The Leader News
BREAKING
අජිත් තිලකසේන ගේ නිර්මාණ පිළිබඳ මතවාද දෙකක්●ගෝලීය කම්පන හමුවේ ආර්ථිකයට මාස තුනේ සැලසුමක්●‘මම තනියම’ ජාත්‍යන්තර සම්මාන ලබයි●මයික්‍රොසොෆ්ට් සේවකයින් හැටදහසකට ස්වේච්ඡා ඉවත්වීමේ වන්දි පැකේජයක්●ආටානාටියට අනුව ලියැවුණු වස් කවිය සහ බෞද්ධ සංස්කෘතිය●සෙන්ට්‍රල් බෑන්ක් ඉන්දීය මහ බැංකු ගිණුමෙන් කෝටි 14ක අබිරහස් මංකොල්ලයක්●ඕස්ට්‍රේලියානු සංචාරක සටන: ජෙට්ස්ටාර් පෙරළියට ශ්‍රීලංකන් ප්‍රතිචාරය●මානව හිමිකම් නිර්දේශ හමස්පෙට්ටියට: කොමිසමෙන් දැඩි බලතල ඉල්ලීමක්●සිනමා ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්●ජලාශ පිරී ඉතිරෙද්දී විදුලි බිල අඩු කළ නොහැකිද?●
Top Ad
සාහිත්‍ය - කලා

‘මම තනියම’ ජාත්‍යන්තර සම්මාන ලබයි

Nethmini

Nethmini

October 27, 2026 • 1:43 PM

‘මම තනියම’ ජාත්‍යන්තර සම්මාන ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රොහාන් වැලිවිට අධ්‍යක්ෂණය කළ ‘මම තනියම’ ඉන්දියා චිකාගෝ ජාත්‍යන්තර සිනමා උලෙළෙහි හොඳ ම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගනී.
  • මෙම සම්මානය ශ්‍රී ලාංකේය සිනමාවේ මෙන්ම රොහාන් වැලිවිටගේ සිනමා දිවියේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතු ය.
  • මෙහි සිනමා නිර්මාණය සඳහා: චමීර ලියනගේ , නෙතලි නානායක්කාර, ගාමිණී ජයලත් , දුමී වන්නිආරච්චි , කුමාර කරුණානන්ද , නිමල් පල්ලෙවත්ත සහ සුදර්ශනී ගැලනිගම ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් දායක වෙති.
  • කැමරා අධ්‍යක්ෂණය ත්‍රිශුල දීප තඹවිට විසින් සිදුකර ඇති අතර , කලා අධ්‍යක්ෂණය චන්දන පීරිස්ගෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

රොහාන් වැලිවිට අධ්‍යක්ෂණය කළ ‘මම තනියම’ ඉන්දියා චිකාගෝ ජාත්‍යන්තර සිනමා උලෙළෙහි හොඳ ම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගනී.

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ රොහාන් වැලිවිට අධ්‍යක්ෂණය කළ ‘මම තනියම’ (Mama Taniyama – I Am Alone) චිත්‍රපටය ඉන්දියා චිකාගෝ ජාත්‍යන්තර සිනමා උලෙළේ (India Chicago International Film Festival) ‘හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය’ ට (Best International Feature Film) හිමි සම්මානය දිනාගෙන තිබේ.

ඉන්දියා චිකාගෝ ජාත්‍යන්තර සිනමා උලෙළ යනු ලොව පුරා සිටින සිනමා නිර්මාණකරුවන් ගේ දක්ෂතා ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර වේදිකාවකි.

මෙම සම්මානය ශ්‍රී ලාංකේය සිනමාවේ මෙන්ම රොහාන් වැලිවිටගේ සිනමා දිවියේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතු ය.

‘මම තනියම’ ඔහු ගේ දෙවන සිනමා නිර්මාණය යි. මෙහි සිනමා නිර්මාණය සඳහා: චමීර ලියනගේ, නෙතලි නානායක්කාර, ගාමිණී ජයලත්, දුමී වන්නිආරච්චි, කුමාර කරුණානන්ද, නිමල් පල්ලෙවත්ත සහ සුදර්ශනී ගැලනිගම ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් දායක වෙති.

චිත්‍රපටයේ කතා සංකල්පය, දෙබස් සහ තිර රචනය චන්දන සමරසේකරගෙනි. කැමරා අධ්‍යක්ෂණය ත්‍රිශුල දීප තඹවිට විසින් සිදුකර ඇති අතර, කලා අධ්‍යක්ෂණය චන්දන පීරිස්ගෙනි. නිෂ්පාදන සැලසුම්කරණය දීප්ති වීරසූරිය විසිනි. සංස්කරණය අනුෂ ජයවර්ධනගෙනි. වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර විසිනි. සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ ගෙනි.

මාර්ක් ප්‍රනාන්දු සහ රජිත මනරම් චිසින් නිෂ්පාදය කරන ලද ' මම තනියම' ළඟදී ම මෙරට සිනමා හල්වල තිරගත වීමට නියමිත ය.

මූලාශ්‍ර - I cinema face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...