ත්‍රස්ත විරෝධී මර්දන නීති  යොදා ගනිමින් අවුරුද්දකට ඉහතදී අත්අඩංගුවට ගනු ලැබූ මුස්ලිම් සිවිල් ක්‍රියාධරයන් දෙදෙනකුට

එරෙහි නඩු ඉවත් කර ගැනීම සඳහා මේ රාමදාන් මාසයේ ලොව පුරා ජනතාවගේ සහාය ඉල්ලමින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පෙත්සම් දෙකක්  දියත් කර තිබේ.

 
නීතිඥ හෙජාස් හිස්බුල්ලා 2020 අප්‍රේල් මස සිට මේ දක්වා කිසිඳු නඩු පැවරීමකින් තොරව රඳවා තබාගෙන සිටින  අතර, 2020 අප්‍රේල් මසදීම අත්අඩංගුවට ගත්  විශ්‍රාමික රජයේ නිලධාරියකු හා සමාජ මාධ්‍ය ක්‍රියාධරයකු වන රම්සි රසීක් 2020 සැප්තැම්බර් මාසයේදී ඇප මත නිදහස් කර යවන ලදී.
 
Hijaz H
නීතිඥ හෙජාස් හිස්බුල්ලා
 
මානව හිමිකම් සහ ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ප්‍රබල නීතිඥයකු ලෙස ප්‍රසිද්ධියක්  උසුලන හෙජාස් හිස්බුල්ලා 2020 අප්‍රේල් 14 දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගනු ලැබිණි. අවුරුද්දක් පුරා කිසිදු චෝදනාවක් හෝ නඩු විභාගයකින් තොරව ඔහු  රඳවාගනු ලැබූ අතර, ඔහුගේ පවුලේ ඥාතීන්ට හෝ නීති උපදේශකයකුට ඔහු වෙත නිසි ප්‍රවේශයක් ලබා දුන්නේ  ද නැති බව ඇම්නස්ටිය පෙන්වා දෙයි.
 
අත්අඩංගුවට ගැනීමට පෙර දින, මුස්ලිම් ආගමික පිළිවෙත් උල්ලංඝනය කරමින් කොරෝනා ආසාදිතවූවන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට විරෝධය දක්වන ප්‍රකාශයකට ඔහු සම්බන්ධ වී තිබුණි.
 
ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවත්නා  අනනුකූලතාවයන් හඳුනාගනිමින්, PTA පනත සංශෝදනය කිරීමට රජය විසින් පොරොන්දු වී සිටියදීත්, 2021 මාර්තු මාසයේදී, නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, භාෂණය සම්බන්ධයෙන් වන වැරදි හේතුවෙන් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලබන බවය.
 
කෙසේ වෙතත් එවැනි කිසිදු අධිචෝදනාවක් ගොනු කරනු ලැබීමකින් තොරව, මේ මොහොත දක්වා ඔහු රැදවුම්භාරයේ පසු වෙයි.
 
නීතිඥ හෙජාස් හිස්බුල්ලා විසින් සිදු කරන ලද වරදක් සම්බන්ධයෙන් කිසිඳු විශ්වාසනීය සාක්ෂියක් අධිකරණය හමුවට  ඉදිරිපත් කිරීමට ඔහු රඳවාගෙන සිටි වසරක කාලයක් පුරාවට බලධාරීන් අපොහොසත්ව ඇතැයි ඇම්නස්ටි ජාත්‍යන්තරය අවධාරණය කරයි.
 
 ramzy razeek
 රම්සි රසික්
 
  
සමාජ මාධ්‍ය තුළ මෙන්ම පුවත්පත් හා ජනමාධ්‍ය තුළත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි තෙබසින්ම සිය අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන රම්සි රසික් අප්‍රේල් 9 දා, රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ කෝවිඩ්19 වසංගතය තුළ පැතිර යන අන්තවාදය පරාජය කිරීමට ‘චින්තන ජිහාදයකට' සුදානම් විය යුතු බවට යොදා තිබු සටහනක් හේතුවෙනි.
 
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත සහ පරිගණක අපරාධ පනත, පදනම් ලෙස දක්වමින් පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
 
ලංකාවද පාර්ශවයක් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමන්ට ඇති වගකීම ඉටුකිරීම වෙනුවෙන් සම්මත කරගනු ලැබූ ICCPR පනත විකල්ප මතධාරීන් මර්දනයට යොදාගැනීම ගැන දේශීය හා ජාත්‍යන්තර අපවාදයට රජය මුහුණ දී සිටී. 
  
දේශිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ දැඩි  විරෝධතා මධ්‍යයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යොදා ගනිමින් සිරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන රම්සි රසික් ට සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා මහාධිකරණයෙන් ඇප නිර්දේශ වුයේ  දින 161 ක් සිරගත කර තැබීමෙන්  පසුවයි.
 
ඇප මත නිදහස් කරන ලද මුත්, ඔහුට එරෙහි අපරාධ විමර්ශන තවමත් අවසන් කර නොමැත.
 
ICCPR පනත යටතේ වරදකරු කරනු ලැබුවහොත් ඔහුට වසර 10ක් දක්වා වන සිර දඬුවමකට මුහුණ  දීමේ අනතුරක්ද පවති.
 
රජය විසින් ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කරනු වෙනුවට එය සීමා කිරීම සඳහා ICCPR පනත අවභාවිත කර ඇති අවස්ථා කිහිපයකින් එකක් ලෙස රම්සි රසික්ගේ අත්අඩංගුවට ගැනීම, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
 Amnesty International
මෙම තොරතුරු පැහැදිලි කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, හෙජාස් හිස්බුල්ලා නිදහස් කරන ලෙසටත්, රම්සි රසීක්ට එරෙහි සියලු චෝදනා අතහැර දමන ලෙසටත්, ICCPR පනත අවභාවිතය නැවැත්වීමටත් ශ්‍රී ලංකා රජයට බල කිරීමට සහය ලබා දෙන ලෙසයි.
  
පහත දැක්වෙන යොමු ඔස්සේ  ඒ සදහා දායක වන ලෙස ක්ෂමා ජාත්‍යන්තරය ඉල්ලා සිටී.
 

 

 


 

THE LEADER TV 
 

පාර්ලිමේන්තු බහිරවයින්ට ආණ්ඩුවෙන් වාහන 225ක පිදෙනියක්!

 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්