ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.
 
ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
 
සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) තහනම පනවා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
 
පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට(02 ) සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.
 
සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.
 
මේ අතර බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කරනු ලබන බව සිංගප්පූරු කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී.
 
 
 
 ap australia covid
 
ඉන්දියාවේ සිට මව්රට බලා එන ඕස්ට්‍රේලියානුවන්ට අපරාධ චෝදනා
 
 
 
 
 
මේ අතර ඉන්දියාවේ සිට සිය රට බලා පැමිණෙන ඕස්ට්‍රේලියානුවන්ට වසර 05 සිරදඬුවමක් හෝ දඩයකට යටත්වීමට සිදු විය හැකි බව ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.
 
ඉන්දියාවේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිය රට බලා පැමිණෙන පුද්ගලයින්ට ඕස්ට්‍රේලියානු රජය තාවකාලික තහනමක් පැනවීමටයි තීරණය කර ඇත.
 
එම තහනම උල්ලංඝණය කරන පුද්ගලයින්ට සිර දඩුවම් හෝ දඩයකට යටත්වීමට සිදු වන බව ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
 
ඉන්දියාවේ සිට පැමිණෙණ සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමටද මෙම සතිය මුලදී ඕස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන තිබිණ.
 
මේ වන විට ඕස්ට්‍රේලියානුවන් 9,000ක් පමණ ඉන්දියාවේ සිටින අතර ඉන් 600 දෙනෙකු පමණ අවධානමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
 
 
 

https prod.static9.net.au fs 7ea41051 892d 43bf b5f5 1fbc855b497a

 
 
මේ අතර ලොව ඕනෑම රටකින් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා විය. 
 
ඒ අනුව ඊයේ දිනයේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන හාර ලක්ෂ දෙදහස් එකසිය දහය (4,02,110 ) කි.
 
කොරෝනා මරණ 3,522ක්ද ඊයේ දිනයේදී එරටින් වාර්තා වී තිබේ.
 
මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන එක් කෝටි අනූ එක් ලක්ෂ 64,969කි.
 
එරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ ගණන දෙලක්ෂ 11,853ක් වන බව නවතම වාර්තාවල සඳහන් වේ.
 
සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇත.
 
 
(මුලාශ්‍රය - ලංකාදීප + නෙත් නිව්ස්)
 
 
 
 
###############

 

 

THE LEADER TV 
 

 

සුදේවලා කිංස්ලා දාගත්ත කියලා ගොඩදාගන්න පුලුවන් වෙයිද 'ස' ?

 

ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්