(පුනානී නිරෝධායන කඳවුරේ සිටින කොවිඩ් ආසදිතයකු කියන කතාවක්)

 
 
ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 117529 එක්ලක්ෂ දාහත්දාස් පන්සිය විසි නවයකි. දෛනිකව හඳුනාගන්නා නව ආසාදියන් සංඛ්‍යාව 2000 කට ආසන්නය. මේ වන විට රෝහල්ගතව සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින කොවිඩි රෝගීන් ගණන 16734 කි. 
 
ප්‍රධාන කොවඩි රෝහල්වලට අමතරව දිවයිනේ ප්‍රදේශ ගණනාවක රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන නමින් හඳුන්වන කඳවුරු පිහිටුවා තිබේ. 
 
දැනට සෞඛ්‍ය බලධාරීන් අනුගමනය කරන ක්‍රියාදාමය වනුයේ පීසීආර් පරීක්ෂණ පවත්වා පොසිටිව් වන රෝගීන් කිසිදු සොයා බැලීමකින් තොරව ඉතා දුරබැහැර ප්‍රදේශවල කඳවුරු කරා ගාල් කිරීමය. 
 
ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කරා කැඳවනු ලබන්නේ දුරකතනය මගින් දැනුම් දීමෙනි. එවිට සිදුවන්නේ ආසාදිත පුද්ගලයින් පොදු ප්‍රවාහන සේවාව ඔස්සේ හෝ ත්‍රීරෝද රථ මගින් පිටත්වන ස්ථානය කරා පැමිණීමය. ආසාදිතයින් එසේ පැමිණීම ගැන සෞඛ්‍ය අංශ කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත. රෝගය නගරබද විශාල ලෙස පැතිරී යාමට මෙය ඉවහල්වෙයි.
  
යාපනය, මුලතිව්, කල්මුනේ, පූනානි, කාත්තංකුඩි ආදී නොයෙක් ප්‍රදේශවල මෙම කඳවුරු පිහිටුවා ඇත. රෝගින් පිටත් කර හැරීමේදී ඔවුන්ගේ වයස, වෙනත් අසාත්මිකතා අධි රුධිර පීඩනය දියවැඩියාව ආදී වෙනත් රෝග තත්වයන් කිසිවක් ගැන සැලකිල්ල යොමු කරන්නේ නැත. 
 
ආසාදිත රෝගීන් හදිසියේම බස්රියක නංවා එවැනි දුරබැහැර මධ්‍යස්ථානවලට පිටත් කර යැවූ විට රෝගීන් බලවත් අනතුරුදායක තත්වයකට පත්වේ. දැනට සිදුකෙරෙන ක්‍රියාදාමය තුළ සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු  කරන්නේ නැත. 
 
මේ තත්වය ඉදිරි සති කිහිපය තුළ කොතෙක් දුරට ආකූල වේදැයි සිතාගත නොහැකි තරම්ය. 
 
 

74451

 
උදාහරණයක් ලෙස මඩකලපුව, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මේ වන විට රෝගීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටින බව එහි සිටින ආසාදිත රෝගියෙකු ද ලීඩර් වෙත පැවසීය.  එම ස්ථානයේ වෛද්‍යවරයෙකු සහිත ස්ථීර වෛද්‍ය ඒකකයක්  ද නැත. 
 
 
පොළොන්නරුව මහ රෝහලෙන් පාලනය වන මධ්‍යස්ථානයක් බව සඳහන් නාමපුවරුවක් පමණක් තිබේ. ආසාදිත රෝගීන් සඳහා ප්‍රමාණවත් ජලය හෝ ආහාර පහසුකම් නොලැබෙයි. උණුසුම් ජලය නොලැබෙන අතර පානීය ජලයද ලැබෙන්නේ මද වශයෙනි. 
 
රෝගීන්ට සපයන ආහාර ඉතාමත්ම දුර්වල තත්වයක පවතින නිසා බොහෝ විට කුසගින්නේ සිටීමට සිදුවෙයි. බැහැරින් ආහාර ගෙන්වා ගැනීමද තහනම්ය. 
 
රෝගීන් සඳහා අවම වශයෙන් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබඳ පත්‍රිකාවක්ද නැත. එය තනිකරම හුදෙකලා රැඳවුම් කඳවුරක් වැනිය. 
 
අවුරුදු අනූව ඉක්මවූ වයසක තැනැත්තන්ගේ සිට අවුරුදු නමයේ කුඩා දරුවන් දක්වා රෝගී පිරිස් මෙහි රඳවා සිටී. 
 
ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොලැබීම නිසා රෝගීන් මධ්‍යහනයේ ගිණි අව්වේ පෝලීම්වල රැඳී සිටින බව වාර්තා වේ. 
 
රෝගය සුව වුණා හෝ නොවුණා දින හතකට පසු නැවතත් බස් රියක පටවා කොළඹට පිටත් කර හරියි. ඔවුන්ට ප්‍රවාහන පහසුකම් අතරමැද නගර දක්වා පමණි. ඉන් අනතුරුව ඔවුන් පොදු ප්‍රවාහන සේවාවන් ඔස්නේ නිවෙස්වලට ගොස් නැවත නිරෝධායනය විය යුතුයි.
 
මේ අතර දිනපතාම කටුනායක සිට පැමිණෙන ඉන්දීය ජාතිකයින් ද මෙම මධ්‍යස්ථානය කරා ගෙනෙනු ලබන අතර ඔවුන් ආසාදිතයන්ද එසේ නැති නම් නිරෝධායනය සඳහා පැමිණෙනවුන්ද යන්න පැහැදිළි නැත. 
  
මේ සියල්ලන්ම පොදු වැසිකිළි කැසිකිළි පාව්ච්චිය නිසා කොවිඩ් 19 විවිධ ප්‍රභේදයන්ගේ ආකරයක් ලෙස මෙම රැඳවුම් මධ්‍යස්ථානය හැඳින්විය හැකිය. 
 
මහපොළවේ සිදුවෙන මෙම සැබෑ තත්තවය හා සෞඛ්‍ය බලධාරීන් රූපවාහිනී සාකච්ඡාවලදී දෙන උපදෙස් අතර අහසට පොළව වැනි වෙනසක් වේ. 
 
රෝගීන් විඳින මේ කටුක යතාර්ථය ශ්‍රී ලංකාවේ අනික් පුරවැසියන් නොදැනීම බරපතල ඛේදවාචකයකි. මේ තත්වයට වහාම පිළියම් නොයෙදුවහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ පවතින තත්වයට නුදුරේදිම තල්ලුවී යාමේ අනතුර පිළිබඳ අපි අවධාරණය කරමු.

  


 

THE LEADER TV

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

චීන එන්නත අනුමත කළ හැටි රහසක්! තොරතුරු හෙළිකරන්න බෑ -NMRA

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්