කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන හා ඉන් පිටත්වන මගීන්ගේ PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා වූ විශේෂ සෞඛ්‍ය පරීක්ෂණාගාරයක් ඉදිරිදින කිහිපය තුළදී ආරම්භ කිරීමට නියමිතය. 
ජර්මානු මව් සමාගමකට අයත් ආයතනයක් විසින් ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම (AASL) සමග ඒකාබද්ධව 
මෙම විශේෂ පරීක්ෂණාගාරය සැලසුම්කර තිබේ.
 
 වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව ගුවන් තොටුපොළේ පර්චස් 282ක භූමි භාගයක මෙම විද්‍යාගාරය නිම වේ.
 
එක්දිනක් තුල පී.සී.ආර් පරීක්ෂණ 6900 ක් සහ දළ වශයෙන් පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500ක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව මෙම පරීක්ෂණාගාරයට ඇතැයි ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
වර්ග අඩි 3500 කින් යුත් මෙම පරීක්ෂණාගාරය HVAC තාක්ෂණය (the only Outside Lab which will have negative pressure) භාවිතා කරන අතර ඉතාම ඉහළ අන්තර්ජාතික තාක්ෂණයන්ට අනුකූල පරීක්ෂණාගාරයක් බව ඔහු සඳහන් කළේය.
 
සියලුම සෞඛ්‍ය නීති රීති සහ ආරක්ෂණ උපදෙස් වලට අනුව සම්පූර්ණයෙන් වායු සමණය කරන ලද මෙම පරීක්ෂණාගාරය තුළ ගුවන් මගීන් 500කට එකවර අසුන් ගත හැකි පහසුකම් වලින්ද සමන්විත වේ. 
 
 
 
 
අදාල පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව පැය 3ක් වැනි කෙටි කාලයකින් නිකුත්කිරීමේ නවීන තාක්ෂණ ඇති ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම පරික්ෂනාගාර පරිශ්‍රය තුළ ආසාදිත ගුවන් මගීන් වෙන් කිරීමේ සහ ඔවුන් සෞඛ්‍ය ආරක්‍ෂිත ලෙස මෙහෙයවීමේ ඒකකයක් ද ස්ථාපිත වේ.
 
 
ගුවන් තොටුපොළට පැමිණෙන සියලුම මගීන්ගෙන් සාම්පල එකතුකිරීමෙන් පසුව පැය 3 කට අඩු කාලයකදී පරීක්ෂණ වාර්තා ලබා දීමේ හැකියාව මෙම පරීක්ෂණාගාරය සතුව පවතී.
 
ඒ අනුව ගුවන් තොටුපොළට පැමිණෙන සියලු ගුවන් මගීන්ගෙන් සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අදාල හෝටලයට ලගා වනවිට ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවේ තත්වය දැන ගනීමට මේ මගින් හැකිවනු ඇත. 
 
එම ක්‍රමවේදය දැනට පවතින ක්‍රමය වන සංචාරකයන් ඔවුන් නවාතැන් ගන්නා හෝටලයට ගොස් එම ස්ථානයෙන් පී.සී.ආර් පරීක්ෂණ සිදුකරන ක්‍රම වේදයට වඩා බෙහෙවින් සෞඛ්‍ය රක්ෂිත බව ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම පවසයි.
 
 
 
 
දැනට සමහර රටවල් වල සංචාරකයන්ට විවෘත ශ්‍රී ලංකාවට මෙමගින් විශාල විදේශ විනිමයක් උපයාගැනීමේ හැකියාවද ලැබෙනු ඇතැයි සංචාරක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
ඒ අනුව මෙම පී.සී.ආර් පරීක්ෂණ විද්‍යාගාරයත් සමග ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක ක්ෂේත්‍රය සහ සමස්ත ආර්ථිකයටම පුනර්ජීවනයක් ඇති වනු ඇතිබවට අපේක්ෂා කෙරේ. 
 
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම (AASL) යටතේ ක්‍රියාත්මක වන අතර ඔවුන් එක් සංචාරකයකුගෙන් ඇමරිකානු ඩොලර් 40ක මුදලක් අය කරනු ලබයි.  (දනට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයෙන් අය කරනු ලබන්නේද ඩොලර් 40ක මුදලකි) 
 
එම ගාස්තුව ගුවන් ගමන් ටිකට් පතටම ඇතුලත් කිරීමට සැලසුම් කර තිබේ.
 
එහි දී සෑම පී.සී.ආර් පරීක්ෂණකින්ම ජර්මානු සමාගමට ඇමරිකානු ඩොලර් 32ක් හිමිවන අතර ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම (AASL)  ඩොලර් 8 ක ආදායමක හිමිවනු ඇත.
 
 
 
විදේශ විනිමය ගෙනෙන ව්‍යාපෘතියක් :
 
 
 
මෙම ව්‍යාපෘතිය රට තුලට විදේශ විනිමය රැගෙන එන ව්‍යාපෘතියක් බව සංචාරක අමාත්‍යංශය අවධාරණය කරයි. 
 
 
 
මෙම ව්‍යාපෘතිය වසර දෙකක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාකරන අතර වසර දෙකෙන් පසුව අදාළ පරීක්ෂණාගාරය රජය වෙත පැවරීමට අදාල ජර්මන් සමාගම එකඟතාවය පළකර තිබේ.
 
 
ලෝකයේ බොහෝ ප්‍රමුඛ පෙළේ ගුවත් තොටුපොළවල් වල මේවනවිට මෙවැනි විද්‍යාගාර ස්ථාපිත කර ඇති අතර නවීන තාක්ෂණය සහිත මෙම විද්‍යාගාරය ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ කළාපීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට විශාල පිටුවහලක් වනු ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසයි.
 
ශ්‍රී ලාංකිකයන් 100කට වැඩි පිරිසකට නව රැකියා අවස්තා මෙමගින් උදාවන බවත්,  අන්තර්ජාතික ගුවන් සේවා ඇතුලු අනෙකුත් ගුවන් ගමන් ක්ශේත්‍රයේ ශ්‍රී ලංකාව සමග ගණුදෙනු කරන ආයතන වලට මෙමගින් විශාල පහසුවක් සැපයෙන බවත් අප වෙත තොරතුරු ලබාදුන් සංචාරක අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසිය. 
 
රාමුවෙන් පිටත සාර්තක ව්‍යාපෘතියක් මෙහෙයවීම පිළිබද ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමට  (AASL) ගෞරවය හිමිවිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
 
 
 
THE LEADER TV 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
 
 
ගම්මන්පිලට ඇමතිවරුගෙන් කුණු බැණුම්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්