ස්වදේශිකත්වයට පණ දෙමින් පැවති 70-77 සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ වැටුණේ ෆීලික්ස් ඩයස්
අමාත්‍යවරයාගේ උද්දච්ච ක්‍රියාකලාපය නිසා බව පවසන අමාත්‍ය විමල් වීරවංශ, වත්මන් ආණ්ඩුව තුළ ද උද්දච්ච ෆීලික්ස් ඩයස්ලා සිටිය හැකි යයි කියා සිටියි.
 
එවකට ආණ්ඩුවේ සිටි වමේ පක්ෂ එළවා දමා තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට ෆීලික්ස් ඩයස් කල්පනා කළ බවද ඔහු පැවසීය.
 
අවසානයේ සිදුවූවේ 1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 08ට පල්ලම් බැස එක්සත් ජාතික පක්ෂ පාලනයක් බිහි වීම බවද ඇමැතිවරයා සදහන් කලේය.
 
ෆීලික්ස් ඩයසගේ එම උද්දච්ච හැසිරීම නොවේ නම් සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ නොවැටෙන බවද පැවසූ අමාත්‍යවරයා, නූතන දේශපාලනයේ ෆීලික්ස් ඩයස්ලා හරියට හඳුනාගෙන කල්පනාවෙන් කටයුතු කළ යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
ඇමතිවරයා මේබව කියා සිටියේ කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි. එහෙත් ඔහු බැසිල් රාජපක්ෂගේ නම සඳහන් නොකිරීමට වගබලා ගත්තේය. 
 

 
 
 
 
 
බැසිල් අව්‍යාජ මිනිහෙක් ....!
 
මේ අතර දැඩි බැසිල්වාදියකුවන පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පවසන්නේ, බැසිල් රාජපක්ෂ වැනි අවංක, ඍජු ප්‍රතිපත්ති සහිත හා ජනතාවාදී ව සිතන හා එසේ සිතන ලෙස බල කරන අව්‍යාජ මිනිසෙකුගේ දේශපාලනය විස්වාස කරන තමාට ව්‍යාජ දේශපාලනය හා දේශපාලකයින් නම් පෙනෙන්නට බැරි බවයි.
 
බැසිල් රාජපක්ෂ සමග බොහෝ අය අමනාප වන්නේ ඔහුගෙන් පුද්ගලික වාසි ගත නොහැකි නිසා බව පවසන මහින්ද පතිරණ, 'එවැනි ඉල්ලීම් ද ඔහු වෙත කළ නොහැකි බව ඔහුව දන්නෝ දනිති.' යයි ද කියා සිටියි.
 
''එහෙත් එවැනි ඉල්ලීම් නැති අපට කියාපු දේශපාලන ගුරුවරයා ඔහු වේ. මම එසේ කීමට බිය නොවෙමි.'' ඔහු එසේ සටහන් කර ඇත්තේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

 

gsdfg


 

THE LEADER TV 
 

රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!

69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්