ශ්‍රී ලංකාවේ රැකියාවල් 51 ක් ළමුන්ට නුසුදුසු යැයි නීතියෙන් ප්‍රතිපාදන සම්මත කර තිබෙන නමුත් ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම තහනම් කර නොමැති
බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ළමුන් මෙහෙකාර සේවයේ යෙදෙවීම තහනම් කිරීමට නීති ගෙන එන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටියි.
 
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම ඉල්ලීම කරනු ලැබුවේ හිටපු අමාත්‍ය  රිෂාර්ඩ් බදියුදීන්ගේ නිවසේ සේවයකළ මෙහෙකාර දැරියගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
''දැන් පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින අතර අධිකරන ක්‍රියාමර්ගයක් ද පැවත්වේ. වරදක් වී ඇත්නම් අධිකරනයෙන් ඒ බව තීරණය කර වැරදිකරුවන් කවුරු වුනත් දඬුවම් දෙන්නැයි අප ඉල්ලා සිටිනවා. කාන්තා හෝ ළමා හිංසනයකට වරද කරුවෙකු වන කවුරුවුනත් තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි සමගි ජන බලවේගය දැඩි සේ අවධාරණය කරනවා ''යැයි ඉරාන් වික්‍රමරත්න එහිදී ප්‍රකාශ කළේය.
 
''බැඳුම්කර සිද්දියේ දී ද බැඳුම්කර හොරු අල්ලනවයි පොරොන්දු දී මේ රජය බලයට පැමිණීම සම්බන්ධයෙන් කවුරුවුනත් කමක් නැහැ නීතිය ක්‍රියාත්මක කරන්නැයි,  මුල සිටම අපගේ ස්ථාවරය වුනා. ඡන්දය ගන්න රට වටේ ගිහින් නොයෙක් දේවල් කීවද මේ රජය බලයට පත්වී වසර දෙකක්ක් පමණ වූවද තවම කිසිදූ බඳුම්කර හොරෙක් අල්ලලා නැහැ. '' යයි ද ඔහු පැවසිය. 
 
 
''කාන්තා හිංසනයට විරුද්ධවයි'' 
 
 
මාධ්‍යයෙන් දකින ළමා අපයෝජන සිද්දිය ජාතිවාදයට අදාළ ප්‍රශ්ණයක් නොවන අතර එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය කාන්තා හිංසනයට විරුද්ධව සෘජුවම නැගී සිටින බවත් මන්ත්‍රීවරයා කීය.
 
  
ජනාධිපති ධූර කාලයට පමණක් මුක්තිය තිබෙන ජනාධිපති කෙනෙක් වන්නට පුළුවනි නැතිනම් ඇමති කෙනෙකු වන්නට පුළුවනි සැමට එක හා සමානව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි යන්න විපක්ෂයේ ස්ථාවරයයි.
''අපේ නීතිය අළුත් කරන්නට කාලය එළඹ තිබේ. කාන්ත තරුණ හා ළමා රැකියා පිළිබඳව පනතක් තිබෙන අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් වලට එකඟ වූ පරිදී ළමා අපයෝජනයකදී හා හිංසනයකදී ඉවසීම බිංදුවයි යන ස්ථාවරයයි රටේ නීතිය.
 
එහි කාණ්ඩ හතරක් තිබෙනවා. 
 
එහි පළමුව ළමයෙක්ව වහල් කරන්නට හෝ ළමා සොල්දාදුවෙක් කරන්නට බැහැ .
 
දෙවනුව ළමයෙක්ව කාමුක දර්ශන හෝ ගනිකා වෘත්තියට භාවිත කළ නොහැකිය .
 
ඒ වගේම මත් ද්‍රව්‍ය ජාවාරමට හෝ සිඟමනයට ද යොදාගැනීම දඬුවම් දිය හැකි වරදවල්ය. 
 
 
8867 
 
ළමා ශ්‍රමය අන්තරායක වන ආකාර හඳුනාගෙන එයද තහනම් කළ යුතු වෙනවා. මෙමගින් ළමයෙක් වැඩ කරන්න පුළුවන් හා බැරි ස්ථාන ඒ ඒ රටවලින් තීරණය ගත යුතුයි. ජාත්‍යන්තර නීතිය අනුව රටවල වාතාවරණය අනුව රාජ්‍යයන්ට ඒ පිළිබඳව තීරණ ගැනීමේ බලයක් හිමියි.
 
 
ඒ අනුව ලංකාවේ රැකියාවල් 51 ක් ළමුන්ට නුසුදුසුයි කියා නීතියෙන් ප්‍රතිපාදන සම්මත කර තිබේ. එහෙත් ඒ තීරණය ගන්නා විට ළමුන් නිවාසවල මෙහෙකාර සේවයේ  Domestic Labour වැඩ කිරීම ලංකාවේ තහනම් කළේ නැහැ. එදා රජය, වෘත්තිය සමිති හා හාම්පුතුන්ගේ සම්මේලන ආදිය එකතුවෙලා ළමුන් නිවාසවල වැඩ කිරීම තහනම් නොකිරීමට තීර්ණය කළා. එහෙත් සිවිල් සමාජය එදත් ළමුන් නිවාසවල වැඩ කිරීමට  විරුද්ධව හිටගත්තා'' යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසිය. 
 
දැන් කාලය එළබ තිබෙන බැවින් වහාම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීමට නීතියෙන් තිබෙන අවස්ථාව නැවත සලකා බලා ළමුන් නිවාසවල වැඩ කරන මෙහෙකාර සේවය වහාම තහනම් කළ යුතු යැයි ඉරාන් වික්‍රමරත්න රජයෙන් ඉල්ලා සිටියේය.
 
 
 
 
THE LEADER TV 
 
බැසිල්, නාමල්වත් අන්දලා ?
 
 
අහෝ ශ්‍රි ලංකා ???- නාමල්ගේ ජපන් සවාරිය !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්