සියලුම ගෘහස්ථ ගෑස් අළෙවිසල්වල කිලෝ 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා තිබිය යුතු බවට
ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
කිලෝ 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර කිසියම් වෙළෙන්දකු තම සන්තකයේ හෝ භාරයේ හෝ යටතේ තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර් මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රව පාරිභෝගිකයන්ට බලපෑම් නොකළ යුතු යැයි ද එම ගැසට් පත්‍රය සඳහන් වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
මේ අනුව වෙළෙන්දන් විසින් 12.5 ගැස් සිලින්ඩර තම සන්තකයේ තිබියදී සගවාගෙන සිටිම හෝ අලෙවිය ප්‍රතික්ෂේප නොකල යුතුය.
එහෙත් පාරිභෝගිකයාගේ රුච්කත්වය මත හෝ තමා සන්තකයේ එම තොග නොමැති අවස්ථාව අනිකුත් සියලු වර්ගවල ප්‍රිමියම් ලීටර් 18 වර්ගයේ සිලින්ඩර ඇතුළුව අලෙවි කිරිමට ඉන් බධාවක් නොවේ.
නව හදුන්වා දීමක් ලෙස ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් වෙළදපොලට නිකුත් කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් 12.5 පැරණි ගෑස් සිලින්ඩර් වෙළදපොලේ හිග වීම සැලිකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න 'නෙත් කළ' විමසුමකදී පැවසිය.
පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක්!
මෙම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, මෙය පාරිභෝගික කටයුතු අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක් බවයි.
##########
THE LEADER TV
B & S ගේ පොහොර සින්දුවට කෝටි 8 ක් ?
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා!