The Leader News
BREAKING
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●
Top Ad
පුවත්

සදා සමරමු සොහොයුරෝ : '71 විරුවන් සටන් කලේ මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයට එරෙහිව' - හේමමාලි අබේරත්න

T

The Leader Desk

April 5, 2026 • 2:58 PM

සදා සමරමු සොහොයුරෝ : '71 විරුවන් සටන් කලේ මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයට එරෙහිව' - හේමමාලි අබේරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ' සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න පැවසුවාය.
  • එදා 71 අරගලයට පණ පොවපු අපේ ආදරණීය සහෝදරවරු සහෝදරියෝ සඨන් කළෙත් පීඩාවට එරෙහිව.
  • අන්න ඒ නිසයි අපි කියන්නේ 71 අරගලය කියන්නේ ශ්‍රේෂ්ඨ අරගලයක් කියලා.'' ඇය එබව සඳහන් කර සිටියේ, 1971 අරගලයට වසර 55ක් සැපිරීම නිමිත්තෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන අප්‍රේල් විරු සමරුව අමතමිනි.
  • "අධිරාජ්‍යවාදයට විනාශය - සමාජවාදයට විජයග්‍රහණය" තේමාවෙන් අද, අප්‍රේල් 5 පස්වරුවේ කොළඹ නවනගර ශාලාවේදී පැවති එම සමරු උත්සවයට 71 අප්‍රේල් අරගලයේ පරම්පරාවේ සිට පරම්පරා කිහිපයක ක්‍රියාධරයන් සහභාගී සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

 'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ' සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න පැවසුවාය.

" තමන් පීඩාවට පත් වෙන ඕනෑම මොහොතක පීඩිත පන්තිය තමන්ගේ පීඩාවට එරෙහිව සඨන් වැදුණා. ඒක තමයි ඉතිහාසයේ ඇත්ත. එදා 71 අරගලයට පණ පොවපු අපේ ආදරණීය සහෝදරවරු සහෝදරියෝ සඨන් කළෙත් පීඩාවට එරෙහිව. ඔවුන් සඨන් කලේ මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයට එරෙහිව. අන්න ඒ නිසයි අපි කියන්නේ 71 අරගලය කියන්නේ ශ්‍රේෂ්ඨ අරගලයක් කියලා.''

ඇය එබව සඳහන් කර සිටියේ, 1971 අරගලයට වසර 55ක් සැපිරීම නිමිත්තෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන අප්‍රේල් විරු සමරුව අමතමිනි.

"අධිරාජ්‍යවාදයට විනාශය - සමාජවාදයට විජයග්‍රහණය" තේමාවෙන් අද, අප්‍රේල් 5 පස්වරුවේ කොළඹ නවනගර ශාලාවේදී පැවති එම සමරු උත්සවයට 71 අප්‍රේල් අරගලයේ පරම්පරාවේ සිට පරම්පරා කිහිපයක ක්‍රියාධරයන් සහභාගී සිටියහ.

සමරු වැඩසටහනට විශේෂ සමරු දේශනයක් සහ සමරු ගීත ප්‍රසංගයක් ඇතුළත් විය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න,

''සමාජවාදය නැත්තම් මරණය''

අද අපි අධිරාජ්‍යවාද්‍යට විනාශය සමාජවාදයට විජයග්‍රහණය කියන තේමාවෙන් මේ 55 වෙනි අප්‍රේල් විරු සමරුව පවත්වන්නේ තීරණාත්මක මොහොතක. අද අධිරාජ්‍යවාදීන් ඉතිහාසයේ කවරදාටත් වඩා මෙලෙච්ඡ උපක්‍රම භාවිතා කරමින් භූමිය කොල්ල කන්න, ශ්‍රමය කොල්ලකන්න, වෙළඳපළ බලය අත්පත්කරගන්න උත්සහ කරමින් ඉන්නේ. ගාසා තීරයෙන් පටන් ගත්තම, යුක්‍රේනය, ලිබියාවේ ඉඳලා ඉරානය දක්වම අධිරාජ්‍යවාදී උවමනාවන් වෙනුවෙන් ලේ වැගිරීම් වෙනවා. දහස් ගණං අහිංසක ජනතාව මරා දැමෙනවා. මේ සියල්ල වෙන්නේ ඇමරිකාව, ඊශ්‍රායලය ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් නිසා. දැන් මේක හොඳටම ඇති. තෙල් සම්පත කොල්ලකන්න, ඛනිජ නිධි කොල්ලකන්න තියෙන කෑදරකමට පොඩි දරුවන්ගේ ඔළුව උඩට බෝම්බ අතහරින මේ නරුම ක්‍රමය අපි අවසන් කරන්න ඕන.

මේ නරුම බල වියරුව අවසන් කරන්න පුලුවන් එකම එක පාරක් විතරයි අපි ඉස්සරහා තියෙන්නේ. ඒ තමයි සමාජවාදය. ඒ නිසා තමයි එදා කියුබානුවන් අභිමානයෙන් ලෝකයට පේන්න ලිව්වේ සමාජවාදය නැත්තම් මරණය කියලා. ඔව් අපිත් අද හඬගාලා කියන්නේ ඒ අභිමානවත් වාක්‍යම තමයි. අනේ කෑ ගහන්න එපා ඇමරිකාව අපිටත් බෝම්බ ගහයි කියලා නිවට නියාලු වෙලා කොන්දක් පණ නැතුව ඉන්න ආණ්ඩුවක් අද අපිට තියෙන්නේ. කණගාටුවට කාරණය තමයි අද මේ ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු තමයි එදා අධිරාජ්‍යවාද්‍යට එරෙහිව 71 අරගලය මෙහෙයව්වේ. එදා සමාජවාදය නැත්තම් මරණය කියලා සඨන් කරපු ඒ සහෝදරවරුන්ගේ දේශපානලන අභිලාශයන් සියල්ල මේ ආණ්ඩුව පාවා දීලා ඉවරයි.



''අනුර - මෝදි හොර ගිවිසුම් අත්සන් කර අදට වසරයි!''

ගිය අවුරුද්දේ අප්‍රේල් 5 වෙනිදා මේ ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. ඒ ගිවිසුම්වල තියෙන්නේ අපේ රටේ ආරක්ෂාව, බලශක්ති ස්වාධීපත්‍ය, නිදහස් සෞඛ්‍යය අයිතිය වනසන යෝජනා. අනිත් පැත්‍තෙන් ආණ්ඩුව ඇමරිකානු න්‍යාපත්‍රයක් තමයි කර තියාගෙන යන්නේ. ගාසා තීරයේ ළමයි මරණකොට, ඉරානයේ පාසල්වලට බෝම්බ ගහනකොට. ඒවට එරෙහිව ආණ්ඩුව එක වචනයක් කිව්වේ නෑ. අඩුමතරමින් සමාජවාදී කියුබාවට සම්බාධක දමමින් කියුබාව ආක්‍රමණය කරන්න ඇමරිකාව කරනු ලබන අයුක්ති සහගත මැදිහත්වීම් හෙළා දකින්නවත් බැරි තරමට මේ ආණ්ඩුව ඇමරිකානු ගැති වෙලා. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්.


හෘද සාක්ෂියට එකඟව මේ නරුමත්වය ඉදිරියේ නිහඬව ඉන්න අපිට පුලුවන් කමක් නැහැ. ඒ නිසා එදා 71 විරුවන් ගිය පාරේ යන්න අපි මොහොතකටවත් පසුබට වෙන්නේ නැහැ. මේ අධිරාජ්‍යවාදී බල වියරුවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් වැඩකරන පන්තියේ ජනතා බලයක් ගොඩනගන්න අපි සූදානම්. අපි සඨන් කරන්නේ ඒ වෙනුවෙන්. අපි මේ රටේ සියලු ජනතාවටත් ආරාධනා කරනවා මේ අරගලය වටා එකතුවෙමු කියලා. "

''අපි මේ අවුරු 55කට පස්සෙත් 71 අරගලය ගැන සිහිපත් කරන්නේ ඇයි ?''


| පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක
මෙම සමරුවේදී අදහස් දැක්වූ  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක,

" ඇයි අපි මේ අවුරු 55කට පස්සෙත් 71 අරගලය ගැන සිහිපත් කරන්නේ. එදා 71 අරගලයට සම්භන්ධ වුණු අපේ සහෝදරවරු සඨන් කළේ අධිරාජ්‍යවාද්‍යට විරුද්ධව. " අධිරාජ්‍යවාද්‍යට විනාශය සමාජවාදයට විජයග්‍රහණය" කියන එක තමයි ඔව්න්ගේ තේමව වුණේ. අද අපි ජීවත් වෙන්නේ ඉතිහාසයයේ කවරදාටත් වඩා අධිරාජ්‍යවාදී නරුමත්වයෙන් බැට කන යුගයක. අන්න ඒ නිසා තමයි 71 අරගලය අදටත් අපිට දේශපානලනිකව වැදගත් වෙන්නේ.

ඔවුන් එදා ගත්තු දේශපානලනික ක්‍රියාමාර්ග ගැන මොනතරම් විවේචන තිබුණත් ඒ සහෝදරවරුන්ගේ අභිලාශයන්ගේ උදාර බව එක බිඳකින්වත් ඒ නිසා අඩු වෙන්නේ නැහැ. මොකද එදා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා මුළු මහත් සමාජයක් වෙනුවෙනුයි ඒ සහෝදරවරු සඨන් වැදුණේ.

අපි දන්නවා මේ අරගලයට නායකත්වය දුන්නේ, මේ අරගලය වටා එකතු වුණේ රෝහණ විජේවීර සහෝදරයා නායකත්වය දුන්නු ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙවෙයි. මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමය හමුවේ පීඩාවට පත් වෙලා හිටපු මුළු මහත් සමාජයක්ම 71 අරගලය එක්ක ආධ්‍යාත්මිකව බැඳිලා හිටියා. එදා 71 සහෝදරවරුන්ට තිබුණේ එකම අරමුණයි. ඒ තමයි රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ අරමුණ. එතනින් මෙහා ව්‍යාජ විසඳුම් ඔව්න්ට තිබුණේ නැහැ.


අද පැලවත්තේ ටිල්වින්ලා අවධි තුලින් විප්ලවය කරන්න පුලුවන් වගේ අතිෂයින් මෝඩ න්‍යායයික අදහස් පතුරවමින් යනවා. අපි ඔවුන්ට කියනවා නැවත මාක්ස්ගේ ලෙනින්ගේ ඉගැන්වීම් කියවගන්න කියලා. අපිට අවධි කතාවක් නැහැ. විප්ලවවාදියාට තියෙන්න ඕන රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණ විතරයි.  


''මේ අධිරාජ්‍යවාදී බල වියරුවෙන් මුළු මහත් සමාජයක් නිදහස් කරගැනීමේ අවස්ථාව''

අද ලෝකේ පුරා තැනින් තැන කුඩා සඨන් බිම් නිර්මාණය වෙමින් යනවා. මේ හුදකලා සඨන් බිම් එකාබද්ධ කිරීමේ වගකීම අපි බාර ගත යුතුයි. එදා ඉතිහාසයේ වැඩබිම්වල හිටපු වහල්ලු තේරුම් ගත්ත එක ඇත්තක් තිබුණා. ඒ ඇත්ත තමයි " අපි හදන්නේ අපිව හිර කරන අපිව බැඳ තබන යදම් විතරක් නෙවෙයි. අපිව නිදහස් කරන ආයුධ හදන්නෙත් අපිම තමයි. " අන්න ඒ ඇත්ත තේරුම් ගත්ත වෙලාවේ තමයි එදා මුළු මහත් සමාජ ක්‍රමයම පෙරළන්න වහල්ලු පෙරට ආවේ.  එදා ඒ යදම් කඩපු  වහල්ලුන්ට වගේම අද ලෝකෙ පුරාම ඉන්න විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරවලට අළුත් අවස්ථාවක් ඇවිල්ලා තියනවා. ඒ අවස්ථාව තමයි මේ අධිරාජ්‍යවාදී බල වියරුවෙන් මුළු මහත් සමාජයක් නිදහස් කරගැනීමේ අවස්ථාව.
               
එදා මැදපෙරදිග කලාපයේ රටවල් එක්ක පෙට්‍රෝ ඩොලර් සම්මුතිය අත්සන් කරලා එක්සත් ජනපදය මුළු ලෝකෙම තෙල් සම්පත තමන්ගේ අතට ගත්තා. මුළු ලෝකෙ පුරාම ඩොලරය ව්‍යාප්ත කිරීම තුළින් ඔවුන්ට පුලුවන් කම ලැබුණා ලෝක ආර්ථිකයෙන් වැඩි පංගුවක් කොල්ලකා ගන්න. මේ කොල්ලකෑම තීවෘ වෙන්න වෙන්න බිලියනපතියන්, ට්‍රිලියනපතියන් වර්ධනය වෙන්න ගත්තා. මුළු මහත් සමාජයක් එකතුවෙලා නිෂ්පාදනය කරන දේවල්වල සියලු වටිනාකම් මේ විදිහට සුළු පිරිසක් විසින් කොල්ල කද්දි සමාජයේ බහුතරයක් දුප්පත්කමට ඇදවැටෙන එක නවත්වන්න පුලුවන් කමක් නෑ. ඒ වගේම තමයි එහෙම දුප්පත් කමට ඇද වැටුණු සමාජයක්, පීඩාවට පත් වුණු සමාජයක් තවදුරත් ඉවසන්නේ නැහැ. අන්න ඒක දන්න නිසයි ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී රටවල්. පාලක පන්තිය අපිට එරෙහිව ආයුධ මුවහත් කරන්නේ.
 
අද මේ අධිරාජ්‍යවාදී යුද්ධය තියෙන්නේ මැදපෙරදිග කලාපයේ විතරයි. හැබැයි මැදපෙරදිග කලාපයෙන් එපිටට මේ බලපොරය ව්‍යාප්ත වෙන දවස වැඩි ඈතක නෙවෙයි. කවුරුහරි හිතනවනම් මේ යුද්ධය වෙන්නේ ලෝකේ එක කොණක විතරයි ඒ නිසා අපේ ඔළුවට බෝම්බ වැටෙන්නේ නැහැ කියලා ඒක මෝඩ කතාවක්. මේ වෙද්දි  අපි රටක් විදිහට ඇමරිකාව එක්ක මිලිටරි ගිවිසුම් අත්සන් කරලා ඉවරයි. ඇක්සා ගිවිසුමට අනුව ඉන්දියානු සාගරයේ ඇතිවෙන යුද්ධයකදී ඇමරිකාවට අපේ භූමිය, අපේ රෝහල් පාවිච්චි කරන්න ඉඩ ලබා දෙන්න අපි එකඟවෙලා ඉවරයි. අනික් පැත්තෙන් මේ ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. අපේ රටේ බලශක්ති ස්වාධීනත්වය, වගේම තමයි රාජ්‍ය ආරක්ෂාව පවා මේ ගිවිසුම් මගින් ඉන්දියාවට පාවාදීලා ඉවරයි.
 
අද මැදපෙරදිග කලාපයේ දිගහැරෙන යුද්ධය ජාතිවාදී යුද්ධයක්, එහෙම නැත්තම් ආගමික යුද්ධයක් විදිහට නිර්වචනය කරන්න සමහරු උත්සහ කරනවා. නමුත් හංගන්න බැරි ඇත්ත තමයි මේ යුද්ධය වෙන්නේ මැදපෙරදිග තෙල් සම්පත, ඛනිජ සම්පත කොල්ල කන්න කියන එක. අද ඇමරිකාවයි චීනයයි පැටලිලා ඉන්නේ අන්න ඒ සම්පත් කොල්ල කෑමේ යුද්ධයකට. ඒ වෙනුවෙන් තමයි ඇමරිකාව ඉතාම මෙලෙච්ඡ විදිහට පොඩි දරුවෝ ඉගෙනගන්න ඉස්කෝල උඩට බෝම්බ අතහරින්නේ. මැදපෙරදිගින් පස්සේ මේ අධිරාජ්‍යවාදී රටවල් අනිවාරෙන් ආසියාව දිහාවට හැරෙනවා. අන්න ඒ මොහොතෙදි අපිට වෙන්නේ අහක යන බෝම්වලට ඔළුව දෙන්න. මේ තත්වයට දශක 7ක් තිස්සේ අපේ රට පාලනය කරපු සියලු පාලකයෝ වග කියන්න ඕන.
         
''එදා 71 ජීවත් වුණු පරම්පරාව විස්වාස කළේ මුහුණු මාරුවක් නෙවෙයි''
 
එදා 71 ජීවත් වුණු පරම්පරාව විස්වාස කළේ මුහුණු මාරුවක් නෙවෙයි. පාලක පන්තියේ ඔළු ගෙඩි මාරු කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැරි බව ඔවුන් දැනගෙන හිටියා. ඔවුන් ඉදිරියේ තිබුණේ එකම විසඳුමයි.  ඒ තමයි වැඩකරන පන්තිය අතට රාජ්‍ය බලය ලබා ගැනීමේ අරගලය. අදත් අපි හිතනවා මුහුණු මාරු කරලා පක්ෂ මාරු කරලා මේ අධිරාජ්‍යවාදී මර උගුලෙන් ගැලවෙන්න පුලුවන් කමක් නෑ. මොකද එහෙම හිතලා ගෙනාපු ආණ්ඩුව පවා IMF එකේ ඉත්තෙක් වෙලා ඉවරයි.

ඒ නිසා අධිරාජ්‍යවාදී උගුලට එරෙහිව, ආර්ථිකේ පීඩනයට එරෙහිව, වගේම මනුෂ්‍යත්වය වනසන  නරුම යුද වියරුවට එරෙහිවත් වැඩකරන පන්තියේ ජනතා බලයක් අපි ගොඩනැගිය යුතුයි. අන්න ඒ සඳහා නායකත්වය දෙන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි සූදානම්. අද අපිට තියෙන එකම විකල්පය සමාජවාදය විතරයි. අන්න ඒ සමාජවාදී සමාජය නිරමාණය කරන්න එකතුවෙමු කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. 
 

 
0405fsp 3
0405fsp 2
0405fsp 10405fsp 40405fsp 70405fsp 60405fsp 8
 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සදා සමරමු සොහොයුරෝ : '71 විරුවන් සටන් කලේ මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයට එරෙහිව' - හේමමාලි අබේරත්න | The Leader