ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු මේ රට කොල්ලකමින් සිටින බවත් සියලුම තීන්දු තීරන ගනු ලබන්නේ 'මිස්ටර් ටුවෙන්ටි ප්‍රසන්ට්' බවත් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පැවසිය.

  ගෝඨාභය කරන්නේ පඹයෙක්ගේ භුමිකාව බවත්, ඔහු බැසිල්ගේ අතකොළුවක් පමණක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
 
ඔහු එබව සඳහන් කළේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා, නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (15) පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.
 
කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බවත්, එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
 
රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය ‍පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
 
යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වූ බව ද කීවේය.
 
 
 

 

විජේදාසට ඇමතිකමක්…?
 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂට අමාත්‍ය ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් පසුගිය දිනවල බැසිල් රාජපක්ෂගේ අවධානය යොමු වී තිබුන බව ආණ්ඩුවේ ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
 
ඒ අනුව, අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන දිනක දී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයට ඇමතිධූරයක් ලැබෙනු ඇති බවක් ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණ.
 
කෙසේ වෙතත් විජයදාස රාජපක්ෂ පසුගියදා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ තමන් මෙම ආණ්ඩුවේ ඇමති ධූරයක් නොලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවය.
 
නව ආණ්ඩුවේ ඇමති ධූර ඇමතිවරුන් දිවුරුම් දුන් දිනයේදී විජේදාස රාජපක්ෂට යෝජනා වූ ඇමති ධූරය භාරගැනීම සඳහා ඔහු පැමිණ සිටියේ නැත.
 
විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ දිනයේ බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගනිමින් බරපතල ප්‍රකාශයක් කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගන්නා බව සහතික කරමිනි. 
 
 
##################
THE LEADER TV 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්