිවරයා රැස්වීමට එක්ව ඇත්තේ විමල් විරවංශ අමාත්‍යවරයාට ප්‍රදේශවාසීන් විසින් 'හූ' කියමින් විරෝධය පළකළාටත් පසුවය. 
  
අමාත්‍යවරයා රැස්වීම අමතමින් කියා සිටියේ, ''චමල් රාජපක්ෂ ඇමතිතුමා, නාමල් රාජපක්ෂ ඇමතිතුමා, ඔවුන් දෙපළ විශේෂ ඉල්ලීමක් කළා. ප්‍රදේශයේ ජනතාවගේ යම් නොසන්සුන්තාවයක් තියෙනවා. ඒ ජනතාව සමග සාකච්ඡා කරලා මේක කරනවා නම් හොඳයි කියලා. අපි දෙගොල්ලෝම මේ සාකච්ඡාවෙදි සෑහීමකට පත්වෙනවා නම් අපි මේ කටයුතු ඉදිරියට ගෙනියමු.'' කියාය. 
 
එම අවස්ථාවට පැමිණ සිටි පිරිසක් ඇමතිවරයාගේ ඉල්ලීමට විරෝධය පළ කරන්නට පියවරගෙන තිබුණ අතර අමාත්‍ය විමල් වීරවංශ එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ දැඩි විරෝධයක් එල්ල විය.
 
 
 
 
 
විමල් ව්‍යාජ දේශප්‍රේමයෙන් නූගත් පාක්ෂිකයින් චූන් කරනවා - මහින්ද කියයි 
 
මේ අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන ආචාර්ය මහින්ද පතිරණ පවසන්නේ, කිරින්දේ ඛනිජ වැලි නිධිය සම්බන්ධයෙන් විශේෂඥයින් විසින් සකසන ලද යෝජනාවලි කිහිපයක් ගැන රජය සාකච්ඡා කරමින් පමණක් තිබියදී විමල් වීරවංශ අමාත්‍යවරයා ව්‍යාජ දේශප්‍රේමී රංගනයක් ඔස්සේ තම පාක්ෂිකයින් චූන් කරමින් සිටින බවයි.
 
Mahinda pathiranaදැඩි බැසිල් වාදියකු වන මහින්ද පතිරණ සිය FB පිටුවේ එම කාරණය තව දුරටත් විග්‍රහකර ඇත්තේ මෙසේය. 
 
''කිරින්ද වැලි නිධිය මේ වන තෙක් කිසිදු සමාගමකට මෙහෙයුම් සඳහා ලබා දී නැත. ඒ පිළිබඳ විශේෂඥයින් විසින් සකසන ලද යෝජනාවලි කිහිපයක් තිබෙන අතර විවිධ අය විවිධ යෝජනා ගැන කතා කරමින් ඇත.
 
 විමල් වීරවංශ ඇමතිවරයා එම ස්ථානයට යන්නේ ඒ අතරය.  
 
ඔහු කල්පනා කළේ තම ව්‍යාජ දේශප්‍රේමි සළුව ඇඳ ගැනීමට මෙය නියම අවස්ථාවක් බවයි. ඒ හරහා තම නූගත් පාක්ෂිකයා චූන් කළ හැකිය. 
 
එහෙත් සත්‍ය තත්වය ඔහුගේ චූන්වාදයට බොහෝ දුරින් බව නම් කිව යුතුව ති⁣බේ. 
 
වැලි නිධිය, අදාළ ප්‍රදේශයේ ජනතාවට ද ප්‍රතිලාභ ලැබෙන ලෙස කැනීම් කටයුතු සිදුකර මෙම වැලි අගය එකතු කිරීමක් සහිතව අපනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. 
 
එසේ තිබිය දී එම ප්‍රදේශයට ගොස් තම බාල දේශපාලන බංකොළොත්බව බව පෙන්වීමට ඇමතිවරයා කටයුතු කිරීම නම් සැබැවින්ම කණගාටුදායක වේ. 
 
 
මේ මොහොතේ ලංකාවේ ටයිල් කර්මාන්තය නැගෙමින් තිබිය දී පිටරටින් ටයිල් ගෙන්වීම හරහා එම දේශීය කර්මාන්තය බිම දැමීමට කටයුතු කරන විට නොතිබු දේශප්‍රේමය කිසිදු තීරණයක් තාමත් නැති වැලි නිධිය සම්බන්ධයෙන් මතු වෙන්නේ ඒ හරහා ලොකු කුට්ටියක් ගැනීමට අවශ්‍ය නිසා දැයි සොයා බැලිය යුතුය. 
 
මේ අතර තවත් සොයා බැලිය යුතු කරුණක් වන්නේ පුල්මුඩේ ඛණිජ වැලි ඩොලර් 180කට පමණ විකිණිමට රජය විසින් යෝජනා කර තිබිය දී ඒවා ඒවා ඩොලර් 140කට දෙන්නේ කුමන හේතුව නිසා ද යන්නයි.
 
- මහින්ද පතිරණ
 
 

 

 

 


 

 
 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්