යුද සමයේ හිටපු පොලිස්පතිවරයා ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයට පත්කිරීම,
පසුගිය ආණ්ඩුව යටතේ ස්ථාපිත කරන ලද සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ යාන්ත්‍රණය මිලිටරීකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් පෙන්වා දී තිබේ.
 
මැයි 20 වැනිදා පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් අනුමත කිරීමෙන් පසුව, හිටපු පොලිස්පති හපුආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න හෙවත් ජයන්ත වික්‍රමරත්න එම තනතුරට පත් කිරීමට තීරණය කර තිබුනි.
 
යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) එම පත් කිරීම පෙන්වා දී ඇත්තේ අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා  සත්‍යය සහ යුක්තිය සඳහා වූ කවර හෝ අවස්ථාවක් වී නම් එය මකා දමන සිදුවීමක් ලෙසිනි.
 
 j suka
ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂිකා යැස්මින් සූකා
 
 
"යුද්ධාවසානයේදී සමූහ අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන මගින් නම්කරන ලද පොලිස් ඒකක තුනක් භාරව කටයුතු කළ පුද්ගලයාම දැන් අතුරුදහන්වීම් සම්බන්ධ විමර්ශන සිදුකරමින් සිටියි. මේ වනාහී විදේශගත වුවහොත්, පොලිස් වධහිංසා වැනි බරපතල මානව හිමිකම් උල්ලංණයන්ට අදාළ ඔහුගේ විධාන භූමිකාව හේතුවෙන් සර්ව භෞමික අධිකරණ බලය යටතේ නඩු පවරනු ලැබීමේ අවදානම දරණ ඉහළම රාජ්‍ය නිලධාරියෙකි" යැයි සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂිකා සූකා ප්‍රකාශ කළාය.
 
ජයන්ත වික්‍රමරත්නගේ නව පත්වීම ඝාතනයට ලක් වු 'සන්ඩේ ලීඩර්' පුවත්පතේ ආරම්භක කතෘ ලසන්ත වික්‍රමතුංගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ද සමාජ මාධ්‍ය ඔස්සේ හෙළා දැක තිබුනි.
  
"පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, ජයන්ත වික්‍රමරත්න විසින් මගේ පියාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අඩපණ කිරීමට කටයුතු කළා. ඔහුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යයාලයේ කොමසාරිස් ලෙස පත් කිරීමෙන් ඔප්පු වන්නේ, හිංසාවන්ට භාජනය වූ වින්දිතයන් හෑල්ලුවට ලක් කිරීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන බවයි. මෙය සන්ධ්‍යා එක්නැලිගොඩ වැනි, තවමත් පිළිතුරු සොයන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වල වින්දිතයන් බවට පත්වූවන්ගේ  හදවත් කම්පා කරවන තත්වයක්."
 
ආ ගිය අතක් නොමැති සහ බලහත්කාරී අතුරුදහන්වීම් පිළිබඳ ලෝකයේ දෙවැනි විශාලතම සංඛ්‍යාව වාර්තා වී යැයි සැළකෙන ශ්‍රී ලංකාවේ  අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාතවුන්ගේ ඉරණම පිළිබඳ විමර්ශනය කිරීම භාරව ඇත්තේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයට ය.
 
එම  ආයතනයකට ජාත්‍යන්තර අරමුදල් ලැබීම වැලැක්වීම වෙනුවෙන් තම ආයතනය රහස්‍ය ලේඛන ගොනුවක් බෙදාහරින බවටද ජුනි 1 අඟහරුවාදා ජොහැන්නස්බර්ග් නුවරින් නිකුත් කළ නවතම නිවේදනය මගින් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය දැනුම් දී ති‌බේ.
  
'මේ සා අපකීර්තියට පත් ව්‍යුහයකට අරමුදල් සම්පාදනය කිරීමෙන් වළකින්නැයි ඉල්ලා අපි එක්සත් ජාතීන්ගේ සාම සාධන අරමුදලට සහ ජාත්‍යන්තර ආධාර දෙන්නන්ට ලියා යැවීමට කටයුතු කරන අතරම  ගැටළු සහගත පත්වීම් පිළිබඳ රහස්‍ය ලේඛන ගොණුවක් එක්සත් ජාතීන්ගේ අදාළ ආයතන සහ සාමාජික රාජ්‍යයන් වෙත යවන්නෙමු"යි සූකා කියා සිටියාය.
 
  "ලංකාව තුළත්, ඉන් බැහැරත් සිටින වින්දිත ප්‍රජාවන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකා රජයේ අතීත අපරාධ වසන් කිරීම සඳහා නිර්මාණය කළ දණ්ඩ මුක්ති උපායකට අරමුදල් සැපයීම සඳහා තමන්ගේ බදු මුදල් භාවිතා නොකරන මෙන් එක්සත් ජාතීන්ගෙන් සහ අනෙකුත් ආධාර දෙන්නන්ගෙන් ඉල්ලා සිටින ලෙසයි."
 

Upali abe

මීට ඉහතදී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයේ සභාපතිවරයා වශයෙන් විනිසුරු උපාලි අබේරත්න පත්කරනු ලැබීම ශ්‍රී ලංකාවේ වින්දිත පවුල් විසින් දැනටමත් හඳුන්වා දී ඇත්තේ  'සෘජු අවමානයක් සහ ප්‍රචණ්ඩක්‍රියාවක් ' ලෙසිනි.
 
 අතුරුදහන්වීම් ඇතුළු 'සංකේතාත්මක' මානව හිමිකම් නඩු විභාග කිහිපයකට අදාළ අධිකරණ ක්‍රියාවලියට බාධාකාරීව මැදිහත් වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ප්‍රකාශ කරන ලද, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහායැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ස්ථාපිත කළ කොමිසමක සභාපතිවරයා වූයේ විනිසුරු අබේරත්න ය.
 
 අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානත්වය සඳහා ඔහු පත්කිරීම එම ව්‍යුහයේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වයත්, ඊට ඵලදායී ලෙස ක්‍රියාකිරීමට ඇති හැකියාවත් බරපතල ලෙස බිඳ දැමීමක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කී ආකාරයත් සිය නිවේදනය මගින් යැස්මින් සූකා සිහිපත් කර තිබේ.
 
 
# අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශය  ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයන් දෙකෙන් එකකි.
 # වින්දිතයන්ට ආධාර කිරීමේ චේතනාවෙන් පිහිටුවන ලද  හානි පූර්ණ කාර්යාලය එහි  දෙවැන්නයි.
 
 
Palith Fanando.wwයැස්මින් සූකා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ සගයකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු පත්කිරීම මගින් හානි පූර්ණ කාර්යාලය ද දැන් මිලිරිකරණයට පාත්‍ර කර තිබෙන බවයි.
 
 පාවෙන අවි ගබඩා කොන්ත්‍රාත්තුවකින් එක්සත් ජනපද ඩොලර් මිලියන 62ක මුදලක් අයුතු ලෙස අත්පත් කරගැනීම සහ වංචාකිරීමට අදාළව ඔවුන්ගේ භූමිකාව සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව චෝදනා ගොණු කළ යුතුයැයි පසුගිය ආණ්ඩුව විසින් පත්කරන ලද කොමිසමක් මගින් නිර්දේශ කරනු ලැබුණි.
 
 එම කොමිසම විසින් වැඩිදුරටත් නිර්දේශ කර තිබුනේ ප්‍රනාන්දු විසින් අනාගතයේදී රජයේ තනතුරු දැරීම වැළැක්විය යුතු බවයි.
 
"කෙසේවුවද, ස්වකීය මිත්‍ර පාක්ෂිකයන්ගෙන්දේශපාලන පළිගැනීම් සිදුකිරීම සම්බන්ධයෙන් විභාග කර බැලීම සඳහා තවත් ජනාධිපති කොමිසමක්, 2019දී ආණ්ඩු වෙනසෙන් පසු,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ස්ථාපිත කරනු ලැබුණි. මෙම කොමිසමේ සොයාගැනීම්, පසුගිය ආණ්ඩුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමාට එරෙහිව සාක්ෂි ගෙතූ බවට ප්‍රනාන්දු විසින් කරන ලද චෝදනාවන්ට  වාසිදායක ඒවා විය. මෙකී නව ජනාධිපති කොමිසම විසින් ඔහු නිදොස්කිරීමට කලින්ම, රජයේ අමාත්‍යාංශයක ලේකම්වරයකු වශයෙන්  ප්‍රනාන්දුව පත්කරනු ලැබිණ. ඉහත නඩු විභාගයටම අදාළව, ප්‍රනාන්දුට එරෙහිව නගා තිබූ ගිනිඅවි සම්බන්ධ හත් දහසකට වැඩි චෝදනා ද, 2019දී ආණ්ඩු මාරුවෙන් කෙටි කලක් ඇතුළතදී අත්හැර දැමුණි."
 
"හමුදාව හේතුවෙන් පීඩාවට පත් දෙමළ වින්දිතයන් සඳහා ගෙවිය යුතු විශාල මුදල් සම්භාරයක් සමග සම්බන්ධතාවක් හානි පූර්ණ ක්‍රියාවලියට තිබිය හැකි අතර කලින් ජාත්‍යන්තර ප්‍රජාව විසින් විශ්වාසනීය යැයි පිළිගෙන සහාය දෙන ලද ක්‍රියාදාමයක් යටතේ අධිකරණයක් විසින් පරික්‍ෂා කොට විධිමත් ලෙස නිශ්ප්‍රභා නොකළ දූෂණ වංචා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පුළුල් පොලිස් විමර්ශනයන්ට පාත්‍ර වූ පුද්ගලයකු හානි පූර්ණය සම්බන්ධ ව්‍යුහයට පත්කිරීම මගින් සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයන් දැන් මිලිටරීකරණයට භාජනය කර ඇතැ"යි යස්මින්  සූකා සිය නිවේදනයේ වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
 
CNWakistaසත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය ජුනි 1 අඟහරුවාදා නිකුත් කළ නිවේදනය මගින්  වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නගේ සගයකු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ අභිනවයෙන් තැනූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පත්කර තිබෙන බවයි.
 
 
වදහිංසා කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කියා සිටි පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය 2009-10 වකවානුවේදී ක්‍රියාත්මක වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල්  වාකිෂ්ඨ යටතේ ය.
 
 "මානව හිමිකම් උල්ලංඝණයන් සිදු වූ වකවානුවේදී බලය හිමිව තිබූ ආරක්ෂක නිලධාරීන්ම ඇතුළත් කර ඇති සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයන් සමග සුරක්‍ෂිතව ගණුදෙනු කිරීමට ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන්ගේ පවුල්වලට නොහැකි ය. මෙකී ව්‍යුහයන් පැවතීම විසින්ම සාක්ෂිකරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ බරපතල අවදානමක් මතු කරතැ"යි යස්මින්  සූකා වැඩි දුරටත් සදහන් කළාය.
 
අඩුම වශයෙන් හැත්තෑදහසක් යුද්ධයේ අවසන් භාගයේදී අතුරුදහන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති ශ්‍රී ලංකාවේ යුද පීඩිතයන් ආරම්භයේ පටන්ම OMP කාර්යාලය දෙස බැලුවේ විශ්වාසයෙන් තොරවය.  
 
 
 
 
මූලාශ්‍රය :
 

 

 


 

THE LEADER TV 
 
 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්