කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් පෞද්ගලික අංශ විසින් සංවිධානය කරන ජාතික තලයේ තරඟ
නියාමනයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සූදානම් වේ. 
 
ලෝක විවාහක රූ රුජින තරඟයෙන් රටට ඇති වූ අපකීර්තියට වග කියන්න කිසිවෙක් නොමැතිවීම හේතුවෙන් මින් ඉදිරියේ දී කාන්තාවන් මුල් කර ගනිමින් සිදුකරන එවන් ජාතික වැඩසටහන් සංවිධානය කිරීමේදී කාන්තාවන්ගේ අභිමානය සහ ගරුත්වය රැකෙන පරිදි නියාමනයක් සිදුකරන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසීය. 
 
ඔහු එබව පැවසූයේ බ්‍රහස්පතින්දා (22) පස්වරුවේ කළුතර දී පැවැති මාධ්‍ය සාකච්ඡාවලට එකවෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය. 
 
"පසුගිය දිනවල" කැරොලයින් ගැලවූ 2020 කිරුළ අයර්ලන්තයට" කියලා පුවත් පළ වුණා. එයින් රටක් හැටියට ශ්‍රී ලංකාවට යම් මට්ටමකට අපකීර්තියක් ඇති වුණා. එහි වගකීම ගන්න දැන් කවුරුවත් නැහැ. 
 
කිරුළ අහිමි වීම පමණක්ම නොවෙයි රටක් හැටියට නම පාවිච්චි කරලා සිදු කරපු වැඩක් නිසා අපකීර්තියක් ද ඇති වෙලා. 
 
කිරුළ අහිමිවීම ගැන දුකක් නැති වුණත්, අන්තිමට වුණේ අපිට කිරුළත් නැති වුණා., කීර්තියත් නැති වුණා. 
 
මින් ඉදිරියේදී කාන්තාව හා දරුවන් මුල් කර ගනිමින් ජාතික මට්ටමින් පැවැත්වෙන් පුද්ගලික අංශ විසින් සංවිධානය කරන වැඩසටහන් ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යෑමට අමාත්‍යංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා". 
 
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරයා මෙසේ රුපසුන්දරියන් සම්බන්ධයෙන් මෙසේ විශේෂ අවධානයක් යොමුකිරීමට සුදානම් වන්නේ, මෙරට ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් එම අමාත්‍යංශය වෙත පැවරුන බරපතල වගකීම් රැසක් තිබියදීය.

 

5214


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්