leader s

මෙරට තරුණ සංවිධානයක් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සමග අත්වැල් බැඳගනී.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සමග එසේ එක්ව වැඩකිරීමට සාකච්ජා පවත්වා ඇත්තේ,  AFRIEL Youth Network සංවිධානය යි.  එම සංවිධාන දෙක අතර විශේෂ සාකච්ඡාවක් වීඩියෝ කොන්ෆරන්ස් තාක්ෂණය ඔස්සේ ජුලි 27 දින පැවැත්වින. 
 
AFEIEL Youth Network සංවිධානය උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරන තරුණයින්ගෙන් සමන්විත සංවිධානයකි. 
 
ඔවුන් විශේෂයෙන් තරුණයින් සඳහා ඉඩප්‍රස්ථා පුළුල්වන රාජ්‍යකරණයක් ඇති කිරීමේ වැදගත්කම, බලය බෙදීම පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ බලය බෙදීමේ ක්‍රියාදාමයේ සාධනීය සහ නිශේධනීය ලක්ෂණ පිළිබඳව ද ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය පිළිබඳව ද අදහස් දැක්වුහ. 
 
 
 sdfsdfdfr
කරු ජයසූරිය | ආචාර්ය ජයම්පති වික්‍රමරත්න | සුනිල් ජයසේකර
 
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' වෙනුවෙන් එහි සභාපති කරු ජයසූරිය, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ මාධ්‍යවේදී සුනිල් ජයසේකර අදහස් පළකළහ.
 
මෙහිදී ජාතික ගැටළුවට විසඳුමක් සඳහා හඳුන්වාදුන් පළාත් සභා ක්‍රමය අක්‍රීයව පැවතීම නිසා සිදුව ඇති තත්ත්වයන් පිළිබඳවද දෙපාර්ශවයේම අවධානය යොමුවූ අතර පළාත් සභා ක්‍රමය වඩාත් ශක්තිමත් වන ස්ථාවර විසඳුමක් සහිත ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක වැදගත්කම ද මෙහිදී අවධාරණය විය. 
 
ඉදිරියේදී මෙම තරුණ සංවිධාන ජාලය සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරියේදී වඩාත් සමීපව අදහස් හුවමාරු කරගනිමින් අවබෝධය පුළුල් කර ගැනීමටත් ඒ ඔස්සේ උක්ත සාකච්ඡාවේදී මතුවූ කරුණු ආශ්‍රිත ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණවීමටත් තීරණය කල බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ලේකම්, පාලිත ලිහිණියකුමාර පැවසිය.
 
 
 
සැබෑ දේශප්‍රේමියෝ :
 
මේ අතර මෙරට සමාජ ක්‍රියාකාරී තරුණ තරුණියන්ගේ පිරිසකගේ ප්‍රධානත්වයෙන් යුතුව 'සැබෑ දේශප්‍රේමියෝ'  නමින් මතවාදීමය මෙහෙයුමක් පසුගිය ඉරිදා (25) එළිදැක්වුණ අතර එහි ප්‍රධාන සම්බන්ධිකාරක ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීරයි. 
 

 
 
සැබෑ දේශප්‍රේමියෝ'  නමින් කරලියට පැමිණි එම මතවාදී මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ සුබවාදී අදහස් පලව ඇති අතරම විවේචනයන් ද ඉදිරිපත්ව තිබේ. 

 


 

THE LEADER TV 
 
 
පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි! 
 

 
පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී ! 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්