සඳුදා (මැයි 03) දිනත් ඇතුලත්ව නොනවත්වා 07 වෙනි දිනටත් 1,000 ඉක්මවා ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී තිබේ.

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 112,799 කි.
 
පහත දැක්වෙන්නේ පසුගිය දින 10 තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ ප්‍රස්ථාර පහකි.
 
 
 
දෛනික රෝගීන්:
 
  118304127 3c751302 563a 4814 84f6 6310cfc123b7
 
 
පසුගිය අප්‍රේල් 19 වෙනිදාන් පසු ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.
 
එම තත්ත්වය හමුවේ අලුතෙන් කොරෝනා මර්දන මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය බලධාරීහු සෙනසුරාදා (මැයි 01) කටයුතු කළහ.
 
 
 
මරණ:
 
 
පසුගිය දින 10 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ අප්‍රේල් 30 වෙනිදාය.
 
 
BBC2
 
 
 
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණයට පත් මුළු සංඛ්‍යාව 696 කි.
 
 
 
PCR පරීක්ෂණ :
 
 
BBC3
 
ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් අයුරින් PCR පරීක්ෂණ සිදු නොකරන බවට සෞඛ්‍ය සේවයේ ඇතැම් පාර්ශව චෝදනා කරති.
 
පසුගිය දින 10 තුළ වැඩි වශයෙන්ම PCR පරීක්ෂණ සිදු කර ඇත්තේ අප්‍රේල් 30 වෙනිදාය. ඉන් අනතුරුව යළි එම පරීක්ෂණවල යම් කිසි පහළ යාමක් දක්නට ලැබේ.
 
 
 
වයස් කාණ්ඩ අනුව මරණ:
  
 
BBc4
 
 
සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත අනුව කොවිඩ්19 හේතුවෙන් වැඩි වශයෙන්ම මරණයට පත්ව ඇත්තේ වයස් අවුරුදු 61-75 අතර වයසේ පුද්ගලයන්ය.
 
එය ප්‍රතිශතයක් වශයෙන් 41.52% කි.
 
 
 
 
සුවය ලැබූවෝ:
 
BBC5
 
 
 
ශ්‍රී ලංකාව තුළ යළි කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග රෝහල් තුළ දැඩි සත්කාර ඇඳන් උපරිමයකට ළඟා වූ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
 
කෙසේ නමුත් අප්‍රේල් 19 වෙනිදා සිට රෝගීන්ගේ වර්ධනයක් ඇතත් ඔවුන් සුවය ලැබීමට සති දෙකක පමණ කාලයක් ගත වන බැවින් මැයි මස මුල් සතියේ ඔවුන් වැඩි දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය සෙනසුරාදා පැවසීය.

 කොරෝනා වෛරසය ; ශ්‍රී ලංකාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවට ළඟා වෙයි.
 
දෛනික ආසාදිතයින් 1,913ක්
 
 
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 867 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
 
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,913ක් වේ.
 
එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.
 
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 967ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 98,209ක් වේ.
 
 
 
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)
 
 

ප්රවෘත්ති නිවේදනය 421

 

 
THE LEADER TV 
 
කාදිනල් බැලන්ස් කරන්න රිෂාඩ් අරගෙන : CID එක හත් පොළේ ගාගෙන?
 

 
 
 
ආණ්ඩුව පනතක් හරහා පෝර්ට් සිටිය ‘‘රට බෙදීමේ හැරවුම් ලක්ෂ්‍යය‘‘ කරන්න හදනවා! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්