The Leader News
BREAKING
Top Ad
පුවත්

'තෙල් මිල වැඩි කිරීමෙන් ආණ්ඩුවට රු. කෝටි 700ක අමතර ආදායමක්' - පුබුදු ජයගොඩ

T

The Leader Desk

March 10, 2026 • 3:13 PM

'තෙල් මිල වැඩි කිරීමෙන් ආණ්ඩුවට රු. කෝටි 700ක අමතර ආදායමක්' - පුබුදු ජයගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියමිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
  • ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් අද, (10) දින නුගේගොඩ දී පැවති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
  • ''මේක පිටුපස යම්කිසි කුමන්ත්‍රණයක් තියනවද කියන සැකය මතුවෙනවා'' " මැදපෙරදිග ඇතිවෙලා තියන යුද්ධය පාවිච්චි කරමින් ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දාන්න ආණ්ඩුව කටයුතු කළා.
  • ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 22කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 24කින්, 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් සහ 92 පෙට්‍රල් ලීටරයක් 24කින් විදිහට විශාල මිල වැඩිවීමක් ඊයෙ දවසෙදි සිදු වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

නියමිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් අද, (10) දින නුගේගොඩ දී පැවති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේ ද පැවසිය.

''මේක පිටුපස යම්කිසි කුමන්ත්‍රණයක් තියනවද කියන සැකය මතුවෙනවා''

" මැදපෙරදිග ඇතිවෙලා තියන යුද්ධය පාවිච්චි කරමින් ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දාන්න ආණ්ඩුව කටයුතු කළා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 22කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 24කින්, 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් සහ 92 පෙට්‍රල් ලීටරයක් 24කින් විදිහට විශාල මිල වැඩිවීමක් ඊයෙ දවසෙදි සිදු වුණා. ආණ්ඩුව පැත්තෙන් මේ මිල වැඩි වීමට හේතුව විදිහට මැදපෙරදිග කලාපයේ ඇතිවෙලා තියෙන යුද්ධය පෙන්වන්න උත්සහ කලාට මේක පිටුපස යම්කිසි කුමන්ත්‍රණයක් තියනවද කියන සැකය අපිට මතුවෙනවා.

ඒකට හේතුව තමයි මේ යුද්දය ඇතිවෙන මුල් අවස්තාවෙදිම රටේ ජනතාව මෙවැනි ඉන්ධන අර්බුදයක් ඇතිවෙන්න නියමිතයි කියලා පූර්ව උපකල්පනයක් කරලා පෝලිමේ ගිහිල්ලා තෙල් එකතුකරගන්න වෙලාවේ ආණ්ඩුව දක්වපු ප්‍රතිචාරය. ආණ්ඩුව පැත්තෙන් දිගින් දිගටම කිව්වා රටේ අවශ්‍ය තරම් තෙල් සංචිත තියනවා ඒ නිසා බොරුවට තෙල් රැස් කරගන්න අවශ්‍ය නැහැ කියලා. දැන් එහෙම කියපු ආණ්ඩුවම තමයි හදිසියේම තෙල් මිල ඉහළ දාලා තියෙන්නේ.

පසුගිය මාර්තු 2දා දෙරණ 360 වැඩසටහනට ආව නලින්ද ජයතිස්ස ඇමතිවරයා කිව්වා දවස් 35කට අවශ්‍ය ඩීසල් සහ දවස් 37කට අවශ්‍ය පෙට්‍රල් රට ඇතුළේ තියනවා කියලා.

''මේකෙන් වෙන්නේ මේ ආණ්ඩුව කියන දේවල් සත පහකට කවුරුවත් විස්වාස නොකරන එක''

මේ තෙල් මිලදී අරගැනීම වුණේ පැරණි මිලට. ජනවාරි පෙබරවාරි මාස සඳහා ටර්ම් ටෙන්ඩටරයක් මගින් පෙට්‍රල් බැරලයක් ඇමරිකන් ඩොලර් 71ක් සහ ඩීසල් බැරල් එකක් ඇමරිකන් ඩොලර් 78කට විදිහට තමයි මේ ටෙන්ඩරය මගින් තෙල් මිලදී ගැණීම කරලා තිබුණේ.

ඊටපස්සෙ මාර්තු 3 වෙනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වෙත් අවශ්‍ය තරම් තෙල් සංචිත සූදානම් කියලා. ආණ්ඩුව මේ කියපු විදිහට කිසිඳු මාස කිහිපයක් යනකල් තෙල් හිඟයක් ඇතිවෙන්න හේතුවක් නැහැ. ඉන්ධන සංස්ථාවේ සභාපතිවරයම ඇවිත් මාර්තු මාසෙ 1දා කිව්වා කිසිඳු ආකාරයේ මිල වැඩීමක් නැවත මෑත කාලය තුළ කරන්නේ නැහැ කියලා. එහෙම නම් ඇයි ආණ්ඩුව හදිසියේම තෙල් මිල ඉහළ දාන්න තීරණය කලේ ?

දැන් අන්තිමට නිවැරදි වුනේ තෙල් අර්බුදයක් එන්න නියමිතයි කියලා වේලාසන තෙල් පෝලිම්වලට ගිහිල්ල හිටපු මිනිස්සුන්ගේ උපකල්පනය. මේකෙන් වෙන්නේ මේ ආණ්ඩුව කියන දේවල් සත පහකට කවුරුවත් විස්වාස නොකරන එක.

දැනට අපි දන්න විදිහට මුතුරාජවෙල සහ කොලොන්නාව තෙල් ගබඩාවල  ඩීසල් කිලෝ ලීටර් 50,995ක්, 95 වර්ගයේ පෙට්‍රල් කිලෝ ලීටර් 86,973ක්, සුපිරි ඩීසල් කිලෝ ලීටර් 13,191, භූමිතෙල් කිලෝ ලීටර් 7,380ක් සහ 92 වර්ගයේ පෙට්‍රල් කිලෝ ලීටර් 5,346ක් දැනට සංචිත විදිහට අපි සතුව තියනවා. ඒ වගේම තමයි ඊයේ රෑ ඉන්ධන මෙට්‍රික්ටොන් 37,500ක නැවක් ලංකාවට ආවා. පෙට්‍රල් බැරල් එකක් ඩොලර් 71ක් සහ ඩීසල් බැරල් එකක් ඩොලර් 78 ගානේ තමයි මේ තෙල් අරගෙන තියෙන්නේ. ඒ නිසා දැනට කිසිඳු ඉන්ධන වැඩිවීමක් කරන්න කිසිඳු හේතුවක් නැහැ.

මේ ප්‍රශ්නවලට වහාම උත්තර දෙන්න 

අපිට මේ තෙල් මිල වැඩිවීම ගැන ප්‍රධාන සැකයක් කිහිපයක් මතු වෙනවා. අපි ආණ්ඩුවට කියනවා මෙන්න මේ ප්‍රශ්නවලට වහාම උත්තර දෙන්න කියලා.

* පළවෙනි එක තමයි IOC, සිනොපෙක් වගේ පෞදගලික සමාගම්වලට අධික ලාභයක් හොයලා දෙන්නද මේ මිල වැඩි වීම කළේ කියලා ආණ්ඩුව රටට කියන්න ඕන? මොකක්ද මේ සමාගම් එක්ක ආණ්ඩුවට තියෙන ඩීල් එක ? මොකද 2022 අවුරුද්දෙදිත් IOC  සමාගම තෙල් නැවක් ගෙනල්ලා මුහුදේ නවත්තගෙන හිටියා තෙල් මිල වැඩි කරනකල්. ඒ නිසා මෙතනත් එහෙම දෙයක් වුණාද කියලා අපිට සැකයක් මතු වෙනවා.

* ඊලඟට රජයට අසීමිත ලාභයක් හොයන්න මේ වැඩේ කලාද කියන සැකයත් අපිට මතුවෙනවා. මේ හදිසි මිල වැඩිවීම නිසා දැනට ගබඩා කරලා තියෙන තෙල්වලින් රුපියල් බිලියන 7කට වැඩි අමතර ලාභයක් රජයට ලැබෙන්න නියමිතයි. ඒ කියන්නේ රුපියල් කෝටි 700ක් ජනතාවගෙන් මංකොල්ල කන්නද ආණ්ඩුව මේ ලෑස්ති වෙන්නේ ? එක්කෝ ආණ්ඩුව දිගුකාලීන ටෙන්ඩර් ක්‍රියාවලිය නැතුව කෙටිකාලීන ටෙන්ඩරයක් මගින් හදිසි මිලදී ගැනීමක් කලාද ? මෙන්න මේ ප්‍රශ්නවලට ආණ්ඩුව වහාම උත්තර දෙන්න ඕන.
                          
''කවුද මේවට ජනාධිපතිවරයට උපදෙස් දෙන්නේ ''                  
 
අපි දන්නවා දැනට ලංකාව තුළ ඉන්ධන ලීටර් හාරලක්ෂ හැටදාහක් පමණ දෛනිකව ගබඩාකරලා තියාගන්න පුලුවන් තරම් ගබඩා පහසුකම් තියනවා. ඒවා ප්‍රයෝජනයට නොගෙන ඒවා සංවර්ධනය නොකර තමයි ආණ්ඩුව මේ ටංකි නැහැ ටැංකි නැහැ කියලා මන්තරයක් වගේ මතුරමින් යන්නෙ.

ඊලගට අනිත් පැත්තෙන් කොලොන්නාවෙ නොම්බර 17 කියන තෙල් ටැංකිය වැඩක් නැහැ කියලා පරණ යකඩවලට විකුණන්න යනවා. ඊටපස්සෙ අපි දැක්කා ජනාධිපතිවරයා කියනවා හන්දියක් හන්දියක් ගානෙ ටැංකි තියනවා ඒවා ඉවත් කරන්න ඕන කියලා. අපි දන්නෙ නැහැ කවුද මේවට ජනාධිපතිවරයට උපදෙස් දෙන්නේ කියලා. මොකද මේ තෙල් ටැංකි ඉඳිකරලා තියෙන්නේ බොහෝවිට රේල් පාරවල් අයිනේ. කෝච්චියෙන් ඉන්ධන ගෙනිහිල්ලා කලින් ගබඩා කරගෙන ඒ ආසන්න ප්‍රදේශවලට බෙදන්න තමයි මෙහෙම තෙල් ටැංකි තියෙන්නේ රටපුරා තියෙන මේ තෙල් ටැංකිවල ඉන්ධන ලීටර් 15,000ක් විතර ගබඩා කරන්න පුලුවන්. මේක දන්නෙ නැතුව තමයි ජනාධිපතිවරයා මේ තෙල් ටැංකි ඉවත් කරන්න සූදානම් වෙන්නේ.

අනික් පැත්තෙන් අපිට පුලුවන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වගේ තැන් සක්‍රිය කරලා කෙළින්ම බොරතෙල් මිලදී ගෙන පිරිපහදු කරලා බෙදා හරින්න. මොකද බොරතෙල් මිලෙන් අඩුයි. අනිත් එක තමයි චීනය වගේ රටවල් මුහුදේ තෙල් ගබඩා හදලා ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු කාලෙට ඒ ගබඩාවල තෙල් සංචිත තියාගන්නවා. අපිට එහෙම ක්‍රමවලට යන්න පුලුවන්.

මෙන්න මේ විදිහෙ විසඳුම්වලට යනවනම් මෙහෙම හදිසියේ මිල වැඩිකිරීම් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ නිසා දැන්වත් මේ කරුණු ගැන අවධානය යොමු කරලා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් දිගුකාලීන විසඳුමකට යන්න මැදිහත්වෙන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. "
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...