ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී ඇති බවක් පැවසුව ද එකී

මිල වැඩිකිරීම කිසිඳු ලෙසකින් ප්‍රමාණවත් නොවන එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ද ලීඩර්' වෙත පැවසිය. 

රජය විසින් අද දින ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමත් සමග රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ඉහළ ගියේය.
 
රුපියල් 600 ක්ව පැවැති ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ දමා තිබේ.
 
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ලාෆ්ස් සමාගමේ ඉහත නිලධාරියා පැවසුයේ, මිල සංශෝධනයක් සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් කිසිඳු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. 
 
 
කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දමා ඇත්තේ ලෝක වෙළඳ පොලේ මැයි මාසයේ පැවති ගෑස් මිලට සමානුපාතිකව බව සඳහන් කළ එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, දැනට ලෝක වෙළඳ පොලේ පවතින ගෑස් මිල ගණන් අනුව අවම වශයෙන් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 650කින් ඉහලදැමිය යුතු බවයි. 
 
 
 
'ලිට්රෝ ගෑස් මිල ඉහළ දාන්නේ නැහැ '
 
 
මේ අතර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුයේ, ලාෆ්ස් සමාගම ඉල්ලීම කළ මුදලට වඩා අඩු ප්‍රමාණයකින් වැඩිවීම ලබාදුන් බවයි.
 
ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ ද ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් මිල කිසිඳු ලෙසකින් ඉහළ නොදමන බවට ද ඔහු සහතික විය.
 
Niwadenaya 2021.08.12 1
 
 
තවත් ගෑස් සමාගමක් එයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..
 
 
C nes 
 
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා එල්.පී. ගෑස් වෙළඳපලට නිකුත් කිරීම සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිලට බලය පැවරීමට පසුගිය සඳුදා (09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය වී ඇත. 
 
ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ.
 
ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ම ඉදිකිරීමට මේ වන විට මූලික කටයුතු බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවන බව පැවසේ.
 
ඒ අනුව නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇතැයි රජය බලාපොරොත්තුවේ.
 
 
සමාගම් එකතු කිරීමේ යෝජනාවට වෙච්ච දෙයක් නැහැ !
 
ලාෆ්ස් ගෑස් ටර්මිනල් සමාගමේ කොටස් හිමිකමෙන් 40% ක් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට සහ සීමාසහිත ලිට්රෝ ගෑස් සමාගමට මිලදී ගැනීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ගේ යෝජනාවක් අනුව හිටපු මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ සහ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව මේවනවිට කුණු බක්කියට විසිවී ඇත. 
 
 

 


 
THE LEADER TV 
 
කැබිනට් සංශෝධනයක්! ඩලස්ට කැපිල්ලක්? 
 
 
නොදන්නා පාස්කුවක් කියා : ඔසීගේ පුතා ඉල්ලං කයි 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්