"මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙමින් තිබෙන තත්ත්වයට පත්වෙමින් තිබෙනවා." ( GETTY IMAGES)
 
 
දරාගත නොහැකි මට්ටමින් කොවිඩ් රෝගීන් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීම ආසන්නයට පැමිණ ඇති බව ඇතැම් වෛද්‍යවරු පවසති.
 
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ගණනාවක්ම එවැනි තත්ත්වයක් පවතින බව BBC සිංහල සේවය වෙත තහවුරු කර තිබේ.
 
අවම සම්පත් යටතේ වුවත් තමන් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට දැඩි සටනක නිරත වන බව ඔවුහු පවසති.
 
රජය විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛයකට අනුව වෛද්‍යවරුන්ට පූර්ව අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත අදහස් පළ කළ නොහැකි බැවින් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කළ නොහැක.
 
එසේ වුවත් වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයන් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ගිණුම් ඔස්සේ සිය අත්දැකීම් පිළිබඳ සටහන් තබා ඇති අයුරු දැකිය හැක.
 
පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් හැකිතාක් ප්‍රවේශම් වන ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
 
 119805827 26f51276 9d30 4ae3 823f 05a2b39cfaf8
 
බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහන
 
 
 119805831 95c5789d 34a1 41c2 b971 a2c49cf26af9 
 
කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා ෆේස්බුක් හි තැබූ සටහනක්
 
 
ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප්‍රබේදය ආසාදිත වූවන් බව හෙලිව ඇත.
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම සඳහන් කරන්නේ ජූලි මස මුලදී කොළඹ නගයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත ප්‍රමාණය 19.3%ක් වූ බවයි.
 
කොළඹ නගරයේ ඩෙල්කා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.
 
chandima jeewandara
 
 
කොළඹ ප්‍රමුඛ පෙළ පුද්ගලික රෝහල් රෝගීන් භාර නොගන්නා බව පවසයි
 
 
මේ අතර බස්නාහිර පළාතේ පිහිටි ප්‍රමුඛ පෙළ පුද්ගලික රෝහල් සහ පුද්ගලික රෝහල් ජාල තවදුරටත් කොවිඩ් ආසාදිතයන් බාර නොගන්නා බව තමන් විසින් කළ විමසීමක දී තහවුරු වූ BBC සිංහල සේවය පවසයි.
 
පුද්ගලික රෝහල් වෙත පැමිණෙන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ බස්නාහිර පළාතේ පිහිටි සංචාරක හෝටල් තුළදීය.
 
අදාළ රෝහල්වල පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙයි.
 
කොවිඩ් වසංගතය හේතුවෙන් බ්‍රහස්පතින්දා (අගෝස්තු 05) මරණ 94 ක් වාර්තා වූ අතර එය මෙතෙක් දිනක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
 
Devendara 
 
මේ වන විට රත්නපුර සහ කරාපිටිය යන ශික්ෂණ රෝහල් තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
 
කළුබෝවිල රෝහලේ "අඩිය තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්" සිටින බව සිය දෙමව්පියන්ට ප්‍රතිකාර කර ගැනීම සඳහා එහි ගිය මාධ්‍යවේදිනියක් ෆේස්බුක් හි තැබූ සංවේදී සටහනක දැක්විණි.
 
 
රජයේ ප්‍රතිචාරය:
 
 
ශ්‍රී ලංකාවේ COVID 19: ඇඳන් යට සහ බිම නිදන රෝගීන් ගැන පවිත්‍රාගේ විග්‍රහය
 
 
මේ මොහොතේ එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබා දෙමින් රෝහල්වල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි.
 
කොවිඩ් ආසාදිත වයස අවුරුදු 18 ට අඩු දරුවන් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුව අමතමින් බ්‍රහස්පතින්දා පැවසීය.
 
රටේ පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ ලොක්ඩවුන් කිරීමට නොයන බව රජයේ ස්ථාවරය වී තිබේ.
 
 
ඔක්සිජන් සැපයුම:
 
 
ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ රටේ පවතින තත්ත්වය "එතරම් සතුටුදායක නොවන බවය."
 
"ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ සීග්‍ර වැඩිවීමක් පසුගිය දිනවල අපි නිරීක්ෂණය කරනවා. අද වන විට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම පාහේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදා ගන්න තත්ත්වයක් ඇවිත් තිබෙනවා."
 
එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන්වීමට කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
 
"මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙමින් තිබෙන තත්ත්වයට පත්වෙමින් තිබෙනවා." යනුවෙන් කී රාජ්‍ය අමත්‍යවරයා පවතින තත්ත්වය සලකා බලා ගුරු උද්ඝෝෂණය තාවකාලිකව හෝ නතර කරන මෙන් ඉල්ලා සිටියේය.
 
 
 
"ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්"
 

  
මේ අතර ශ්‍රී ලංකාවේ ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බදාදා (අගෝස්තු 03) අනතුරු අඟවා තිබිණි.
 
ඔක්සිජන් හිඟය හෝ වඩාත් වැදගත් ලෙස ඇඳන් වෙත ඔක්සිජන් සැපයුම ලබා දීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිසා රෝගීන් මරණයට පත් වීමේ අවදානමක් ඇති බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
 
මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කිරීම "ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි" යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
 
 
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)
 
 
 
THE LEADER TV 
 
ජනපති ප්‍රකාශය කෙහෙළිය විකෘති කරලා? 
 
 
ස' බැසිල් මලයාගේ සරම කඩයි! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්