2019 අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී
 
රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. 
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ, රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
මොවුන්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
 
 

 
 
අත්අඩංගුවට ගැනීමට පෙර සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නොපෙන්වූ බවයි. 
 
එමෙන්ම මන්ත්‍රීවරයෙක් වන තමන් අත්අඩංගුවට ගැනීම ගැන කතානායකවරයාද නොදැනුවත් බවත් කුමන චෝදනාවකට අත්අඩංගුවට ගන්නේදැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.
 
 

 
 
 

  WhatsApp Image 2021 04 24 at 8.10.51 AM

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා එම වීඩියෝවේ මෙසේ පවසයි. 

වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.
කතානායක දැනුවත් කළාද ඇහුවා.
එයාලා උත්තර දුන් නෑ..!

ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා.
මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.
පාන්දර දෙක හමාරට තුනට විතර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත්
යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා.

මං පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්..!
ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා.
එයාලා උත්තර දුන් නෑ.

වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.
ඒකටත් උත්තර දුන් නෑ.
මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නෑ.

මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ.
මගේ අත් පිරිසිදුයි.''

  

 
##################
THE LEADER TV 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
වගකීමක් නැති උද්ධච්ච පාලනය නිසා රට පුරාම කොරෝනා අවධානමක්! - රවී කුමුදේශ් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්