"දශකයක් තීන්දු කළ වසරක එක්තරා මාසයක සාමාන්‍ය දවසක විය හැකිව තිබූ සිද්ධියක රංගය"
සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "2019 ජූලි මාසේ දවසක්" එළඹෙන මැයි මස දී රංගගත කිරීමට නියමිත ය.
 
ඒ මැයි 7, 8 සහ 9 තෙදින රාත්‍රී 7ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී ය.
 
ජයනි සේනානායක, අනුරාධ මල්ලවආරච්චි, සමාධි ලක්සිරි, උමයන්ගනා වික්‍රමසිංහ, සම්පත් ජයවීර, නලින් ලුසේනා, ගිහාන් ද චිකේරා සහ අනුක් ප්‍රනාන්දු මෙම වේදිකා රංගයේ චරිත මවති.
 
90 දශකයේ මැද භාගයේ මෙරට නාට්‍ය වේදිකාවට පිවිසුණු රාජිත දිසානායක අතින් නිර්මාණය වූ වීරයා මැරිලා, සිහින හොරු අරන්, බකමූණා වීදි බහියි, සිරිවර්ධන පවුල, ආපසු හැරෙන්න බෑ, නැතුව බැරි මිනිහෙක්, හිතල ගත්තු තීරණයක් වැනි වේදිකා නිර්මාණ ප්‍රේක්ෂකාගාරය දිනා ගැනීමට සමත් වූ නිර්මාණ වේ.
 
 
(අවාරා)
 
 
 166641710 3846756955362035 3138071380873229778 n
 
THE LEADER TV 
 
 'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ? 
 

 

රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්