'රස්තියාදු පදනම' නම් රැප් ගායක කණ්ඩායමක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ ගීතයක් වහාම ඉවත් කරගන්නා ලෙස අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත්
අධිකරණයේ අංක 6 අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ දිනයේ  නියෝග කළාය.
 
පාසල් දරුවන් මේ දිනවල ඔන්ලයින් අධ්‍යාපනය ලබන බැවින් අසභ්‍ය වචන හා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන මෙවැනි ගීත මගින් ඔවුන්ගේ මනස් දූෂණය වෙතැයි දෙමාපියන් පිරිසක් විසින් 'රස්තියාදු පදනමේ' ගීත පිළිබඳව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව කොළඹ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙකී නඩුව ගොනු කර තිබිණ.
 
එම ගීතවල ගීත රචකයන් තිදෙනාට ඇප ලබා දුන් අධිකරණය එකී ගීතය පැයක් ඇතුලත ඉවත් කරගන්නා ලෙස නියෝග කළේය.
 
ඔවුන් තිදෙනාට තරයේ අවවාද කළ අධිකරණය වැඩිහිටියන් වශයෙන් ළමා පරපුරට ආදර්ශමත් වන අයුරෙන් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක් බව අවධාරණය කළේ ය.
 
 
චෝදනා දෙකක් !
 
 
එම සංගීත කණ්ඩායම විසින් වසර දෙකකට ඉහතදී සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබු රැප් (sinhala rap) වීඩියෝවක අසභ්‍ය වචන අඩංගු වී ඇති බවටත්, එම වීඩියෝව අවශ්‍ය වූ මුදල් ලබාදී ඇත්තේ ඩුබායිහිදී මීට මාස 4කට පමණ මියගිය පාතාල සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක නමැත්තකු විසින් බවටත් චෝදනා කරමින් මෙම ශිල්පීන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුනේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.
 
 
 
 
මෙහිදී සිදුව ඇති විශේෂ කාරණය වන්නේ මෙම චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර ම 'රස්තියාදු පදනමේ' යූටියුබ් චැනලය සහ එහි ඇති ගීත සියල්ලම එයින් ඉවත්කිරීමට කටයුතු කර තිබීමයි.
 
WhatsApp Image 2021 08 12 at 12.53.51 PM
 
ගීත යනු බුද්ධිමය දේපළ පනත යටතට අයත්වන වස්තුවක් බවත්, අසභ්‍ය වචන අඩංගු ගීතයක් යනු කුමන පනතකට යටත්වන්නක් දැයි අපැහැදිලි බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පලවී ඇති සමාජ මාධ්‍ය සටහනක සඳහන් වේ.
 
2003 අංක 26 දරණ බුද්ධිමය දේපල පනතේ උපුටනය මෙසේය.
 
"ප්‍රකාශන අයිතිය යන්නෙන් ශාස්ත්‍රිය සහ කලාත්මක කෘති සඳහා ඒවායේ නිර්මාණකරුවන්ට නීතිය මගින් ලබා දී ඇති අයිතිවාසිකම් අදහස් වේ. එම අයිතිවාසිකම් දෙයාකාර වේ. (අ) ආර්ථික අයිතිවාසිකම් සහ  (ආ) සදාචාරාත්මක අයිතිවාසිකම් වේ. ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්‍රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීමේ අයිතිවාසිකම් ඇතුලත් වන අතර සදාචාර  අයිතිවාසිකම්වලට කතෘත්වය සඳහා හිමිකම් සහ කෘතිය හා සම්බන්ධ යම් විකෘති කිරීමකට, අංග ඡේදනයකට හෝ විකරණයකට හෝ හීනකාරක ක්‍රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම් ආවරණය කරයි."
 
 
මෙහිදී ඇතිවන ප්‍රදානම ගැටලුව නම් ශාස්ත්‍රීය හා කලාත්මක කෘතිවල අන්තර්ගතය අසභ්‍ය වීම හෝ නොවීම යන කාරණය ශ්‍රී ලංකා පොලීසිය විසින් තීරණය කිරීමයි. කාමසූත්‍ර රචක 2021 ශ්‍රී ලංකාවේ උපත ලැබුවා නම් මොහු අසභ්‍ය කතා රචනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වනු නො අනුමාන බව තවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පලවී ඇති සමාජ මාධ්‍ය සටහනක සඳහන් වේ.
 
 
අසභ්‍ය වචන අඩංගු වී බවට පොලිසියට චෝදනා කළ හැකි රැප් ගීත රාශියක්  'යූ ටියුබ්' හි මේවනවිටත් සංසරණය වෙමින් තිබේ.  ඒවා අතරින් ඇතැම් ගීත නිර්මාණය කිරීමට මුදල් යොදවා ඇත්තේ පාතාල සාමාජිකයින් නොව,  ආණ්ඩුවට හිතවත් මෙරට ජනප්‍රියම සංගීත ශිල්පීන් කිහිප දෙනෙකු විසිනි. 
 
'රස්තියාදු පදනමේ' ගීත සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම පිටුපසද සිටින්නේ මෙම ව්‍යාපාරික සංගීත ශිල්පීයකු බව පැවසේ.
 
 
 

 
THE LEADER TV 
 
කැබිනට් සංශෝධනයක්! ඩලස්ට කැපිල්ලක්? 
 
 
නොදන්නා පාස්කුවක් කියා : ඔසීගේ පුතා ඉල්ලං කයි 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්