ශ්‍රී ලංකාවට පිටරටින් භාණ්ඩ ආනයනයේදී රේගු සහ බැංකු අවශ්‍යතාවයන් සඳහා අපනයනකරු විසින් ආනයනකරුට ලබා දෙන ලියකියවිලි පිට පාරෙන් ලබා ගැනීම අධෛර්යමත් කරන ලෙසට සියලුම බැංකුවලට වාචික

උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. 
 
භාණ්ඩ ආනයනයේදී ඒවා නිෂ්කාශනය කර ගැනීම සඳහා යොමුකරන නාවික ලියවිලි ක්‍රම තුනකට නිකුත්  කරනු ලබයි. 
 
 
1)  දුටුවන හෝ ණය පදනමට යටත් ආනයනකරු විසින් අපනයනකරු වෙත යොමු කරන බැංකු ණයවර ලිපිය - (භාණ්ඩ නැවට හෝ ගුවන් යානයට පැටවීමට පෙර ණයවර ලිපිය දේශීය බැංකුවක් මාර්ගයෙන් විදේශීය බැංකුවට යොමු කළ යුතුය.( sight letter of credit or usance latter of credit) 
 
 
2)  කිසිදු පූර්ව ලියකියවිලි නොමැතිව අපනයනකරු භාණ්ඩ අපනයනකර අදාල නාවික ලියකියවිලි  (shipping documents )ඇසුරුම් ලැයිස්තු , පරීක්ෂණ වාර්තා ආනයනකරුට හෝ බැංකුවට එවීම  - එහි එක් වර්ගයක් වන්නේ (D.P - Documents against payment) 
 
අදාල ලියකියවිලි බැංකුවට ලබා දී අදාල විදේශ විනිමය ප්‍රමාණයට සරිලන දේශීය මුදල් බැංකුවේ තැන්පත් කර ලියකියවිලි බැංකුව මඟින් පිටසන්  කරගෙන  භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීම.
 
 
3) Documents aganist  acceptance -
 
ලියකියවිලි භාරගත් බවට පොරොන්දු නෝට්ටුපත් අත්සන් කර ලියකියවිලිවල සඳහන් ණය කාල සීමාව ඉකුත් වූ පසු බැංකුවට මුදල් තැන්පත් කරන බවට පොරොන්දු වී ලියකියවිලි බැංකුවෙන් ලබා ගෙන භාණ්ඩ නිදහස් කර ගැනීම :
 
ඉන්පසු අපනයනකරු ලබා දෙන ණය කාල සීමාව ඉකුත් වූ පසු බැංකුවට දේශීය මුදල්වලින් ගෙවා විදේශ විනිමය ප්‍රේෂණ කර ගැනීම.
 
 
 
මෙම ක්‍රමවේදයන් තුනටම මෙරටට භාණ්ඩ ආනයනය කරනු ලබයි.
 
 
 
ණයවර ලිපි විවෘත කිරීමේදී ගැටලුවක් වන්නේ ඒ සදහා ගනුදෙනුකරුවන්ට ණය සීමාවක් තිබීම බැංකුවේ මාර්ගයෙන් එම බැංකුවේ විදේශ නියෝජිත  බැංකුවට ණයවර ලිපි නිකුත් කිරීමට සිදුවීම ආදිය නිසා බොහෝ ව්‍යාපාරිකයන් අන්නෝන්‍ය විශ්වාසය මත D P - හෝ DA ක්‍රමයට භාණ්ඩ ආනයනය කරනු ලබයි.
 
 
මේ ක්‍රමය යටතේ රජය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව නොදැන විශාල ආනයනය ප්‍රමාණයක් සිදු වීම නිසාත්, එහිදී විදේශීය මුදල් පරිහරණය පිළිබඳ පාලනයක් නොමැතිවීම නිසාත් මෙම ක්‍රම දෙකම අධෛර්යය කරන ලෙස බැංකුවට උපදෙස් දී ඇති බව හෙලිවේ.
 
 
 
 
මේ පිළිබඳ පෞද්ගලික අංශයේ බැංකු කිහිපයකින් අප විමසූ විට ඔවුන් සඳහන් කළේ මෙම නියෝගය සියලුම භාණ්ඩ ආනයනයේදී බල නොපත්වන අතර දැනට රජය විසින් විවෘතව ආනයනය කිරීම තහනම් කර ඇති ආනයන අපනයන පාලකගේ බලපත්‍ර ක්‍රමයට නතු කර ඇති භාණ්ඩ සඳහා පමණක් බලපාන බවයි. 
 
 
ඒ අනුව සනීපාරක්ෂක කට්ටල, බාත් රූම් උපකරණ, රජයේ ගැසට් නිවේදන මගින් බලපත්‍ර ක්‍රමයට යටත් කර ඇති භාණ්ඩ වර්ග 175 ක් ඇතුලු පාම්තෙල් වර්ග, කෘෂි රසායන ද්‍රව්‍ය ආදිය,  D P හෝ D A ක්‍රමයට අපනයනයට ඉඩ නොදෙන ලෙසත් එසේ ඉල්ලුම් කරන ගනුදෙනුකරුවන් අධෛර්ය කරන ලෙසත් බැංකුවවලින් ඉල්ලා ඇති බවයි.
 
 
මේ අනුව දැනට ආනයනය තහනම් කර ඇති භාණ්ඩ ආනයනයේදී ණයවර ලිපි ප්‍රථමයෙන් විවෘත කළ යුතු බවට ගණුදෙනු කරුවන් දැනුවත් කරනු ලබයි.
 
 
 
සීනි ආනයනකරුවන්ට ප්‍රශ්නයක් නැහැ !
 
එසේ වුවද දැනට බලපත්‍ර ක්‍රමයට නතු කර ඇති සීනි ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරනු නොලබන අතර මහා පරිමාණ සමාගම් කිහිපයක් සීනි ආනයනය කරන්නේ D A ක්‍රමයට වන අතර එනම් ණයවර ලිපි නොමැතිව අපනයනකරු දින 90 ක් සඳහා ණයට ලබා දෙන ලියකියවිලි බැංකුවලට එවන ක්‍රමය යටතේය.
 
සමාන්‍ය ගණුදෙනු කරුවන්ට මෙවැනි දැඩි නීති රීති පනවන මහා බැංකුව මහා පරිමාණ වෙළඳුන් කිහිප දෙනෙකුට කිසිදු ලෝබ කමක් නැතිව  D A සහ D P  ලියකියවිලි සඳහා මහා පරිමාණයෙන් විදේශ විනිමය ලබා දෙන බවත් සාමාන්‍ය ගණුදෙනු කරුවෙකුට ණයවර ලිපියක් විවෘත කිරීමට ගිය විට තමන්ගේ විදේශ බැංකු සමඟ පවතින ණයවර ලිපි සීමා Letter of Credit Limits ) සහ වට්ටම් කිරීමේ සීමාවන් (Discounting Limits ) නොමැති බව පවසා හරවා යවන බවටත් පිට කොටුව තොග ආනයනකරුවන් මැසිවිලි නඟන බවත් වාර්තා වෙයි.
 
 
 
 
මේ සම්බන්ධව අදහස් දැක්වූ ප්‍රමුඛ පෙළේ ආනයනකරුවෙකු පැවසුවේ තව ටික දිනකින් තමන්ගේ හිතවතුන්ට පමණක් ආනයන කිරීම් සඳහා විදේශ විනිමය ලබා දෙන වාතාවරණයක් ඇතිවීමට ඉඩ බවත් තමන්ට නුදුරු අනාගතයේදීම ආනයන ව්‍යාපාරවලින් ඉවත් වීමට සිදු විය හැකි බවයි.
 

(විශේෂ වාර්තාකරුවකු විසිනි)

 
 
############
 
THE LEADER TV 
ස'ගේ මිතුරන් නිසා පවිත්‍රාට ඇමතිකමත් එපා වෙලා! 
පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.! 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්