කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් ශ්‍රී ලංකාව ආසන්නයේ

ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ‌‌ප්‍රේඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කරයි. 

මෙම ඩ්‍රෝන යානා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට මෙන්ම එරට නාවික හමුදාවට උපකාර වනු ඇති බවද ඉන්දීය නාවික හමුදාව පවසයි.
 
ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් පවසා ඇත්තේ විශේෂයෙන්ම සාගර කලාපයේ සැරිසරන යාත්‍රා පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මෙම ඩ්‍රෝන යානා උපකාර කරනු ඇති බවයි.
 
 
 
කලාපයේ චීන ක්‍රියාකාරකම්:
 
ඔහු වැඩිදුරටත් පවසන්නේ, අසල්වැසි චීනය සහ පාකිස්තානය සමග පවතින සමීප තත්ත්වයන් ඉහළ යෑම හේතුවෙන් සිය ගොඩබිම් හා මුහුදු ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාව එක්සත් ජනපදයෙන් ඩ්‍රෝන යානා 30ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
 
එක්සත් ජනපදයේ සැන්ඩියාගෝ (san dieago) පරමාණුක ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන MQ-9B ප්‍රේඩේටර් ඩ්‍රෝන යානයකට පැය 48ක පමණ කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි අතර කිලෝග්‍රෑම් 1700ක බරක් රැගෙන යා හැකිය.
 
මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඊයේ (21වැනිදා) පස්වරුවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන වෙත හදිසි දුරකථන ඇමැතුමක් ලබාදී ඇත. පැය භාගයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී දෙරටේ අතිශය වැදගත් කාරණා කීපයක් සාකච්ඡා කළ බව දෙරටේ විදේශ අමාත්‍යාංශ නිල වාර්තා සඳහන් කරයි.
 
 
 
ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය :
 
 tytryty
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල
 
 
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඩ්‍රෝන යාන යොදවන බව ඉන්දීය නාවික හමුදාව සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් අද (22) කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කිරීමක් සිදුවිය.
 
එහිදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ දැයි මාධ්‍යවේදිහු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් විමසා සිටියහ.
 
ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරනු ලැබුයේ විදේශ කටයුතු අමාත්‍යංශය අවශ්‍ය ප්‍රමාණයට මැදිහත්ව කටයුතු කරන බවයි.
 
එසේම භූ දේශපාලනය හා සම්බන්ධ කලාපීය ගැටලු ඉතිහාසයේ සිට තිබී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
 
(අරුණ)

 

 

 


 

THE LEADER TV 
 
 
බැසිල්ගේ රෙදි ගලවන්න උදයගෙන් කැබිනට් පත්‍රිකාවක් !
 
 
 
 
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්