විපක්ෂය නියෝජනය කරන ජනතා නියෝජිතවරියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී මන්ත්‍රීවරියන් අතර  පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.
 
 
ඒ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් එම ලේඛනයේ අවසන් ස්ථානයට පත්ව සිටියදීය.
 
2020 වසරේ අගෝස්තු මස සිට 2021 පෙබරවාරි දක්වා වු පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා හරහා ලබාගත් මන්ත්‍රීවරුන්ගේ වාචික දායකත්වය පිළිබද දත්ත ඇසුරින් කරන ලද විශ්ලේෂනයක් මද පදනම්ව Manthri.lk වෙබ් අඩවිය විසින් එම තොරතුරු  අනාවරණය කර තිබේ.
 
එහි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිනියන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ සමගි ජන බලවේගය නියෝජනය කරන රෝහිණි කුමාරි විජේරත්න ය.
 
Rohini
රෝහිණි කුමාරි විජේරත්න 
 
 
පාර්ලිමේන්තුවේ ඇයට හිමිව ඇති සමස්ත ‌ශ්‍රේණිය 31 ය. පාර්ලිමේන්තුවට පැමිනීම අතින් ද ඇය සෙසු මන්ත්‍රීවරියන් අතර පෙරමුණ ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පවිත්‍රාදේවි වන්නිආරච්චි සමස්ත ශ්‍රේණිය 48 ක් ලෙස සනිටුහන් කර ගනිමින්  ක්‍රියාකාරී මන්ත්‍රීවරියන් අතර  දෙවන තැනට පත් වෙද්දි ජාතික ජන බලවේගයේ හරිනි අමරසුරිය තෙවන ස්ථානයට පත්ව ඇත්තේ සමස්ත ශ්‍රේණිය 64 ක් ලෙසට සටහන් කරගනිමිනි.
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන් දොලොස් දෙනා අතුරින් අඩුම ක්‍රියාකාරීත්වය සටහන් වී ඇත්තේ ජනප්‍රිය නිලියක්ද වන ගීතා සමන්මලී කුමාරසිංහගේ නම ඉදිරියේය.
 
 
 
කාන්තා නියෝජනය:
 
 PMW
ජාතික ලැයිස්තුවෙන් සිවු දෙනෙකු සහ මහජන ඡන්දයෙන් අට දෙනෙකු වශයෙන් පත්වූ මන්ත්‍රීවරියන්  දොලොස් දෙනෙකු ශ්‍රී ලංකාවේ නමවන පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
 
ඒ අතර විශේෂඥ වෛද්‍යවරියන් දෙදෙනෙකි. බහුතරය නිතීඥවරියන් වන අතර තවත් කිහිප දෙනෙකු ගුරුවරියන් වේ.
 
නම වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් අට දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.
 
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල සහ මංජුලා වීරකෝන් දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ද, ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද, ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට පිවිසුනාය.
 
නව වැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 5.3% කි.

 

 

 


 

 

THE LEADER TV 
 

රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක්

 

එංගලන්ත ප්‍රභේදය කියන්නේ අලුත් ප්‍රභේදයක් නොවේ - රවී කුමුදේශ්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්