ශ්‍රි ලංකා  පරිපාලන ‍සේවයෙහි  හිටපු ප්‍රවීනයෙකු සහ ඉතිහාසය, ජනශ්‍රැතිය සහ නීති ක්ෂේත්‍රය පිළිබඳව කෘතීන්  ගණනාවක් ලියා පල කර ඇති කෘතහස්ත ලේඛකයෙකු වන ආචාර්ය නිමල් සමරසුන්දර අභාවප්‍රාප්ත වේ.
 
පසුගිය දින කිහිපයේ රෝගාතුරව සිටි ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අද (ජුනි 17) උදැසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ය. 
 
රාජ්‍ය භාෂා කොමසාරිස් ලෙසත්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් හා ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයකු ලෙසත් සේවය කර ඇති ආචාර්ය නිමල් සමරසුන්දර, කරු ජයසුරිය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ව සිටිය දී ඔහුගේ ලේකම් ලෙස කටයුතු කළේය.
 
“ භූතාන  ජනකතා” (පරිවර්ථන)  “Women and  domestic law and life in sir Lanka and the SAARC Countries” ග්‍රන්ද්වයය ආචාර්ය නිමල් සමරසුන්දර විසින් සම්පාදිත ය.
 
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) සභාපති ලෙස කටයුතු කල වෛද්‍ය සයුර සමරසුන්දර ඇතුළු දරුවන් සිව් දෙනෙකුගේ පියාණන් වූ ආචාර්ය නිමල් සමරසුන්දර, අගලවත්ත ප්‍රදේශය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකළ අයෙකි.
 
හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, ආචාර්ය නිමල් සමරසුන්දරගේ බෑනනුවන් වේ.
 
දේහය සිකුරාදා (18) දිනයේ පෙරවරුවේ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ 'රෙස්පෙක්ට්' හි තැම්පත් කර තැබීමට කටයුතු කරන බවත් පසුදින (සෙනසුරාදා) පෙරවරු 10.00 ට බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදුකරනු ලබන බවත්  පවුලේ ඥාතියකු පැවසිය.

 

THE LEADER TV 
 
 
 
බැසිල් ජනපති-අගමැති එක්ක ගේමකට එන්නේ ඇයි?
 
 
 
 
බැසිල්-ගම්මන්පිල ගැටුමෙන් එළියට ආ කොමිස් කතාව? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්