කොවිඩ් වසංගත තත්වය හමුවේ ගර්භනී හෙදියන් සේවයට කැඳවීම මාතෘත්වයට කරන බරපතල නිග්‍රහයක් බව අවධාරණය කර සිටින මෙරට ප්‍රකට හෙද සංගමයක්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ එම
නියෝගය වැලැක්වීමට මැදිහත්වන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ, වසංගත රෝග පාලන හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
එම ඉල්ලීම සිදුකර ඇත්තේ සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත ගේ අත්සනින් යුතුවය.
 
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගැබිනි මව්වරුන් කීපදෙනෙකුම මේවනවිටත් ජීවිතයෙන් සමුගෙන ඇත. 
 
එම තත්ත්වය තුළ 2021. 05. 10 දිනැති අංක 02/2021(11) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සියළු ගර්භනී කාන්තාවන්ට වැටුප් සහිත නිවාඩු ලබාදී තිබේ.
 
නමුත්, කොවිඩ් වසංගත තතත්වය හමුවේ ඉදිරිපෙල නියමු කාර්යභාරයක් ඉටුකරන හෙද කාර්ය මණ්ඩලයට අයත් ගර්භනී හෙදි නිලධාරිනියන්ට එම අවස්ථාව හිමිව නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
 
 මෙම අසාධාරණය පිළිබදව තම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇතත් එම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිඵලයක් නොලැබුන බවත්, එහෙයින්  පසුගිය මැයි 31 දා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත හෙද හෙදියන් මෙහෙයවූ බවත් 
සමස්ත ලංකා හෙද සංගමය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වෙත නිකුත්කර ඇති ලිපියේ සඳහන් වේ.
 
 
 
 
ඉන් අනතුරුව 2021. 05. 31 දිනැතිව සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව ගර්භයට මාස 06 ට අඩු ගර්භනී හෙද නිලධාරිනියන් සේවයට කැදවා රෝහල්වල කොරෝනා රෝගීන් නොමැති ඒකකවල සේවයට යොදවන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී ඇත.
 
මේවනවිට සියළු රෝහල් කොරෝනා අවධානමට ලක්ව ඇති අතර සෑම වාට්ටු හා ඒකකයකින්ම කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබේ. එම තත්වය හමුවේ ගර්භනී හෙදියන්ට රෝහල් වාට්ටු ඉතා අවධානම් ස්ථාන බවට පත්ව තිබේ.
 
එවන් තත්වයක් හමුවේ සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම තීරණය මාතෘත්වයට කරන ලද නිග්‍රහයක් බව අවධාරණය කර සිටින සමස්ත ලංකා හෙද සංගමය, මෙම අසාධාරණ ක්‍රියාවට විරුද්ධව මැදිහත් වී එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාන්තා මහජන නියෝජිතවරියන් ගෙන් ඉල්ලා සිටියි.
 
###############

THE LEADER TV 

 

Gota's war -2 වෙනුවෙන් විවෘත ලිපියක් ...!

 

රාජපක්ෂවරුත් අනතුරේ! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්