ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම ලබාදුන් බදු සහන අනුව මෙරට ඉහළම ධනවතුන් හට පසුගිය වසරේදී
රුපියල් කෝටි 15,500කට අධික ආදායම් බදු කපාහැරීමක් සිදුවී ඇත.
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ශික වාර්තාවට අනුව 2019 වර්ශයේදී ආදායම් බදු වශයෙන් රුපියල් කෝටි 42,770ක් රජයට ලැබී ඇති අතර එය 2020 වසරේදී රුපියල් කෝටි 26,825ක් දක්වා රුපියල් කෝටි 15,500කින් පහත වැටී ඇත.
 
ජනාධිපතිවරයා විසින් ලබාදුන් සෘජු බදු සහ වක්‍ර බදු අඩු කිරීමේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මහ බැංකු වාර්ශික වාර්තාවේ විස්තර කර තිබෙන්නේ පහත දැක්වෙන අන්දමිනි.
 
“2019 වසරේ අවසන් භාගයේ සිට බදු සංශෝධන හරහා ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය උත්තේජන ක්‍රියාමාර්ග හේතුවෙන් 2020 වසරේදී රාජ්‍ය ආදායම පහළ ගියේය. බදු ආදායම් රැස් කිරීම සීග්‍රයෙන් පහත වැටීම පිළිබිඹු කරමින් 2019 වසරේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 12.6ක් වූ රාජය ආදායම 2020 වසරේදී සියයට 9.1ක් දක්වා අඩුවිය.”
 
ජනාධිපති උපදේශක ආචාර්ය පී.බී. ජයසුන්දරගේ උපදෙස්මත ජනාධිපතිවරයා මෙසේ බදු අදාදායම් කපාහැරියද පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එය සිදුකිරීම නීතිවිරෝධී බව බදු විශ්ලේෂකයෝ පෙන්වා දී තිබිණි.
 
 
(මුලාශ්‍රය - lankatruth.com) 

 

 


 

THE LEADER TV 

 

Gota's war -2 වෙනුවෙන් විවෘත ලිපියක් ...!

 

රාජපක්ෂවරුත් අනතුරේ! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්