The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

75 වසරේ සාපය ජනාධිපතිතුමා අද ප්‍රතික්ෂේප කළා - හර්ෂ ද සිල්වා කියයි

T

The Leader Desk

February 4, 2026 • 10:55 AM

75 වසරේ සාපය ජනාධිපතිතුමා අද ප්‍රතික්ෂේප කළා - හර්ෂ ද සිල්වා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේ පැවති සැමරුම් උත්සවයෙන් අනතුරුව ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සජීවි වීඩියෝවක් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
  • ඒ තමයි 75 වසරක් තිස්සේ හොඳ දේවලුත් තිබ්බා අයහපත් දේවලුත් තිබ්බා.
  • අවුරුදු 75ක සාපය කියන එක මම හිතන්නේ අද ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කරා ජනතාව ආමන්ත්‍රණය කරපු අවස්ථාවේදී.
  • නමුත් සියලුම දේවල් නරක දේවල් නෙමෙයි." 78 වසරක නිදහස් ඉතිහාසය තුළ ලබාගත් ශක්තිමත් සහ සාධාරණ දේ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව පවසන හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එකට එක්වී ශක්තිමත් රටක් ලෙස ඉදිරියට යාම තම ප්‍රාර්ථනාව බව ද තව දුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේ පැවති සැමරුම් උත්සවයෙන් අනතුරුව ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සජීවි වීඩියෝවක් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

"ගරු ජනාධිපතිතුමාගේ කතාවේදී එතුමා සාමාන්‍යයෙන් නොකියන දෙයක් අද කිව්වා. ඒ තමයි 75 වසරක් තිස්සේ හොඳ දේවලුත් තිබ්බා අයහපත් දේවලුත් තිබ්බා. නමුත් හොඳ දේවල් තිබ්බා. අවුරුදු 75ක සාපය කියන එක මම හිතන්නේ අද ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කරා ජනතාව ආමන්ත්‍රණය කරපු අවස්ථාවේදී. ඒක තමයි අපි දිගින් දිගටම කිව්වේ. හොඳ දේවල් වුණා හොඳ නැති දේවල් වුණා. නමුත් සියලුම දේවල් නරක දේවල් නෙමෙයි."

 

78 වසරක නිදහස් ඉතිහාසය තුළ ලබාගත් ශක්තිමත් සහ සාධාරණ දේ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව පවසන හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එකට එක්වී ශක්තිමත් රටක් ලෙස ඉදිරියට යාම තම ප්‍රාර්ථනාව බව ද තව දුරටත් සඳහන් කළේය.

 

එසේම, නිදහස ලබා වසර 78ක් ගතවී ඇතත් රට තවමත් ආර්ථික වශයෙන් නිදහස ලබා නොමැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජනතාවට සැබෑ නිදහස භුක්ති විඳීමට නම් රට, ආර්ථික නිදහස ලබා ගැනීම අත්‍යවශ්‍ය බව කියා සිටි අතර ජනතාවට තමන්ගේ ශ්‍රමය සහ ධනය තමන්ට රුචි පරිදි භාවිතා කිරීමට ඇති හැකියාව සැබෑ නිදහස බව කියා සිටියේය.



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...