පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් විසින් බුස්ස බන්ධනාගාරයේ සිරකරුවන්  දිගින් දිගටම විශාල වධ හිංසනයකට ලක් කරන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම
සංවිධානයක් චෝදනා කරයි.
 
 වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී අප්‍රේල් 08 බ්‍රහස්පතින්දා විරෝධතාවයක් පවත්වා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  තුෂාර උපුල්දෙනිය වෙත සන්දේශයක් භාර දීමෙන් අනතුරුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අගනගරයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ රැදවියන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි බවයි.
 
 බුස්ස බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර කිහිපයක පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් යොදවා සිරකරුවන් වධ හිංසනයකට ලක් කිරීම හෙලා දකින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ  ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා  එහිදී අවධාරණය කළේය.
 
එම කමිටුවේ  සභාපතී නීතිඥ සේනක පෙරේරා සදහන් කළේ පුද්ගලයන් ගේ ඇඳුම් ඉවත් කරමින් සිදු කරන පරීක්ෂණ නවතා දමා ඒ සදහා  තාක්ෂණය භාවිත කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගෙන් ඉල්ලා සිටි බවයි.
 
 "එතුමා කිව්වා ලබන අවුරුද්දේ ඒ සම්බන්ධයෙන් සොයා බලලා ඒ අවශ්‍ය කටයුතු කරනවා කියලා."
 
 සිරකරුවන්ගේ අයිතීන් දිනා දීම වෙනුවෙන් සිදු කරන අරගලය දිගින් දිගටම සිදු කරන බව නීතිඥ සේනක පෙරේරා එහිදී වැඩි දුරටත් සහතික විය.
 
 
 
පසුගිය වසර අගදී මහර හීරගෙදර එකොලොස් දෙනකු මරා දමා තවත් සියයකට අධික පිරිසකට තුවාල සිදු කළ වෙඩි තැබීම ගැන බන්ධනාගාර නිලධාරීන් චෝදනා ලබන අතර එම අපරාධය සියැසින් දුටු සිරකරුවන්ට බරපතල වධහිංසා කළ බවට පොලිස් විශේෂ කාර්ය සාධක බලකායට චෝදනා එල්ල වී තිබේ.  
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  තුෂාර උපුල්දෙනිය වෙත ලබා දුන් ලිපියේ සදහන් දැනට බන්ධනාගාරයේ පවතින බවට හඳුනාගෙන තිබෙන ගැටළු පහත පරිදි වේ.
 
 01. බන්ධනාගාර රැඳවියන්ට ලැබෙන ආහාර, බෙහෙත් ඇතුළු සනීපාරක්ෂක පහසුකම් වල පවතින අඩුපාඩු,
 02. බන්ධනාගාර රැඳවියන්ට සිදුවන වධහිංසා සහ වෙනත් ආකාරයේ අමානුෂික ක්‍රියාවන් (දැනට බුස්ස බන්ධනාගාරගත රැදවියන්ට මෙකි වධහිංසා සිදු වන බවට තොරතුරු ලැබී තිබේ.)
 03. රැඳවියන් සදහා සම්පුර්ණ සමාජ විද්‍යාත්මක පදනමක් මත සැකසුනු පුනුරුත්ථාපන වැඩ පිළිවෙලක් නොමැති වීම,
04. බන්ධනාගාර ආඥා පනත යටතේ සිරකරු සමාලෝචන ක්‍රියාවලිය කාර්යක්ෂමව හා විනිවිද පෙනෙන සුළු භාවයකින් යුතුව ක්‍රියාත්මක නොවීම,
05.  රැඳවියන් බැලීම සදහා ඔවුන්ගේ ඥාතීන්ට හා අමුත්තන්ට ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති වීමත්, බොහෝ අවස්ථාවල ඥාතීන් සහ අමුත්තන් අපහසුතාවයට පත් වීම,
06.  රැඳවියන්ට තම පවුලේ අය සමග අදහස් හුවමාරු කිරීම සදහා ප්‍රමාණවත් සන්නිවේදන පහසුකම් නොතිබීම,
07.  රැඳවියන් සදහා නීතිඥ නියෝජනය ලබා ගැනීමේදී ඇති වී තිබෙන දුෂ්කරතාවයන්,
 
 
08. ඇප ලබා දී හෝ අධිකරණයෙන් නිදහස් වී සිටින සිරකරුවන් ඉතා ඉක්මනින් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ වැඩ පිළිවෙලක් නොතිබීම,
09. කොවිඩ් 19 ඇතුළු අනෙකුත් වසංගත රෝග රැඳවියන් අතර පැතිරීම වැලැක්වීම සදහා සෞඛ්‍ය  විද්‍යාත්මක ක්‍රමවේදයක් නොතිබීම.

 

THE LEADER TV

 

මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්