එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියෙන් පසු එල්ල වී ඇති අභියෝගය හමුවේ 'සමගි ජන බලවේගය' මුළුමනින්ම
ප්‍රති සංවිධානය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීන්දු කර ඇත.
 
එජාප නායකයාගේ විනාඩි 7ක පාර්ලිමේන්තු ප්‍රකාශයට මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරක් ලැබී තිබුන අතර ම හිටපු අගමැතිවරගේ ප්‍රකාශය හා විපක්ෂ නායකවරයාගේ පසුගිය පාර්ලිමේන්තු කතා බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සංසන්දනයට ලක්ව තිබිණ.
 
එසේම පසුගිය මහ මැතිවරණයේ දී 'සමගි ජන බලවේගය'ට සහය පළකර සිටි එජාප පළාත් පාලන නියෝජිතයින්ගේ මන්ත්‍රී ධුර පසුගියදා අධිකරණයෙන් ලැබුන නඩු තීන්දුවත් සමග අහෝසි වී ඇති තත්ත්වයක් තුළ ප්‍රාදේශීය මට්ටමින් එජාප නියෝජිතයින් අලුතින් පත්කර තිබීම ද මේ වනවිට සජබට යම් අභියෝගයක්ව තිබේ.
 
 
සජිත්ගේ උපදේශකයින් පස්දෙනා වහාම රැස්වේ :
 
 
මෙම කාරණය පොසොන් පොහොය දිනට පෙරදින එනම්, පසුගිය 23 බදාදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ සජබ ජ්‍යෙෂ්ඨයින්ගේ අවදානයට යොමුව ඇත.
 
පාර්ලිමේන්තුවේ පැවැති එම සාකච්ජාවට රන්ජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, කබීර් හෂීම් හා සරත් ෆොන්සේකා යන මන්ත්‍රීවරුන් සහභාගී වී තිබිණ.
 
විපක්ෂ නායකවරයා විසින් කරන ඇතැම් ප්‍රකාශ වචන හරඹ ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට ලක්වෙමින් තිබීම මෙහිදී කතාබහට ලක්ව ඇති අතර මින් ඉදිරියෙදී පක්ෂ නායකයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශ හා රැස්වීම වලදී සිදුකරන ප්‍රකාශ පැහැදිලි හා හරයාත්මක විමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණයට ලක්ව තිබේ.
 
පාර්ලිමේන්තුව තුල දී මෙන්ම පිටත දී නායකත්වයේ ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී කතාබහට ලක්ව ඇතැයි වාර්තාවේ.
 
පක්ෂය හා පක්ෂ නායකත්වය අලුත් මුහුණුවරකින් එළිදැක්වීමට අදාළ යෝජනාවලියක් කෙටුම්පත් කිරීමට මෙහිදී තීන්දුකර ඇති අතර එහි වගකීම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත පවරා තිබිණ.
 
මෙම සාකච්ජාව පුරා පැය 4කට වැඩි කාලයක් පැවති අතර, මෙහිදී ඇතිකර ගත් එකඟතාවයන් සම්බන්ධයෙන් පක්ෂයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් සමග වැඩිදුරටත් සාකච්ජා කිරීමට තීන්දුකර තිබිණ. ඒ අනුව පසුදා විපක්ෂනායක කාර්යාලයට පක්ෂයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කැඳවීමට තීන්දු කර ඇත.
 
 
පොහොන් සාකච්ජාව 
 
 
එම තීන්දුව මත පොසොන් පුන් පොහෝදා (ජුනි 24) විපක්ෂ නායක කාර්යාලයේ සංවිධානය කරතිබු වැඩමුළුවට රන්ජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, කබීර් හෂීම් හා සරත් ෆොන්සේකා යන විපක්ෂ නායකවරයාගේ උපදේශකයින් පස්දෙනා (05) මෙන්ම, එස්.එම්. මරික්කාර්, හර්ෂ ද සිල්වා, හරින් ප්‍රනාන්දු, තලතා අතුකෝරල, ඉරාන් වික්‍රමරත්න, මනුෂ නානායක්කාර ආදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කැඳවා තිබිණ. විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ රවී ජයවර්ධන ද මෙම වැඩමුළුවට සහභාගී වී ඇත.
 
වැඩමුළුව ආරම්භ කරමින් විපක්ෂනායකවරයා විසින් විශේෂයෙන් කැඳවා තිබුන අයකු විසින් පක්ෂ නායකත්වය, පක්ෂ යාන්ත්‍රණය, තනතුරු හා වගකීම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ හේතුන් පැහැදිලි කර දී තිබේ. 
 
පක්ෂ නායකවරයාට මෙන්ම පක්ෂ මහ ලේකම්වරයාට වගකීම් දරන 30 දෙනෙකු පමණ වාර්තා කරන පසුබිමක් තුල පක්ෂය නායකත්වය වටා බලය මධ්‍යගතව තිබීම බලවත් දුර්වලතාවක් ලෙස පැහැදිලි කර ඇති එම විශේෂඥයා, පක්ෂයේ බලතල හා වගකීම් විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාවය අවදාරණය කර ඇත.
 
ඒ අනුව පක්ෂ යාන්ත්‍රනය ප්‍රතිසංවිධානයට අදාල වාර්තාවක් සැකසීම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත පවරා තිබේ.
 
ආචාර්ය හර්ෂ ද සිල්වා මෙන්ම ඉරාන් වික්‍රමරත්න මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. 
 
එම වැඩමුළුවට සහභාගී වූ සියලුදෙනාම පාහේ පක්ෂයේ ප්‍රතිසංවිධානයක අවශතාවය අවදාරණය කර තිබේ.
 
එම වැඩමුළුවෙන් අනතුරුව විපක්ෂ නායකවරයාගේ උපදේශක කණ්ඩායමේ 5 දෙනා යලිත්  ජුනි 29 දා රැස්වී පක්ෂයට නව මුහුණුවරක් දීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත. 
 
 
##########
 
 
THE LEADER TV 
 
කපුටෙකු මරා තටුව එල්ලන්න: ඇමති ජොන්ස්ටන් කියන්නේ මොකක්ද?
 

ශානිගේ ජීවිතේ අනතුරේ : ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලිපියක් !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්