සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
 මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ මූලික තාක්ෂණික කටයුතු සති කිහිපයකින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 

චීන සමාගම කොන්දේසි දමයි…
 
 
 
ශ්‍රී ලංකාවට විකිණීමට නියමිත සිනොවැක් එන්නතක මිල හෙළිදරව් කළ හොත් සාම ගිවිසුම අවලංගු කරන බව එන්නත නිපදවන චීන සමාගම දන්වා ඇතැයි lankatruth.com වාර්තා කරයි. එම පුවත්පත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
 
චීනයේ Sinovac Lifesciences Co.Ltd ආයතනය සහ ශ්‍රී ලංකාවේ Kelun Lifesciences Pvt Ltd අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත් කර ඇත. ඒ අනුව එන්නතක මිල පිළිබඳව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රසිද්ධියේ කතා කිරීම ගිවිසුම අවසන් කිරීමට හේතුවනු ඇත.
 
මීට කලින් සිනොෆාම් එන්නතක් ශ්‍රී ලංකාවට ඩොලර් 15ට ලබා දෙද්දී එම එන්නතම බංග්ලාදේශයට ඩොලර් 10ට ලබාදීම ගැන මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනට ලිපියක් යොමුකරන Kelun ආයතනය දන්වා සිටින්නේ ශ්‍රී ලංකාව විසින් එන්නත් ලක්ෂ 130ක් මිලදී ගත යුතුය යන්න ගිවිසුමේ තවත් කොන්දේසියක් බවයි.
 
 එහි පළමු එන්නත් ලක්ෂ 30 සඳහා කලින් මුදල් ගෙවිය යුතු බවත් ඉතිරි ලක්ෂ 100ට ණයවර ලිපි විවෘත කළ හැකි බවත් සඳහන් වේ. 
 
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් කියා සිටියේ සැප්තැම්බර් මාසය වනවිට එන්නත් ලක්ෂ 130ක් ලංකාවට ලැබෙන බවයි. ඒ මේ ගිවිසුම ප්‍රකාරවය.
 
චීනයේ නිපදවන එන්නත මහනුවර පල්ලෙකැලේ පිහිටි Kelun Lifesciences කර්මාන්ත ශාලාවේ දී පිරවීම හා ඇසිරීම සිදුකරයි.''
 
Jun 11 2021.06.28
 
 
 
What do we know about the Chinese vaccines?
 
 
##########
 
 
THE LEADER TV 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ? 
 
 
 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්