තැනින් තැන කොටස් ගලවා දමමින් කඩිමුඩියේ ගෙන එන යෝජිත වරාය නගර කොමිසම පනත අංගවිකල පනතක් විය හැකි වන නිසා ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිලිබඳව සලකා රටේ නීතියේ රාමුවට යටත්ව අලුත්
කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කලයුතු බව ජ්‍යේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි. 
 
ඔහු එබව සඳහන් කර සිටියේ '43 වන සේනාංකය' සහ 'නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය' විසින් ඊයේ (මැයි 18) කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමිනි. 
 
යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය පළකිරීමත් සමඟ ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබු අතර එහිදී ශිරාල් ලක්තිලක සහ බන්දුල චන්ද්‍රසේකර අදහස් දැක්වුහ. 
 
 
 
''ශ්‍රේෂඨාධිකරන තීන්දුව පුරවැසියන්ගේ ජයග්‍රහණයක්''
 
වත්මන් රජය විසින් කඩිමුඩියේ අප්‍රේල් නිවාඩුව යෙදෙන මොහොතක පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීමට සීමිත ඉඩක් ලැබෙන පරිදි කෙටුම්පත ඉදිරිපත් කලද මේ රටේ පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි උනන්දු පුරවැසියන්ගේ කාර්යක්ෂම මැදිහත්වීම හමුවේ පෙත්සම් 22ක් මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණු බව මෙහිදී පැවසු ශිරාල් ලක්තිලක, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් තම සංවිධානය ඇතුළු අනෙකුත් පෙත්සම්කරුවන් ඉදිරිපත් කල මූලික කරුණ වන කෙටුම්පතේ  වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන බවට වන තර්කය තහවුරු වී ඇතිබවත් සඳහන් කළේය.
 
 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙටුම්පත ආණ්ක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන වගන්තීන් සහ එය අනනුකූලවන ආකාරය පෙන්වා දී ඇති අතර එහිදී ඇතැම් වගන්තීන් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් ද ඇතැම් වගන්තීන් 2/3 ක බහුතරයක් සහ ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව පෙන්වා දී තිබේ.  
 
රජයේ ප්‍රකාශකයින් පෙන්වා දෙන්නේ ඉදිරි දින දෙකක කාලය තුළ පනත විවාදයට ගැනීමේදී අදාළ අනනුකූල වගන්තීන් සංශෝධනය කර පනත සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන බවයි. 
 
 
අංගවිකල නීතියක් !
 
 
එහෙත් පනත එසේ තැනින් තැන කොටස් ගලවා දැමූකල අංගවිකල නීතියක් බවට පත්වන බවත් එය ඊට වඩා භයානක තත්ත්වයන් උදාකල හැකි බැවින් වහාම ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිලිබඳව සලකා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම රජයට ගතහැකි බුද්ධිමත්ම ක්‍රියාව බව පෙන්වා දුන් ශිරාල් ලක්තිලක, එහිදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ උපදේශක කමිටුව මගින් මෙයට පෙර යෝජනා කරන ලද කෙටුම්පත් යෝජනාවද යහපාලන රජය සමයේ ඉදිරිපත් වූ කෙටුම්පත් යෝජනාව ද සැලකිල්ලට ගතහැකි බව පෙන්වා දෙන ලදී.  
 
 
රජයේ මුග්ධ සහ උද්ධච්ඡ ස්වභාවය :
 
 Bandula 05.19
          බන්දුල චන්ද්‍රසේකර
 
 
 
මෙහිදී අදහස් දැක්වූ බන්දුල චන්ද්‍රසේකර, ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය කටයුතු කරන මුග්ධ සහ උද්ධච්ඡ ස්වභාවය නිසා රට බරපතල අර්බුද ගණනාවක දිනෙන් දින සිර කරමින් පවතින බව පැවසිය.
 
කොරෝනා අර්බුදය පවා ලෝකයේ සෙසු රටවල් පාලනය කරමින් තිබෙන මොහොතක අප රට නැවත වටයකින් අර්බුදයේ මුලට පැමිණ තිබෙන්නේ මෙකී උද්ධච්ඡ ස්වභවය නිසා බව පෙන්වා දෙන බන්දුල චන්ද්‍රසේකර, මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ස්වභවයෙන් සහ එය හදිසියේ ඉදිරිපත් කල ආකාරයෙන් පිළිඹිබු වූයේ ද රජයේ උද්ධච්ඡ ස්වභාවයම බව කියා සිටියේය.
 
 කෙසේ වෙතත් ඉදිරියේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ උද්ධච්ඡභාවය නිසා පැනනැගිය හැකි සියලු ආකරයේ පුරවැසි අයිතීන් උල්ලංඝණයවීම් වලට එරෙහිව සියලු බහුජන සංවිධාන සහ පුරවැසි ක්‍රියාකාරීන් පෙරමුණ ගතයුතු බවත් එක්සත්ව රජයේ අත්තනෝමතික වැඩපිළිවෙළට මුහුණ දිය යුතු බවත් බන්දුල චන්ද්‍රසේකර මෙහිදී අවධාරණය කළේය.
 
 
 

 
 
###############
 
 
THE LEADER TV 
 
 

විමල් යළි කරලියට - ආණ්ඩුවේ බැසිල් විරෝධී පක්ෂ නායකයින් කැඳවයි

 

යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්