The Leader News
BREAKING
කාවන්තිස්ස වියෝවෙන් පසු වනඅලි රැකවරණයට දැඩි අවධානයක්●පීඩිත මිනිසකු ගේ හෘද සාක්ෂියේ නාදය; සමෝරා මෂෙල්●ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි●අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"●කාවන්තිස්ස ඛේදවාචකය: කඳුළු සැලීමෙන් ඔබ්බට පද්ධතිය හදන සටන●බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●නව ත්‍රස්ත පනතට එරෙහිව SLWJA ශ්‍රේෂ්ඨාධිකරණයට●කොළඹ වරායේ ඩොලර් බිලියන ගනුදෙනුව අත්හැරියේ ඇයි?●විලාසිතා ලෝකයේ සදාචාරාත්මක පසුබෑම: අලුත් වාර්තාවකින් හෙළිදරව්වක්●
Top Ad
පුවත්

AFRIEL Youth Network කරු සමග එක්වේ

T

The Leader Desk

July 28, 2021 • 5:14 PM

 AFRIEL Youth Network කරු සමග එක්වේ   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සමග එසේ එක්ව වැඩකිරීමට සාකච්ජා පවත්වා ඇත්තේ, AFRIEL Youth Network සංවිධානය යි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සමග එසේ එක්ව වැඩකිරීමට සාකච්ජා පවත්වා ඇත්තේ,  AFRIEL Youth Network සංවිධානය යි.  එම සංවිධාන දෙක අතර විශේෂ සාකච්ඡාවක් වීඩියෝ කොන්ෆරන්ස් තාක්ෂණය ඔස්සේ ජුලි 27 දින පැවැත්වින. 
 
AFEIEL Youth Network සංවිධානය උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරන තරුණයින්ගෙන් සමන්විත සංවිධානයකි. 
 
ඔවුන් විශේෂයෙන් තරුණයින් සඳහා ඉඩප්‍රස්ථා පුළුල්වන රාජ්‍යකරණයක් ඇති කිරීමේ වැදගත්කම, බලය බෙදීම පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ බලය බෙදීමේ ක්‍රියාදාමයේ සාධනීය සහ නිශේධනීය ලක්ෂණ පිළිබඳව ද ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය පිළිබඳව ද අදහස් දැක්වුහ. 
 
 
 sdfsdfdfr
කරු ජයසූරිය | ආචාර්ය ජයම්පති වික්‍රමරත්න | සුනිල් ජයසේකර
 
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' වෙනුවෙන් එහි සභාපති කරු ජයසූරිය, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ මාධ්‍යවේදී සුනිල් ජයසේකර අදහස් පළකළහ.
 
මෙහිදී ජාතික ගැටළුවට විසඳුමක් සඳහා හඳුන්වාදුන් පළාත් සභා ක්‍රමය අක්‍රීයව පැවතීම නිසා සිදුව ඇති තත්ත්වයන් පිළිබඳවද දෙපාර්ශවයේම අවධානය යොමුවූ අතර පළාත් සභා ක්‍රමය වඩාත් ශක්තිමත් වන ස්ථාවර විසඳුමක් සහිත ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක වැදගත්කම ද මෙහිදී අවධාරණය විය. 
 
ඉදිරියේදී මෙම තරුණ සංවිධාන ජාලය සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරියේදී වඩාත් සමීපව අදහස් හුවමාරු කරගනිමින් අවබෝධය පුළුල් කර ගැනීමටත් ඒ ඔස්සේ උක්ත සාකච්ඡාවේදී මතුවූ කරුණු ආශ්‍රිත ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණවීමටත් තීරණය කල බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ලේකම්, පාලිත ලිහිණියකුමාර පැවසිය.
 
 
 
සැබෑ දේශප්‍රේමියෝ :
 
මේ අතර මෙරට සමාජ ක්‍රියාකාරී තරුණ තරුණියන්ගේ පිරිසකගේ ප්‍රධානත්වයෙන් යුතුව 'සැබෑ දේශප්‍රේමියෝ'  නමින් මතවාදීමය මෙහෙයුමක් පසුගිය ඉරිදා (25) එළිදැක්වුණ අතර එහි ප්‍රධාන සම්බන්ධිකාරක ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීරයි. 
 

 
 
සැබෑ දේශප්‍රේමියෝ'  නමින් කරලියට පැමිණි එම මතවාදී මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ සුබවාදී අදහස් පලව ඇති අතරම විවේචනයන් ද ඉදිරිපත්ව තිබේ. 

 


 

THE LEADER TV 
 
 
පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි! 
 

 
පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී ! 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...