කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක පසුගිය සඳුදා (ජුනි 28) කිසිඳු උත්සවයකින් තොරව වැඩ භාරගෙන ඇත.
 ඒ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදී ඔහු කියා සිටියේ රටට යම් යුතුකමක් ඉටු කිරීමේ අරමුණින් තමන් එම තනතුර භාරගත් බවයි. 
 
කෙසේ වෙතත් මේ මොහොතේ රට තුළ සිදුවන කටයුතු පිලිබද තමන් කලකිරීමකින් පසුවන බවද ජෙනරල් දයා රත්නායක 'නෙත් නිවුස්' වෙත කියා සිටියේය.
 
මීට පෙර වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළේ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහාය.
 
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදුකිරීමට නියමිත රුපියල්  බිලියන ගණනක ව්‍යාපෘතියක් රටට අවාසිදායක ලෙස ක්‍රියාත්මක කිරීමට යන ආකාරය පිළිබඳව බලධාරීන් වෙත විරෝධය පළකිරීම නිසා විශ්‍රාමික ජෙනරල් දයා රත්නායකව වරාය සභාපති ධුරයෙන් ඉවත්කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.  
 
 

##########
THE LEADER TV 
කපුටෙකු මරා තටුව එල්ලන්න: ඇමති ජොන්ස්ටන් කියන්නේ මොකක්ද?
 

ශානිගේ ජීවිතේ අනතුරේ : ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලිපියක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්