සාමකාමී විරෝධයට ඇති අයිතිය අහිමි කිරීම භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීමක් බව 'මාධ්‍ය  සංවිධාන එකතුව' පවසයි. 
 
 
ප්‍රභූ රථ පෙළකට යෑම සඳහා පොලිසිය විසින් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නතර කිරීමට එරෙහිව පසුගිය දිනෙක සාමකාමී විරෝධයක් දැක්වීමට මූලික වූ බත්තරමුල්ල ප්‍රදේශයේ තරුණයෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළා යැයි පවසමින් අත්අඩංගුවට ගත් බව ජනමාධ්‍ය අද (30) උදෑසන වාර්තා කර තිබූ අතර, මෙවැනි අත්අඩංගුවට ගැනීම් හරහා සාමකාමී විරෝධතාවයන් සඳහා ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇති බැවින් මාධ්‍ය සංවිධාන එකතුව ඊට දැඩි විරෝධතාවය පළ කර සිටී.
 
 
'මාධ්‍ය සංවිධාන එකතුව' එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 

00010002

 
 
මීට අදාළ සිදුවීම සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පසුගිය දා දැක ගැනීමට ලැබුණු අතර සාමාන්‍ය ජනතාව ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නතර කර ප්‍රභූ රථ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට එරෙහිව තරුණයකු කටයුතු කරන ආකාරය එහි දක්නට ලැබිණි. 
 
එලෙස රාත්‍රී කාලයේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සියලු රථවාහන නතර කර රඳවාගෙන තිබෙන්නේ කිසිදු හදිසි අවශ්‍යතාවයක් සඳහා නොව ප්‍රභූ රථ වෙනුවෙන් බව පවසමින් එහි රැඳී සිටින සියලු රථ වාහනවල නළා නාද කර විරෝධතාවය දක්වන ලෙස එම තරුණයා ඉල්ලා සිටින බව එම වීඩියෝ පටය අනුව පැහැදිලිවේ.
 
 
යම් ක්‍රියාවකට එරෙහිව තම විරෝධය දැක්වීමට ඕනෑම පුරවැසියකුට අයිතිය තිබේ. 
 
ඒ බව මීට පෙර ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ගණනාවකින්ම පිළිගෙන තිබේ.
 
 සුප්‍රකට අමරතුංග එදිරිව සිරිමල් සහ වෙනත් අය  හෙවත් ජනඝෝෂා නඩුව (264 SLR  (1993) 1) ඊට දැක්විය හැකි හොඳම නිදර්ශනයකි. 
 
7b8b274a ad30 44f9 b6af 713a5bb25fe2
 
හෝන් ගහල VIP රථ වාහන පෙලට විරෝදය දක්වපු තරුණයෙක් අත් අඩංගුවට ගෙන ඇති මොහොතේ ඔබ කියවිය යුතුම සටහනක් Wasantha Siri Watagoda සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත. 
 
එම සටහන පහත පළවේ.
 
 
 
අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය 
(ජන ඝෝෂා නඩුව) 1993
 
මෙය ශ්‍රේෂ්ඨාධීකරනයේ 468 /92 ලෙස දැක්වේ. ජනඝෝශා නඩුව නමින් හදුන්වන මෙය 1993 දී විභාගයට ගන්නා ලදී. 
 
විපක්‍ෂ 1992 ජූලි මස 1 දින ජන ඝෝෂා ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. කවර හෝ ස්ථානයක සිටියද එදින 12 ට කුමන හෝ විශාල ශබ්දයක් කිරීමෙන් රජයට විරෝධය ප්‍රකාශ කරන ලෙස එම විරෝධත්වය සංවිධානය කළ විපක්ෂයේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.
 
 විරෝධය දැක්වීමේදී තමාගේ සහභාගීත්වයට පොලීසිය විසින් නොයෙක් ආකාරයේ බාධා පමුණුවන ලද හොරණ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් වන දයාසේන අමරතුංග බලයේ සිටින රජය විවේචනය කිරීමට තමාට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංගනය කරනු ලැබීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කලේ ය. 
 
මෙම නඩුවේ විශේෂත්වය වන්නේ අනාගතයේදි ඒ හා සමාන උල්ලංගනය කිරීම් සිදු නොවන පරිදි අදහස් පළ කිරීමේ නිදහස පිළිබද අධිකරණය සහතික කරන ලදී.
  
ශ්‍රී  ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14 (1) (අ) ව්‍යවස්ථාව “සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශනය ඇතුළු අදහස් පල කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේ ය.”
 
 
 
මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය
19 වැනි වගන්තිය
 
“අදහස් දැරීම හා ප්‍රකාශනය පිළිබද නිදහසේ අයිතිය හැම දෙනාම සතු වීම බාධාවකින් තොරව අදහස් දැරීමේද එසේම දේශසීමා නොසලකා ඕනෑම මාධ්‍යයක් ඔස්සේ තොරතුරු සෙවීමේ ලැබීමේ හා බෙදා හැරීමේ අයිතිය”
 
 
නඩුව:
 
අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය
(ජන ඝෝෂා සිද්ධිය)
 
 
 පෙත්සම්කරු :
 
නඩු අංකය – ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය 468/92
 
ශ්‍රී ලංකා නීතී වාර්තා 1993 Vol 264 හි දැක්වේ
 
 
 
පසුබිම් වූ හේතුව :
 
MR hone
 
රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවන්ට අදාල කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය දැක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු තවත් පක්‍ෂ කිහිපයක්ම විසින් තීරනය දරන ලදුව ඔවුන්ගේ චර්යාවන් මිනිත්තු 15 ක කාලයක් තුලදී ජන ඝෝෂාවක් මගින් ප්‍රකාශයට පත් පාර්ශව තීරණය දරන ලදී. 
 
සීනු නාද කිරීම, රථවාහන නලා ශබ්ද කිරීම, බෙර ගැසිම, සාස්පාන් ආදී උපකරණ වලට ගැසීමෙන් ශබ්ද සිදු කිරීම මේ ආදී වශයෙන් වශයෙන් විශාල ඝෝෂාවක් ඇතිකර ජනතාව අවදි කිරීම මෙහි අරමුණ විය. 
 
මෙම පෙත්සම ඉදිරිපත් කල පුද්ගලයා වූ දයාසේන අමරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සාමාජිකයෙකු වන අතර හොරණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් ඊට සහභාගි විය. 
 
පෙත්සම්කරු විරෝධය පලකරමින් සිටිනුයේ බෙරයක් ගැසීමෙනි. එය නතර කරන ලෙස පොලීසිය දුන් අණ නොතක දිගටම බෙරය වාදනය කරන්නට විය. 
 
ඔහුට පහරදී පොලීසිය විසින් මෝල්ගසකින් ගසා බෙරය කඩා දැමීමක් සිදුකරන ලදී. 
 
එයද නොතකා අත් පුඩි ගැසීම මගින් සම්බන්ධ විය. එවිට පොලීසිය විසින් ඔහුට පහර ගසන ලදී. 
 
විරෝධතාකරුවන් විසින් රජයට එරෙහිව සටන් පාඨ කියමින් ඇතුළු වීමට නොදී පිටවීම වළක්වන මුර බල්ලන් ලෙස සැදී මාර්ගය හරස් කර සිටියේ පොලීසිය විසිනි. 
 
තමන්ගේ භාෂණ ප්‍රකාශනයේ අදහස් පළ කිරීමේ නිදහසට බාධා පැමිණ වීය 14 (1) (අ) ව්‍යවස්ථාව යටතේ රජයට එරෙහිව නඩුවක් ගොනු කරන ලදී.
 
 
මෙසේ සිදු කිරීමට තීරණ කරන ලද්දේ,
 
සාමය ප්‍රචණ්ඩත්වය සිදුවේයැයි බලාපොරොත්තු වීමට පොලීසියට හේතුවක් නොතිබුණි. පොලීසිය විසින් ක්‍රියාකරන ලද්දේ රජයට එරෙහිව සටන් පාඨ සපයමින් ඝෝෂා කිරීම, පෙත්සම්කරු සතු කතාකිරීමේ සහ අදහස් පල කිරීමේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති වීම. රජයට සහයෝගය දැක්වීම හෝ රජය එන දේශපාලන පසු ප්‍රතිපත්ති රජයේ වැඩ පිළිවෙලට විවේචනය කිරීම සදහා ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ඡීවන ක්‍රියාවන් මූලික අයිතිවාසිකම් වේ. සෑම සිවිල් සහ දේශපාලන ආයතනයකම මූලික පදනම වන්නා වූ නිදහස සහ යුක්තිය පිළිබද මූලධර්මයන් උල්ලංගනය කරමින් තොරව එහි එම අයිතීන් අහිමිකිරීමට නොහැකි වීම රජය සහ දේශපාලන පක්‍ෂ ප්‍රතිපත්ති විවේචනය කිරීම 14 (1) (අ) වගන්තිය යටතේ කථනය හා ප්‍රකාශ කිරීමේ නිදහස ක්‍රියාත්මක කිරීමක් වීම.
 
 
තීන්දුව :
 
1993-මාර්තු-8
විනිසුරු ප්‍රනාන්දු මැතිතුමා
 
ධරාගත නොහැකි අධික ජීවන වියදම රාජ්‍ය ව්‍යවසායකයන් පෞද්ගලීකරණය ඒ අනුව සිදුවන ක්‍රියා අහිමිවීම සහ රැකියා කප්පාදුව දේශපාලන කරුණු අරභයා නාස්තිකාර වියදම් දුෂණය ජනතා යහපත සඳහා හේතුවන්නා වූ පොදු වැදගත් කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් රජයට කෙරෙන සාකච්චා යටත් කිරීම්, පිරිවැය ඉහල යෑම්, පැහැර ගැනිම්, මනුෂයය ඝාතන යන උතුරු නැගෙනහිර යුද්ධය යනාදී කරුණු රාශියක් සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීමේ ක්‍රියාමාර්ගයන් වලට අවතීර්ණ වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ ගණනාවක්ම මෙම ඝෝෂාවට එක් වීම.
 
 
 
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව :
 
 
Supreme Court. sl
 
14 (1) (අ) වගන්තියෙන් ජනතාවට හිමි මූලික අයිතිවාසිකම් කඩ වී ඇති වී ඇති බව තීරණය වේ. රජයට දේශපාලන පක්‍ෂ වලට ඒවායේ තීරණ වලට ක්‍රියාමාර්ගවලට සහයෝගය දැක්වීම හෝ විවේචනය කිරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක මූලික ලක්‍ෂණයකි. 
 
සිවිල් සමාජයේ සහ ආයතන වල පදනම වී ඇති නිදහස සහ යුක්තිය පිළිබද මූලධර්ම කඩකිරීමකින් තොරව එම අයිතීන් අහිමි කිරීමට නොහැකිය. 
 
මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබදව කල් තබා ප්‍රචාරය කරනු ලැබ තිබූ අතර පොලීසියට ඒ ගැන තොරතුරු ලැබී තිබුණි. 
 
රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුන් පෙළඹවීම සඳහා වැඩ පිළිවෙලක් පිළිබදව තොරතුරු ලැබී තිබුණු බවට දෙවැනි වගඋත්තරකරු විසින් කරන ලද ප්‍රකාශන පිළිගත නොහැක. 
 
මක් නිසාද යත් ඒ සම්බන්ධයෙන් සියළු වාර්තාවන් ඉදිරිපත් නොකළ බැවිනි. 
 
ඇත්ත වශයෙන් කැරැල්ලක් හෝ ප්‍රචණ්ඩත්වයක් බලාපොරොත්තුව සිට නැත. රජයට එරෙහිව සටන්පාඨ සපයමින් ඝෝෂා කරද්දී ප්‍රහාර දියත් කර ඇත. 
 
එසේ වුවත් පොලිස් ආඥා පනතේ 78(1) වගන්තියේ ක්‍රියා කිරීමට අවශ්‍යතාවක් නොවී ය. 
 
එබැවින් වගඋත්තරකරුවන් එම ක්‍රියාව සඳහා පෙළඹීමකින් හිතමතාම පෙත්සම්කරුගේ කථනය, අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට එරෙහිව සිදු කරන ලද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට තීරණය කරන ලදී. 
 
එම නිසා පෙත්සම් කරුගේ අදහස් පල කිරීමේ නිදහස උල්ලංගනය කිරීමේ වරදට රු. 50,000 දඩ මුදලක් රජය විසින් ගෙවිය යුතු බවටද තීරණය කරන ලදී.
 
මෙම නඩු වාරයේදී සිදු වූ විශේෂ වැදගත් සිදුවීම ලෙස අනාගතයේදී ඒ හා සමාන උල්ලංගනය කිරීම් සිදු නොවන පරිදි මෙම තීන්දුව සියළුම පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සදහා යොමු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිට උපදෙස් දීමක් සිදු විය.
 

 

 


 

THE LEADER TV 
 

 

සුදේවලා කිංස්ලා දාගත්ත කියලා ගොඩදාගන්න පුලුවන් වෙයිද 'ස' ?

 

ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්! 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්