පොල් ආශ්‍රිත පාරම්පරික කර්මාන්තය විදේශ සමාගම්වල ආක්‍රමණයට නතු වීමේ අවධානමක් මතුව ඇතැයි
'ලාංකීය පොල් ආශ්‍රිත නිපැයුම්කරුවන් හා අපනයනකරුවන්ගේ හඩ' -COCOPEC) සංවිධානය පවසයි.
 
මෙම ආක්‍රමණය පරදවමින් ඉදිරියට යා හැකි බලවේගයක් නිර්මාණය කල යුතුයි යන්න පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ අදහස වී තිබේ.
 
දේශීය කර්මාන්තකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ලාංකීය පොල් ආශ්‍රිත නිපැයුම් කරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ සංසදයේ (Consortium of Coconut based Producers & Exporters of Ceylon – COCOPEC)  මංගල රැස්වීම පසුගියදා කුරුණෑගල දී පැවැති අතර ''කිසිම තරාතිරමක් හෝ ප්‍රමාණයක් නොමැතිව සියලූ ලාංකීය පොල් කර්මාන්තකරුවන්ගේ නියෝජනයක් හා ඔවුන්ගේ හඩ බවට පත්වීම” තම ප්‍රධාන අරමුණ බව එහි සමාරම්භක සභාපතිවරයා වන උපාලි වීරකෝන් එහිදී පැවසීය.
 
coco 1

coco 2

 
 
නිදහසින් පසු එළැඹි කාලය තුළ රටක් වශයෙන් සැලසුම් කළ සංවර්ධන ඉලක්ක බොහෝමයක් සපුරා ගැනීමට අප රටට නොහැකිව ඇති බවත්, සාපේක්ෂව අප රටට පසුපසින් සිටි බොහෝ රටවල් අප රට අභිබවා ගොස් දශක ගණනාවක් ගතව ඇති නමුත් අප රට අපැහැදිලි පැටළුම් ගොඩක් මැද සිරව සිටින බව නොරහසක් බවත් COCOPEC සංවිධානය පවසයි.
 
එම සංවිධානයේ සභාපති උපාලි වීරකෝන් විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන්වේ. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
''පත්වන සියළුම ආණ්ඩු පවසන්නේ නව කර්මාන්ත සහ නව නිෂ්පාදන දියුණු කිරීම ගැන වුවත් පවතින කර්මාන්ත රැකගෙන ඒවා වැඩි දියුණු කිරීමට සැලකිය යුතු වෙනසක් කිරිමට රාජ්‍යතන්ත්‍රය අපොහොසත් වී ඇත්තේ රටේ අවාසනාවට ය.''
  
කර්මාන්ත ගැන තීරණ ගැනෙන රාජ්‍යය තන්ත්‍රය, නිලධාරීන් හා දේශපාලන අධිකාරිය සිටින අතර බොහෝ විට ඔවුන්ගේ සැලසුම් කර්මාන්තකරුවන්ගේ අපේක්ෂා සමග සමපාත නොවීම විමසා බැලිය යුත්තකි.
 
 කර්මාන්ත ගැන දැනුවත් එමෙන්ම විදේශ වෙළෙඳපොළ ගැන දැනුවත් පිරිසක් රාජ්‍ය යාන්ත්‍රණය සහ දේශීය කර්මාන්ත කරුවා අතර හිඩස පිරවීම එහිලා අනිවාර්ය අවශ්‍යතාවයකි.
 
මේ වන විට ලංකාව පුරා විහිදී පවතින පොල් ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට සහ තීරණ ගැනීමට රාජ්‍ය ආයතන තුනක්ම සිටියද එකී කර්මාන්තය බොහෝ අවස්ථාවලදී අනන්ත අප්‍රමාණ අර්බුදවලට මුහුණපාන්නේ ලංකාවට විදේශ විනිමය ගෙන ආ හැකි මග පැහැදිලිව පෙනියදී, කර්මාන්තය තුලම සිටින ඇතැම් නිලධාරීන් සහ කර්මාන්තකරුවන්  මග නොපෙනෙනා උන් සේ බැදිවල යන නිසාය.
 
පොල් ගස ලංකාවේ මුහුදුබඩ පළාත්වල ව්‍යාප්තව තව දුරටත් රට තුළට ද කාලාන්තරයක් තිස්සේ ව්‍යාප්ත වූ බව අප කවුරුත් දන්නා සත්‍යයකි.
 
 මේ වන විට පොල් ගස කප්රුක ලෙස අපි හඳුන්වන්නේ දෙකෝටි විසි ලක්ෂයක් වන අප රටේ ජනතාවගේ ආහාරමය අවශ්‍යතාවල වැඩි වශයෙන්ම දායක වන එකම ශාකය මෙම තාල වර්ගයේ පොල් ගස වන නිසාය.
 
 පොල් මුලෙන් පටන් ගත් විට පොල් කොළයේ අග්ගිස්ස දක්වාම මහා පරිමාණ ප්‍රතිලාභ රටට ලබාදීමට පොල් ආශ්‍රිත කර්මාන්තය ට හැකි වන්නේ ආශ්‍රිත  නිෂ්පාදනවල තිරසාරබව (Sustainability) සහ එම නිෂ්පාදන වැඩි වශයෙන් කෘෂි රසායන වලින් තොර වීම නිසාය.
 
 

header farmers markets

කාබනික ආහාර (Organic Foods)  සොයන විදේශකයින් සහ පුනර්ජනනීය නිෂ්පාදන (Renewable Products) සිය නිෂ්පාදන වලට යොදා ගැනීමට කැමති විදේශිකයින් පොල් ආශ්‍රිත  නිෂ්පාදන භාවිතා කිරීමට ඇත්තේ දැඩි ලැදියාවකි.
 
ලොව පොල් නිෂ්පාදකයින් අතර ශ්‍රී ලංකාව හතරවෙනි ස්ථානයේ තිබුණද විදේශික සමාගම් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය දැක්වීමට ප්‍රධාන හේතුව වනුයේ අපගේ පොල් ගෙඩියෙ ඇති ගුණාත්මක භාවයයි. පොල් මදය, පොල් වතුර, පොල් කට්ට හා පොල් ලෙල්ලේ ඇති අධික ගුණාත්මකභාවය ප්‍රධාන සාධකය බවට පත්වී තිබේ.
 
එවන් විදේශ සමාගම් මුලින් අපගේ ගැනුම්කරුවන් ව සිට පසුව තමන්ගේම කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා එම නිෂ්පාදන සිය රටවලට ගෙන්වා ගැනීමට කටයුතු කරයි.
 
 තවද මෙම දේශීය මුහුණුවරින් එන විදේශීය ව්‍යාපාර තම විදේශ මුදල් ආයෝජනය කරමින් තම කර්මාන්තය පුලූල් කරමින් පවතී.
 
 එහිදී වැඩි කාලයක් ගත වීමට පෙර පොල් ආශ්‍රිත අපගේ පාරම්පරික කර්මාන්තය විදේශ සමාගම්වල ආක්‍රමණයට නතු වනු ඇත.
 
මෙම ආක්‍රමණය පරදවමින් ඉදිරියට යා හැකි බලවේගයක් නිර්මාණය කල යුතුයි යන්න පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත කරුවන් බොහෝ පිරිසකගේ අදහස වී තිබේ.
 
මෙම වාතාවරණය තුළ දේශීය කර්මාන්තකරුවා රැකගනිමින් රට ගැන සිතමින් කර්මාන්තයේ ප්‍රගතියට උරදෙමින් කර්මාන්තයේ ආශ්‍රිත විදේශ ආක්‍රමණය පරදවමින් ඉදිරියට යා හැකි බලවේගයක් නිර්මාණය කළ යුතුයි යන අදහස ලාංකීය පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන කොටස්කරුවන් අතර තහවුරු විය.
  
පොල් ආශ්‍රිත නිපැයුම් කරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ සංසදය බිහි වන්නේ එවන් පසුබිමක් තුළය. ඉතා කෙටි කලක් තුළ විශාල සාමාජික සංඛ්‍යාවක් ඉලක්ක කොටගෙන ඔවුන්ගේ නොවිසඳුණු ප්‍රශ්න රාජ්‍යතන්ත්‍රය  සමග සහයෝගයෙන් විසඳා ගනිමින් රටේ ඉදිරි ගමනට පොල් කර්මාන්තය තුළින් ලබාදිය යුතු දායකත්වය ලබාදීම COCOPEC ආයතනයේ අරමුණයි.
 
ඔබටත් එහි සාමාජිකත්වය ලබාගැනීමට අවශ්‍ය නම් පහත දුරකතන අංක වලට කතාකල හැකි අතර COCOPEC නිල වෙබ් අඩවිය වන https://www.google.com/url?q=http://www.cocopec.com&source=gmail&ust=1617247500555000&usg=AFQjCNGsTk8zjPUiUoEMs31z2g4AJw2V1g">www.cocopec.com  වෙතින්ද සාමාජිකත්ව පෝරමය ලබාගත හැක.
 
 
 
පසිදු -  076 085 1214 ( දිවයින පුරා ) 
බොනිෆස්  - 077 741 4389 ( පුත්තලම ) 
කල්පනී - 0718642024 ( කුරුනෑගල )  
කාර්යාලය : 0372230304
 
 

 

 


 

 

THE LEADER TV 
 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්