එන්නත්කරණය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු විය නොහැකි පුද්ගලයින් සඳහා නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට පියවර ගෙන තිබේ.
 
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ, මෙතෙක් එන්නත්කරණයට ලක්ව නොමැති එවැනි පිරිස් එන්නත් කරන්නැයි, සියලු ප්‍රාදේශිය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බවයි.
 
තව ද අවුරුදු 30 ට වැඩි පිරිස්වලින් රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ, තවමත් එන්නත ලබා ගෙන නෙමැති නම්, වහාම ළඟම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත ලබා ගන්නා ලෙසයි.
 
මේ අතර, දෙවන එන්නත් මාත්‍රාව ලබා දෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සලසන්නැයි, ජනාධිපතිවරයා ඊයේ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දුන්නේය.
 
ඒ, එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග පැවති සාකච්ඡාවේදී ය.
 
වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මාසයට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇති බව, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එහිදි පෙන්වා දුන්නේ ය.
 
ඔහු සඳහන් කළේ, තෙවන මාත්‍රාවක් සඳහා වුව ද රජය සූදානම් බවයි.
 
එහෙත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කනගාටුදායක බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එහිදි චෝදනා කළේ ය.
 
 
 
එන්නත ගන්න නොමිලේ ගමන්වාර 50000ක්
 
මේ අතර එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර 50000ක් ලබා දෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ පෙරේදා (05) දින කළ ඉල්ලීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ ඌබර් ශ්‍රී ලංකා (UBER SRI LANKA)සමාගම එකඟතාව පළ කර තිබේ.
 
කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි කොවිඩ් ප්‍රතිකාර රාජකාරීවල නිරත වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මේ වනවිට ක්‍රියාත්මක නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය දැනුම් දීමේ හමුව අරලියගහ මන්දිරයේ දී පැවති අතරවාරයේ මෙම එකඟතාවය පළවී ඇත.
 
ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහගේ ප්‍රධානත්වයෙන් යුතුව ඌබර් ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නියෝජිතයෝ අගමැතිවරයාට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය එම රැස්වීමේ දී දැනුම්දී තිබේ.
 
 
 
THE LEADER TV 
 

 

බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?

නාමල්ගේ ඇඳන් වලට වෙච්ච දෙයක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්