මරාන්තික කොරෝනා වසංගත සමයේ සේවක ගැටළු සම්බන්ධයෙන් තීන්දු ගැනීම සදහා පිහිටුවා ඇති ඉහළ මණ්ඩලය මාස තුනකට ආසන්න කාලයක් නොකැඳවීම පිළිබදව කණස්සල්ල පළ කරන වෘත්තිය සමිති
නායකයන් සතියක් ඇතුලත එය නොකැදවුවහොත් ස්වාධිනව තීන්දු ගන්නා බවට රජයට අනතුරු අගවා තිබේ.
 
කෝවිඩ්-19 වසංගතය සහ සේවක රැකියා පිළිබදව කටයුතු කිරිමේ ත්‍රෛපාර්ශවිය කාර්ය සාධන කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව වහා කැදවිමේ අවශ්‍යතාව අවධාරණය කරමින් මැයි 27 සිකුරාදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල වෙත ලිඛිතවම එම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිය සමිති පහක් විසිනි.
 
දිනේෂ් ගුණවර්ධන කම්කරු අමාත්‍යධුරය දැරු සමයේ ඔහුගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුව සමන්විත වී තිබුනේ හාම්පුතුන්, වෘත්තීය සමිති සහ අමාත්‍යාංශය ඇතුළත්ව ය.
 
 
 
 

pg17 3

 
කාන්තාවන් අති බහුතරයක් රැකියාවේ නියුතු ආයෝජන ප්‍රවර්ධන කළාපයේ කම්කරු ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොරෝනා වසංගතය හිස එසවූ මුල් සමයේ පත් කළ ත්‍රෛ පාර්ශවීය කාර්ය සාධක බලකායේ  කාන්තාවන්ගේ පුළුල් සමිති ව්‍යාපාරයේ නියෝජනයක් නොමැති වීම සම්බන්ධයෙන් නිදහස් වෙළෙඳ කලාපයේ මුල් පෙලේ ක්‍රියාධාරිනියක් එම කාලයේදීම චෝදනා කර තිබුනි.
 
 
"මොකද මේ සදහා තියෙන්නේ එකම ආයතනය තමයි කාර්ය සාධක බලකාය. ඒ කාර්ය සාධක බලකාය තුළ කාන්තාවන් නියෝජනය වෙන්නේ නෑ. අපි කියනවා ඔවුන්ට හාම්පුතුන්ගේ සංගමය විදිහට කාන්තාවන්ගේ නියෝජනය ඇති කරන විදිහට මේක යාවත්කාලීන කරන්න. මොකද ඇඳිරි  නීති සමයක තමයි මේ කාර්ය සාධක බලකාය හදාගත්තේ. එතන නියෝජනය වෙන්නේ වෘත්තිය සමිති  4 ක් විතරයි වෘත්තිය සමිති 14 කින්ම. එතකොට කිසිම කාන්තා නියෝජනයක් නෑ," යි එම අනාවරණය කර තිබුනේ 'ඩාබිඳු සාමූහිකයේ' වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි විසිනි.
 
තෙවන වසංගත රැල්ල  සීඝ්‍ර ලෙස පැතිරිමේ ආසන්නම ක්ෂේත්‍රය බවට ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රය පත්වි ඇති අතර ඇඟළුම් සේවකයන් අතරින් දෙවැනි මරණයද පසුගිය සතියේදි වාර්තා වු බව වත්මන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට මතක් කර දෙන වෘත්තිය සමිති නායකයන් අවධාරණය කරන්නේ, මේ වනවිට නිදහස් වෙළෙඳ කලාපවල සහ ඉන් පිටත ඇඟළුම් කර්මාන්ත ශාලා ගණනාවක් සිය ගණනින් වාර්තාවන සේවක ආසාදන හේතුවෙන් ඉන් බහුතරයක සේවක සේවිකාවන් දහස් ගණනක් නිරෝධායනයට යොමුකර ඇති බවයි.
 
"තවත් කර්මාන්ත ශාලා කීපයක්ම ප්‍රදේශවාසින්ගේ මැදිහත්විමෙන් වසා දමන ලද බවටද වාර්තා ඇත."
 
 
බලහත්කාරයෙන් සේවයේ යෙදවීම.
 
 
කම්හල් කලමනාකාරිත්වය කෝවිඩ්-19 වසංගත තත්වය  ගැන නොසළකා සේවක සේවිකාවන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීමට කටයුතු කිරීම වඩාත් බරපතල තත්වයන් ලෙසින් පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයන්  එයට නිදසුන් ලෙස පෙන්වා දී ඇත්තේ, කොග්ගල එස්කුවෙල් කර්මාන්ත ශාලාවේ කලමනාකාරිත්වය ආසාදන සම්බන්ධව තොරතුරු ලබා නොදීම හා වසංගත පැතිරීම වළකා ලීමට පියවර නොගැනීම පිළිබඳව පසුගිය සතියේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නඩු පැවරු බවයි.
 
 
 
ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුවේ තීරණ විමර්ශනය කිරිම සදහා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුව සතිපතා රැස්විමට තිරණය කළද එය 2021 මාර්තු මස 03 වන දිනයෙන් පසුව රැස්වී නැති බව  කම්කරු අමාත්‍යවරයාට මතක් කර දෙන වෘත්තිය සමිති නායකයන් ඒ පිළිබදව සිය කණස්සල්ල ද පල කර තිබේ.
 
 
 
"මේ තත්ත්වයන් හමුවේ ඔබගේ සභාපතිත්වයෙන් වන ත්‍රෛපාර්ශවිය කාර්ය සාධන කමිටුව වහා කැඳවන මෙන් ඉල්ලීම් කළද 2021 මාර්තු මස 03 වන දිනෙන් පසුව මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක් එය නොකැඳවීම පිළිබඳව, එහි ක්‍රියාකාරී සාමාජික වෘත්තීය සමිතිය ලෙස අපගේ කණස්සල්ල මෙහි අපි සටහන් කරමු."
 
 
 
ජාතික කම්කරු උපදේශක සභාව:
 
පෞද්ගලික අංශයේ සහ වතු ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට බලපාන විශ්‍රාම වයස දීර්ඝ කිරිම, පඩිපාලක සභා ආඥා පනතේ අංක 59“ඒ” වගන්තිය සංශෝධනය කිරිම අනුව එය ක්‍රියාත්මක කිරිම පිළිබඳ කරුණු කිහිපයක්ම සාකච්ඡා කළ යුතුව ඇතත් ඒවා සාකච්ඡා කිරිමට ඇති එකම සාකච්ඡා මණ්ඩපය වන ජාතික කම්කරු උපදේශක සභාවද පසුගිය මාර්තු මස 18 වන දිනෙන් පසුව දෙමසකට වැඩි කාලයක් කැඳවා නොමැති බවයි වෘත්තිය සමිති නායකයන් පවසන්නේ.
 
රට තුල පැන නැගී ඇති කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ එවැනි රැස්වීම් පැවැත් විය නොහැකි යැයි සමහර නිලධාරින්  තීන්දු කර ඇති බව පෙනි යන නමුත් මන්ත්‍රීවරුන් 225 ක් සිටින පාර්ලිමේන්තු රැස්විම් සහ ඇමතිවරුන් 30 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අමාත්‍ය මණ්ඩල රැස්විම් පවත්වන තත්ත්වයක් හමුවේ කාර්ය සාධන කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභා නොකැඳවීමට හේතුවක් තිබිය හැකි යැයි ජාතික කම්කරු උපදේශක සභාවෙහි වෘත්තිය සමිති නියෝජිතයන් අමාත්‍යවරයාට දන්වා තිබේ.
 
 
 
   
"පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට ඇති එකම අමාත්‍යාංශය වන කම්කරු අමාත්‍යාංශය සහ එකම දෙපාර්තමේන්තුව වන කම්කරු දෙපාර්තමේන්තුව මෙලෙස අකර්මන්‍ය තත්වයට පත් කිරිම ගැන අපගේ බලවත් අප්‍රසාදය මින් පල කරමු. "
 
 
සිය ලිපිය මගින් වෘත්තිය සමිති නායකයන් කම්කරු අමාත්‍යවරයාට අවධාරණය කර ඇත්තේ මෙම ලිපිය ලැබි දින 07 ක් ඇතුළත ඉහත සඳහන් ත්‍රෛපාර්ශවිය කාර්ය සාධන කමිටුව සහ  ජාතික කම්කරු උපදේශන සභාව කැදවිමටත් කටයුතු නොකළහොත් වගකිව යුතු වෘත්තිය සමිති ලෙස  මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ස්වාධිනව තීන්දු ගෙන කටයුතු කිරිමට සිදුවන බවයි.
 
කම්කරු කොමසාරිස් ජනරාල් සහ කම්කරු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අන්තර් ජාතික සබඳතා - බී.වසන්තන් වසන්ත වෙතත් පිටපත් යොමු කරමින් කම්කරු අමාත්‍යවරයා වෙත එම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් වෙලද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම්  ඇන්ටන් මාකස්, ශ්‍රී ලංකා නාවිකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පාලිත අතුකෝරාල, ලංකා වෙලද කාර්මික සහ පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්  සිල්වෙස්ටර් ජයකොඩි හා  එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක යන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයන් විසිනි.
 
 
 
 
යුනිචෙලා ඇඟලුම් සේවිකාවගේ මරණයට වගකිවයුතු බලධාරියා
 

 
 
THE LEADER TV 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?

 
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්