දෙවැනි රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයකුගේ ආරක්ෂකයන් විසින් කළ පුද්ගල ඝාතනයක් ගැන
නිසි පරීක්ෂණ සිදු නොවන බවට පොලීසියට චෝදනා එල්ල වී තිබේ.
 
මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති සතාසිවම් වියාලේන්ද්‍රන්ගේ ආරක්ෂකයන් විසින් එන්.බාලසුන්දරම් වෙඩිතබා ඝාතනය කරන ලද්දේ ඉකුත් 21වැනිදා රාජ්‍ය ඇමතිවරයාගේ මඩකළපුවේ පිහිටි නිවස ඉදිරිපිටදී ය.  
 
මරා දැමුනු බාලසුන්දරම් ගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ මඩකළපුව පොලීසිය පරීක්ෂණ ගැන කිසිදු උනන්දුවක් නොදක්වන බවයි .
 
දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් ඉදිරියේ ඒ සම්බන්ධ නඩු විභාගය ඊයේ (12) කැඳවු අවස්ථාවේදී ඥාතීන්  කියා සිටියේ මඩකළපුව පොලීසිය විසින් තව දුරටත් පරීක්ෂණ කරගෙන යාමට තමන් විරුද්ධ බවය.   
 
ඝාතන පරීක්ෂණ කටයුතු සාධාරණව පැවැත්වීමට නම් වෙනත් පොලිසියක් වෙත මාරු කරන ලෙස කරන ලද  ඉල්ලීම පිලිගත් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා මඩකළපුව නියෝජ්‍ය පොලිස්පති වරයා වෙත නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ අදාල ඝාතන පරීක්ෂණ  වෙනත් පොලීසියක් වෙත යොමු කරන ලෙසයි .
 
යළිත් නඩු විභාගය අගෝස්තු මස 26 වැනිදා දක්වා කල් තැබිනි.

 

 

 


 

THE LEADER TV 
 
 

බැසිල් දැල එලයි - කැටගොඩ අවුලක

ආණ්ඩුවට හිරු පත්තරේ විස්තරේ විෂ වෙලා!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්