හමුදා කඳවුරක් තුළ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම ජීවිත ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවට එහි ප්‍රයෝගික අත්දැකිම් විඳිමින් සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයෙක් අනතුරු අඟවයි.
 "දැන් මේ කතා කරන මොහොතේ කවුරු හරි ඇවිල්ලා ගුවන් හමුදා කදවුරට බෝම්බයක් දානවා. ඒ බෝම්බෙන් අපි මැරෙනවා. කවුද අපේ ජීවිත වලට වග කියන්නේ?”
 
 උසස් අධ්‍යාපනය හමුදාකරණය කිරීමට එරෙහිව අගනුවර දියත් කළ විරෝධතාවයකදී අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් ඇප නියම කළ වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් පොලීසිය විසින් බලහත්කාරයෙන්  නිරෝධායනය සදහා මුලතිව් ගුවන් හමුදා කදවුර වෙත යවා තිබුනි.
 
 කඳවුර තුල හිඳිමින්ම මාධ්‍ය හමුවක් පවත්වමින් ජුලි 12 සදුදා ගුරු සංගම් නායකයා ප්‍රශ්න කළේ රටේ නීතියෙන් පරිබාහිරව තමන් ඇතුළු පිරිස මේ වන විට සිටින්නේ කාගේ යටතේද යන්නයි.
 
 " දැන් මේ අපි ඉන්නේ කාගේ යටතේද? මේ රටේ අධිකරණ පද්ධතියට අපි අයිති නෑ. මේ රටේ ව්‍යවස්ථාදායකයට අපි අයිති නෑ.  "
 
 වසංගතය ආසාදිත හෝ ආශ්‍රිතයන් නොවන  පිරිසක් බලහත්කාරයෙන් රදවා තබා ගැනීම රටේ මානව හිමිකම් පිළිබදව බරපතල ප්‍රශ්නයක් බව ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වීදි සටන් කරුවකුද වන ජෝසප් ස්ටාලින් එහිදී අවධාරණය කළේය.
 
 බලහත්කාරයෙන් මිනිසුන් කුදලාගෙන විත් හමුදාකඳවුරු තුළ රැදවීමට පොලීසියට ඇති බලය කුමක්දැයි ඔහු එහිදී දැඩිව ප්‍රශ්න කළේය.
 
 
 WhatsApp Image 2021 07 11 at 12.08.49 AM
 
 
උසස් අධ්‍යාපනය හමුදාකරණය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ඒකාබද්ධ අරගලයකින් පරාජය කරන බවට ආණ්ඩුවට අනතුරු ඇගවු ජෝසප් ස්ටාලින් මාධ්‍ය හමුවේදී දැඩිව අවධාරණය කර තිබුනේ ශ්‍රී ලංකාවේ සියළුම සේවාවන් සදහා යුද හමුදාව යොදවා තිබෙන ආකාරයට අධ්‍යාපනය සදහාත් හමුදාව යෙදවීමට දරන උත්සාහයට දැඩි විරෝධය පළ කරන බවයි.
 
 අධිකරණය විසින් නිදහස් කළ ලොව ප්‍රකට ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු මෙලෙස  බලහත්කාරයෙන් ගුවන් හමුදා කදවුරක් තුළ රඳවාගෙන සිටීම ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය නොලැබී යෑමට හේතුවක් විය හැකි බවට හිටපු අගමැතිවරයා අභිනව මුදල් අමාත්‍යවරයාට පසුගියදා  අනතුරු අඟවා තිබුනි.
 
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුලි 09 සිකුරාදා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අවධාරණය කර තිබුනේ, ලංකා ගුරු සංමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් යුරෝපීය සංගමය දන්නා පුද්ගලයකු බැවින් ඔහුගේ නිදහස වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි.
 
 
 
 
 
THE LEADER TV 
 
 
 
##################
 
කෞෂිගේ ලේකම් පත්වීම බොරුවක්!
 

 
පොහොර වැඩෙනුත් : ප්ලෑන් කරලා බැසිල්ව ඇන්නුවද ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්