කොවිඩ් මරණ වාර්තා සඳහන් යම් දන්ත නිවැරදි නොවන බවත් ඇතැම් මරණ දෙවතාවක් සඳහන්ව ඇති බව බුද්ධි අංශ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදිය. 
 
එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය වි ඇති බවයි.
 
ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගෙන ඇති අතර ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිවරයා පැවසීය. 
 
දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා පැවසිය.
 
මෙම 'වරද'  ජනාධිපතිවරයා විසින් සොයා ගන්නා තෙක් ඔහුගේ කාර්ය සාධක බලකා තුළ සිටින මැති ඇමතිවරුන්, ජෙනරාල්වරුන් හා වෛද්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුව නොතිබීම සුවිශේෂී කාරණයකි.
 

 
 
 
WhatsApp Image 2021 06 18 at 6.20.28 PM
 

 
THE LEADER TV 
 
බොලේ ගම්මං පිලේ.. බැසිල් ගැසූ ගේම සහසුද්දෙන්ම මෙන්න! | The Leader TV
 

 
 
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක් ! 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්