තමාගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් වෛද්‍ය විමුක්ති කුමාරතුංග ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට තමා දැඩි උත්සාහයක් දරා ඇතැයි ද ඔහු පවසයි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, සිය මෑණියන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනියගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. 
 
එම සටහනේ මෙසේද දැක්වේ. 
 
''ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලංකා දේශපාලන කරලියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්ථා කර තිබුණි. ඒ වාර්ථා වලට මාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කරමි. 
 
ඉකුත් වසර 21 පුරාවටත්, තවදුරටත් පශු වෛද්‍යවරයෙකු ලෙස මාගේ වෘත්තියටත් සහ පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහාත් සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරමින් සිටිමි. 
 
මාගේ මාතෘ භූමියට මම ආදරය කරමි. මාගේ පෞද්ගලික හැකියාවන් තුළින් මා වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. 
 
එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට මාගේ කිසිම අදහසක් නොමැති බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි. 
 
එම නිසා අනාගතයේ මා ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළ වන වාර්ථා සම්පූර්ණයෙන් බැහැර කරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. ''
 
 
හිතවත්,
වෛද්‍ය විමුක්ති කුමාරතුංග
 

 
THE LEADER TV 
 
නොදන්නා පාස්කුවක් කියා : ඔසීගේ පුතා ඉල්ලං කයි 
 
 
 
  
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්