රාජ්‍ය සේවාවන්, පවුලේ සාමාජිකයන් සහ බ්‍රිජිට් බාර්ඩොට් පදනම විසින් එක්ව සංවිධානය කරන ලද වැඩ සටහනට අනුව අවමංගල්‍ය පෙරහැර නගරයේ ප්‍රදේශ කිහිපයක් හරහා ගමන් කෙරෙන අතර ඩෙස් ලයිසස් සහ වරාය ඇතුළුව මාර්ගය ඔස්සේ මහජනතාවට ඇයට ගෞරව දැක්වීමට ඉඩ සලසා ඇත.
ඒ අතර අවමංගල්‍ය උත්සවය නැරඹීම සඳහා, නගරය වරාය, ප්ලේස් ඩි ලා මයිරි සහ ප්ලේස් ඩෙස් ලයිසස් යන ස්ථානවල විශාල තිර සවි කරනු ඇති අතර, එහිදී සජීවී විකාශනයක් පෙන්වන අතර ඊට පෙර උපහාර වීඩියෝ පෙන්වනු ලැබේ. බ්‍රිජිට් බාර්ඩොගේ දේහය සම්බන්ධ භූමදානය මහජන ප්‍රවේශයකින් තොරව සමුද්‍ර සුසාන භූමියේ දී පෞද්ගලිකව සිදු කෙරේ.
අද(7) පෙ.ව. 11 ට ( ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 3.30 ට ) පැවැත්වීමට නියමිත ආගමික මෙහෙය ද දැඩි ලෙස පෞද්ගලික වන අතර ආරාධිත අමුත්තන් සඳහා පමණක් වෙන් කර ඇත.
පසුව, පස්වරු 2 ට පමණ, ශාන්ත-ට්‍රොපෙස් ප්‍රී ඩෙස් පෙචියර්ස් හි පැවැත්වෙන අවසන් ආගමික මෙහෙයට හෝ භූමදානයට ප්‍රවේශය මහජනතාවට ලබා නොදී මාධ්‍ය ආවරණය පොදු ප්‍රදේශ සහ නිල විකාශන සඳහා පමණක් සීමා කොට තිබීම ද විශේෂත්වයකි.මිය යන විට අනූ එක් හැවිරිදිව සිටි බ්‍රිජට් බාඩෝ ලෝක ඉතිහාසයට එක් වන සුවිශේෂ චරිතයක් බව ද සමාජ විශ්ලේෂකයෝ පවසති.
| vinivida.lk
මුලාශ්‍රය :
Brigitte Bardot’s funeral: how Saint-Tropez will honour her on Wednesday
සබැඳි ලිපි :
දෙවියන් මැවූ ගැහැණිය දෙවියන් කරා ගියාය | Chinthana Dharmadasa
Brigitte Bardot; සුනඛ ප්‍රේමය පිටුපස වෛරයේ හැඩතල




