අද වන විට මෙරට තුන්වේල කන්න නැති පිරිසක් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
 
සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීම සිය එකම අරමුණ බව පවසන මුදල් ඇමතිවරයා,  ඒ සඳහා තමන්ට උදව් කරන ලෙස පළාත් පාලන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියි.
 
ඔහු එම ඉල්ලීම කරනු ලැබුවේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (17) පැවැති පළාත් පාලන ප්‍රධානින්ගේ හමුව අමතමිනි.
 
ජනතාවට සහන ලබාදීම තම ප්‍රධාන ඉලක්කය බව ද පැවසූ මුදල් ඇමතිවරයා, දැනට වසා දමා ඇති රට සම්පූර්ණ විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය මූලිකත්වය දී ඇති බවද සඳහන් කළේය.
 
නිසි ආර්ථික කළමනාකරණය තුළින් ජනතාවට සහන ලබා දෙන බවද ඔහු පැවසීය.
 
රටට මුදල් ගලා ඒමේ ක්‍රමවේදය සක්‍රීය කිරීමට නම් ඉක්මනින්ම රට විවෘත විය යුතු බවද පවසන ඔහු රට වසා දැමීම නිසා දේශීයව මෙන්ම විදේශීයව ද රජයට මුදල් ලැබෙන ක්‍රමවේද අවහිර වී ඇතැයිද කියා සිටියේය.
 
 
 
 
 

 

THE LEADER TV 
 
 
ගම්මන්පිලට ඇමතිවරුගෙන් කුණු බැණුම්! 
 
 
ඩයලොග් එකට ඩයනා ගෙන් බාල්දියක් ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්