The Leader News
BREAKING
Top Ad
පුවත්

‘එක්ස්ප්‍රස් පර්ල්‘ දේශිය සමාගමේ 7කට රටින් පිටවීම තහනම් !

T

The Leader Desk

January 15, 2026 • 4:34 AM

‘එක්ස්ප්‍රස් පර්ල්‘ දේශිය සමාගමේ 7කට රටින් පිටවීම තහනම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් පද්ධතිය මකා දමා නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට අවසරය ලබා ගෙනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන විමර්ශනය කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
  • නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් කරුණු දක්වමින් කියා සිටියේ, මෙම විමර්ශනය බොහෝ දුරට අවසන් කර ඇති බැවින් ඉදිරි නීතිමය ක්‍රියා සම්බන්ධයෙන් නීතිපතිවරයා සාකච්ඡා කරමින් පවතින බවය.
  • ඒ අනුව සැකකරුවන් රටින් පිටවීම වලක්වමින් තහනම් නියෝගයක් පනවන ලෙසට ඔහු ඉල්ලා සිටියේය.
  • ඒ අනුව සැකකරුවන්ටත් පිටවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අප්‍රේල් 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් පද්ධතිය මකා දමා නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට අවසරය ලබා ගෙනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන විමර්ශනය කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් කරුණු දක්වමින් කියා සිටියේ, මෙම විමර්ශනය බොහෝ දුරට අවසන් කර ඇති බැවින් ඉදිරි නීතිමය ක්‍රියා සම්බන්ධයෙන් නීතිපතිවරයා සාකච්ඡා කරමින් පවතින බවය. ඒ අනුව සැකකරුවන් රටින් පිටවීම වලක්වමින් තහනම් නියෝගයක් පනවන ලෙසට ඔහු ඉල්ලා සිටියේය.

ඒ අනුව සැකකරුවන්ටත් පිටවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අප්‍රේල් 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

(lankadeepa | රෝෂන් තුෂාර)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...