රට මේ වන විට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සමඟ ගනුදෙනු කිරීම බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.
 
අතීතය ගැන කථා කිරීමෙන් රට පත්ව සිටින තත්ත්වයෙන් ගොඩ ආ නොහැකි බව ද සඳහන් කර සිටි එජාප නායකයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට රජය අකමැති නම් එයට ඇති විකල්පය කුමක් දැයි හෙළි කරන ලෙස ද ඉල්ලා සිටියේය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාමේ බව සඳහන් කළේය.
 
ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.
 
 Sri Lanka 2
 
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු එහි නායක රනිල් වික්‍රමසිංහ, එම මන්ත්‍රී ධූරයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (23) දිවුරුම් දුන්නේය.
 
 දිවුරුම් දීමෙන් පසුව ඔහු ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුබපැතුම් මධ්‍යයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක අසුන් ගත්තේය.
 
ඒ විපක්ෂයේ ඉදිරි පෙළ දහතුන්වෙනි ආසනයේය.
 
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර, එම  මන්ත්‍රීධුරය සඳහා මන්ත්‍රීවරයකු ඒ පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කරනු ලැබුවේ වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවය.
 
 
 'කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථකයි' :
 
 
අද වන විට ප්‍රශ්න ගණනාවක් එකට එකතු වී ඇති බවද සඳහන් කර සිටි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා, ආර්ථික අර්බුදයට මුලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවත්, ඒ සඳහා ක්‍රියාත්මක කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් සඳහන් කළේය.
 
තවදුරටත් පාර්ලිමේන්තුව ඇමතු එජාප නායකයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව පෙන්වා දුන්නේය.
 
මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවද ඔහු එහිදී අවදාරණය කර සිටියේය.
 
  
ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ගෙන යන්න එපා යැයි කී රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවද සඳහන් කළේය.
 
 
 
කැබිනට් මණ්ඩලයට බලතළ දෙන්නේ නැත්තේ ඇයි ?
 
 
"මේ කාර්ය සාධක බළකායට ඉදිරියට යන්න බෑ. අසාර්ථ වෙලා තියෙන්නේ. හැමදේම වැඩිවෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතළ දෙන්නේ නැත්තේ. 
 
ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට විතරයි. අගමැතිතුමා මෙතෙන ඉන්නවා ඇමතිවරුත් මෙතෙන ඉන්නවා. ඔබ තුමාලා භාරගන්න. වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන ඇවිත් කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න. 
 
ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාරනොදෙන්නේ. WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ. 
 
ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට නැත්තන් කැබිනට් මණ්ඩලයට විතරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය මත. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒ බලතල ගන්න."
 
 
##########
 
 
THE LEADER TV 
 
'ස' ගේ කාබනික පොහොර ටිකත් ගජමිතුරු බඩට ! 
 
 
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ? 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්