අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව හඩ නැගු වෘත්තිය සමිති නායකයකුට අසත්‍ය චෝදනා නගා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට විරෝධය පාමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත විදුලි පණිවිඩ යැවීමේ
ව්‍යාපාරයක් දියත් කිරීමට දිවයිනේ පැරණිතම වෘත්තිය සමිතියක් විසින් කටයුතු සුදානම් කර තිබේ.
 
ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් පවසන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සහ ගුරු විදුහල්පති අයිතිවාසිකම් රැකගැනීමේ අරගලයට සක්‍රීයව මැදිහත්වීම හේතුවෙන් අසත්‍ය චෝදනා නගමින් ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත විදුලි පණිවිඩ යැවීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට තම සංගමය කටයුතු යොදා ඇති බවයි.
 
 
 
chathura samarasinghe large
                              චතුර සමරසිංහ
 
 
 
" මේ අනුව අගෝස්තු 11 දින මෙම විදුලි පණිවිඩ යැවී‌මේ විරෝධතාව ආරම්භ කිරීමට යෝජිත අතර දිවයින පුරා වතුවල සේවයේ නිරත සංගමයේ සාමාජිකයන් විසින් අමාත්‍යවරයා වෙත යොමු කරන මෙම විදුලි පණිවිඩ වල, අසත්‍ය චෝදනා නගමින් ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ අත්අඩංගුවට ගැනීමේ උත්සාහය වහා නතර කරනු ! යන්න සදහන් කෙරෙනු ඇත.   "
 
පොලීසියේ අනීතික උත්සාහයට එරෙහි පළමු වෘත්තිය ක්‍රියාමාර්ගය මෙය වන අතර එම හඩට කන් නොදී තවදුරටත් පොලීසිය තම සංගමයේ නායකයා පසුපස ලුහුබැදයාම සිදුකරන්නේනම් වඩා දැඩි ක්‍රියාමාර්ගයකට තම සාමාජිකත්වය පෙළ ගස්වන බවට නිවේදනයක් නිකුත් කරමින් ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් අනතුරු අගවා තිබේ.
 
 
 
THE LEADER TV 
 
මහනුවරට විශේෂයි : ස්පුට්නික් එන්නත නැවත ලැබෙන දිනය ෂුවර් නැහැ !
 
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්