කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල දෙවන පර්යන්ත ව්‍යාපෘතියේ ඉඳිකිරීම් වලට අදාලව දැවැන්ත මුදල් මංකොල්ලයක් සිදුවෙමින් තිබෙන බව අනාවරණය වේ. 
 
ගුවන් සේවා සමාගමේ ඉංජිනේරුවන් පිරිසක් විසින් මෙම මංකොල්ලය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් යොමුකර ඇති ලිපියක් මගින් ඊට අදාල කරුණු රාශියක් අනාවරණය කර තිබේ.
 
ප්‍රබල ඇමැතිවරයකුගේ සහය ඇතිව ඔහුගේ බෑණනුවන් දෙදෙනෙකු මේ වන විටත් ප්‍රමිතියෙන් අඩු ඉතාම බාල ගණයේ උප කොන්ත්‍රාත්කරුවන් යොදා ඩොලර් මිලියන ගණනින් මුදල් උපයාගෙන ඇතැයි ද එම ඉංජිනේරුවන් ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.
 
රටට දැවැන්ත ආර්ථික වාසියක් ගෙනෙන මෙවැනි ව්‍යාපෘතියකින් අදාල ඇමතිවරයාගේ පවුලේ ඥාතීන් ඩොලර් මිලියන 20 ක කොමිස් මුදලක් වෙනුවෙන් රටේ ආර්ථිකය ඝාතනය කිරීම, මෙවන් අවධියක නුසුදුසු බැවින් මෙයට මැදිහත් වී ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට සුදුසු වාතාවරණයක් සකසා දෙන මෙන් එම ඉංජිනේරුවන් පිරිස ජනාධිපතිවරයා වෙත එම ලිපිය මගින් ආයාචනය කර තිබේ.
 
 
WhatsApp Image 2021 06 28 at 9.09.00 AM 
සමාජ මධ්‍යයේ පලවී ඇති පොස්ටුවක් ..
 
 
ගුවන් සේවා සමාගමේ ඉංජිනේරුවන් පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් පරිදි,  2020.11.26 වන දින Taisei සමාගම විසින් ව්‍යාපෘතියේ උපදේශක සමාගම වන JAC (Japanese Airport Consultant) ආයතනයට අනුමැතිය සඳහා ප්‍රධාන උප කොන්ත්‍රාත්කරු ලෙස  Chinna State Construction Engeneering Corporaion  සමාගම යෝජනා කරන තිබේ.
 
JAC සමාගම විසින් අනුමත කිරිමට අවශ්‍ය මුලික සාධක නොමැති බැවින් සහ අඩුපාඩු ඇති හෙයින් එය අනුමත කර නොමැත.
 
2021.01.04 වන දින නැවත අඩුපාඩු සකසා යෝජනා කර ඇති නමුත් එම යෝජනාව අනුව Chinna State සමාගම සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බැවින් JAC (අනුමත කිරිමේ එකම බලධාරියා) සමාගම විසින් දෙවන වරටත් ප්‍රතික්ෂේප කර තිබේ.
 
Taisei සමාගම විසින් නැවතත් මාර්තු මස 04 වන දින නැවත අනුමැතිය සඳහා ඉල්ලීම් කර ඇති නමුත් යෝජිත උප කොන්ත්‍රාත්කරු වන Chinna State Construction Engeneering Corporaion සමාගම අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බැවින් JAC සමාගම විසින් අප්‍රේල්  21 වන දින නැවත ප්‍රතික්ෂේප කොට වෙනත් සුදුසු සමාගමක් යෝජනා කරන ලෙස දැනුම් දී ඇත.
 
උපදේශක JAC සමාගම විසින්  අප්‍රේල් මස 30 වන දින Taisei සමාගමට හැකි ඉක්මනින් සුදුසුකම් ඇති වෙනත් උප කොන්ත්‍රාත්කරුවෙකු  යෝජනා කරන ලෙස නියෝග කර තිබේ. ( මෙය හුදෙක් දැනටමත් Taisei සමාගම ඔවුන්ගේ ඉදිකිරීම් ප්‍රමාද වී ඇති බැවින්  තව දුරටත් නුසුදුසු ආයතනය යෝජනා කරමින් ව්‍යාපෘතිය ප්‍රමාද වීම වළක්වා ගැනීම සඳහාය.)
 
 
ඇමතිගේ බලපෑම් !
 
 
කැබිනට් අමාත්‍යවරයකු විසින් උපදේශක සමාගමට කරන ලද බලපෑම මත,  උපදේශක සමාගම වන JAC විසින් නැවත වරක් Taisei සහ China State Construction Engeneering Corporaion සමාගම ඉදිරිපත් කිරීමක් ( Presentation) කිරීමට අවස්ථාවක් ලබා දී ඇති අතර, ඉන්පසුව JAC සමාගම විසින් China State Construction Engeneering Corporaion සමාගම නුසුදුසු බැවින් නැවත වරක් මැයි මස 29 වන දින ලිපියකින් ප්‍රතික්ෂේප කොට වෙනත් සුදුසු සමාගමක් යෝජනා කරන මෙන් ලිඛිතව නියෝග කර ඇත. 
 
 
මෙම ව්‍යාපෘතිය Taisei සමාගමට පැවරීම සඳහා ඇමැතිවරයකුගේ සොයුරකු  (රජයේ ආයතනයක සභාපති ධුරයක් දරන) සිංගප්පූරුවේදි අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සමඟ ගිවිස ගත් පරිදි ඩොලර් මිලියන 20 ක කොමිස් මුදලක් දැනටමත් ලබා ගෙන ඇතැයි ද ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.
 
 
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන උප කොන්ත්‍රාත්කරු වන Chinna State සමාගමට, තාක්ෂණික දෝෂ මත  5 වතාවක් ප්‍රතික්ෂේප කර තිබියදීත්, ඩොලර් මිලියන 10 කොමිස් මුදලක් ලබා ගැනීම සඳහා අදාල අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තව දුරටත් දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව අදාල ලිපියේ දැක්වේ. 
 
 
ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු :
 
 
JAC සමාගම විසින් China State Construction Engneering සමාගම ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස පහත කරුණු ඉදිරිපත්කර ඇත. 
 
 
1. යෝජිත වැඩ සඳහා පළපුරුද්දක් නොමැති චීන ජාතික නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් යෝජනා කිරීම.
 
 
2. වැඩ කර ගැනීම සඳහා අවශ්‍ය ශ්‍රී ලාංකික පළපුරුදු කණ්ඩායමක් China State සමාගම සතුව නොමැති වීම.
 
 
3. යෝජිත වැඩ කරගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ නොමැති වීම.
 
 
4. ප්‍රමාණවත් කම්කරුවන් ඔවුන් සතුව ඉන්නා බවට පෙන්වීමට නොහැකි වීම.
 
 
5. China State සමාගම විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියරේදි දුර්වල ක්‍රියාකාරකම් සහ අනුමත දිනයට බාර දීමට නොහැකි විම තුලින් ඔවුන් විසින් මෙරට තුල සිදු කළ එම ව්‍යාපෘතියෙන් ද ඔවුන්ගේ නොහැකියාව මනාව පෙන්වා ඇත (වසරකට වැඩි කාලයක් ප්‍රමාද වීම)
 
 
සිවිල් හා ගුවන් සේවා සමාගමද අනුමැතිය දීමේ එකම බලධාරියා වන JAC (Japanese Airport Consultant) ආයතනයේ නිගමනය නිවැරදි යයි අනුමත කර ඇති නමුත්, ඇමති පවුලේ සගයෙකු වන ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයකු හරහා තවමත් JAC සමාගම සමඟ රැස්වීම් පවත්වමින් Chana State අනුමත කරන ලෙසට බලපෑම් කරමින් සිටින බව අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 
 
Latter exnews 2021.06.28 
Ex latter2
පිළිතුරුදීමේ අයිතිය :
 
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
 
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
##########
THE LEADER TV 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්