The Leader News
BREAKING
‘මම තනියම’ ජාත්‍යන්තර සම්මාන ලබයි●මයික්‍රොසොෆ්ට් සේවකයින් හැටදහසකට ස්වේච්ඡා ඉවත්වීමේ වන්දි පැකේජයක්●ආටානාටියට අනුව ලියැවුණු වස් කවිය සහ බෞද්ධ සංස්කෘතිය●සෙන්ට්‍රල් බෑන්ක් ඉන්දීය මහ බැංකු ගිණුමෙන් කෝටි 14ක අබිරහස් මංකොල්ලයක්●ඕස්ට්‍රේලියානු සංචාරක සටන: ජෙට්ස්ටාර් පෙරළියට ශ්‍රීලංකන් ප්‍රතිචාරය●මානව හිමිකම් නිර්දේශ හමස්පෙට්ටියට: කොමිසමෙන් දැඩි බලතල ඉල්ලීමක්●සිනමා ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්●ජලාශ පිරී ඉතිරෙද්දී විදුලි බිල අඩු කළ නොහැකිද?●'ඔර්නබ්' වක්‍ර බලපෑමෙන් දිස්ත්‍රික්ක 12කට මහ වැසි●‘පිට කවරය බලා’ තවත් දෙමළ පොත් තොග රේගු අඩස්සියේ●
Top Ad
පුවත්

ගෝඨාභය, විජේදාසට තග දායි! -වහාම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි!

T

The Leader Desk

April 16, 2021 • 5:12 AM

ගෝඨාභය, විජේදාසට තග දායි! -වහාම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ත්‍රීවරයාගේ සමීපතමයකු පැවසුයේ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද දහවල් 11.00ට මන්ත්‍රීවරයාගේ නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීමට තීරණය කර ඇති බවයි.
  • ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු මේ රට කොල්ලකමින් සිටින බවටත්, ජනාධිපතිවරයා පඹයකු කර රජයේ සියලුම තීන්දු තීරන ගනු ලබන්නේ 'මිස්ටර් ටුවෙන්ටි ප්‍රසන්ට්' බවටත් නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවේදී විජේදාස මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
  • මෙරට නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ බව පැවසු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, අද වන විට ගෝඨාභය රාජපක්ෂ මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ඔහු පඹයෙක් ගේ චරිතය රඟපාන බවත් පැවසීය.
  • අද වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂගේ අතකොලුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 මන්ත්‍රීවරයාගේ සමීපතමයකු පැවසුයේ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද දහවල් 11.00ට මන්ත්‍රීවරයාගේ නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීමට තීරණය කර ඇති බවයි.
 
ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු මේ රට කොල්ලකමින් සිටින බවටත්, ජනාධිපතිවරයා පඹයකු කර රජයේ සියලුම තීන්දු තීරන ගනු ලබන්නේ 'මිස්ටර් ටුවෙන්ටි ප්‍රසන්ට්' බවටත් නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවේදී විජේදාස මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
 
එහිදී අගමැති මහින්දගේ ගුණවර්ණනා කළ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
 
මෙරට නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ බව පැවසු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, අද වන විට ගෝඨාභය රාජපක්ෂ මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ඔහු පඹයෙක් ගේ චරිතය රඟපාන බවත් පැවසීය.
 
අද වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂගේ අතකොලුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.
 
අගමැති මහින්ද රාජපක්ෂ කියන දෙයක් ඒ කිසිවකු ගණන් නොගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 
‘ගම සමග පිළිසඳර’ බාල බොලද වැඩක්..
 
 
 
අද වන විට ශ්‍රී ලංකාව මහා අරාජික තත්ත්වයකට පත්වී ඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
 
ඒ නිසා ගම සමග පිළිසඳර සෙල්ලම නතර කරන්නැයි ජනාධිපතිගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
 
ජනාධිපතිවරයා එවන් බාල බොළඳ වැඩ නොකළ යුතු බවද කී මන්ත්‍රීවරයා, ගම සමග පිළිසඳර සිදු කිරීමට ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් 8,400ක් රට පුරා සිටින බවද සඳහන් කළේය.
 
ආර්ථිකය කඩා වැටුනු, ගිනිගන්නා රටේ ඇත්ත ප්‍රශ්ණ විසදීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් ඔහු කියා සිටියේය.
 
 
 
ජනාධිපති ගෙන් ආනන්ද හිමියන්ටත් දුරකථන ඇමතුමක්
 

 

මෙම මාධ්‍ය හමුව රුපවාහිනී නාලිකා හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති ජනාධිපතිවරයා, විජේදාස මන්ත්‍රී වරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩිලෙස දෝෂාරෝපණය කර ඇත.

 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ අවවාද අනුශාසන තමන් ඉදිරියටත් බලාපොරොත්තුවන බව පවසා ඇති ජනාධිපතිවරයා, විජේදාස මන්ත්‍රීවරයාව හඳුන්වා ඇත්තේ ඌරකු ලෙසයි.

 

##################
THE LEADER TV 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...