ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූරවලට නාමයෝජනා බාරදී තිබූ කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග ඔවුන්ගේ නාමයෝජනා ඉවත්කරගන්නා බව
අද දැනුම්දී තිබේ.
 
ඔවුන් තිදෙනා පිළිවෙලින් සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ "නිලවරණ කමිටුව" වෙත ලිපියක් යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා තිබේ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා බාරදුන් පාර්ශව දෙකෙන් එකක් වන ‘රණතුංග’ පාර්ශවය මෙසේ නාමයෝජනා ඉවත් කරගැනීමත් සමඟ ශම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායම නිතරගයෙන් පත්වේ.
 
 
 
රණතුංග’ පාර්ශවය ඉවත්වුනේ ඇයි ?
 
 
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ශම්මි සිල්වාගේ කණ්ඩායමේ අයකු පැවසුයේ නිලවරණයේදී අත්වීමට නියමිත දරුණු පරාජය පැහැදිලිවිමත් සමග ‘රණතුංග’ පාර්ශවය මෙසේ නාමයෝජනා ඉවත් කරගැනීමට තීරණය කර ඇති බවයි.
 
ඔහු සඳහන් කර පරිදි ‘රණතුංග’ පාර්ශවයට සහය පළකිරීමට එකඟත්වය පළකර ඇත්තේ කෝල්ඩ් හා බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ දෙක පමණි. සභාපති ධුරයට තරඟ කළ ශම්මි සිල්වාට ඡන්ද බලය හිමි 144 දෙනාගෙන් 135 දෙනෙකුගේම සහය ප්‍රසිද්ධියේ පලවී තිබු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
මේ අතර ‘රණතුංග’ පාර්ශවයේ හිතවතකු පැවසුයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පසුගියදා පසුදිනයක් සහිතව ප්‍රකාශයට පත්කර තිබු ගැසට් නිවේදනයට විරෝධය පළකරමින් නිශාන්ත රණතුංග ඇතුළු කණ්ඩායම තරඟයෙන් ඉවත්වූ බවයි. 
 
විගණන කටයුතු සම්බන්ධයෙන් වූ මෙම හදිසි ගැසට් නිවේදනය මුළුමනින්ම නීති විරෝධී වුවද අගමැති මහින්ද  රාජපක්ෂගේ මුණ බලගෙන අධිකරණ ක්‍රියාමාර්ගයකට යා නොහැකි තත්වයක් මතුව ඇතැයි  ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය 20 වැනි දා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතය. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එහි ඡන්දය අත් ඔසවා ප්‍රකාශ කිරීම හේතුවෙන් නිලවරණයට ඉන් කිසිදු ගැටලුවක් නොමැති බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සාමාජික අමල් එදිරිසූරිය පවසයි.
 

 

THE LEADER TV 
යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද?
 

 
 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්