The Leader News
BREAKING
බටහිර දොර වැසෙද්දී ශ්‍රී ලංකාවට මතුවන අලුත් මාවත●රුවන්වැලි සෑය ස්මාරකයක් ද: බෙල්-හරිශ්චන්ද්‍ර ගැටුම යළිත් කරලියට●අලියා නැගිට්ටවන ඇත් රජු කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය●නැගෙනහිර බහාලුම් පර්යන්තය: අවිනිශ්චිතතාවේ දශකයක ආර්ථික පාඩම●වදනක: නිසරු භාවය, අශිෂ්ට භාවය හෝ තක්කඩි භාවය යනු කුමක් ද…?●සයිබර් වංචා සැකකරුවන් දහසක් දැලේ: නීතිය හමුවට නොපැමිණීමේ අර්බුදය●සෞදි අර්බුදය හමුවේ ලාංකික උම්රා බැතිමතුන් ගැන අවධානයක්●ශ්‍රීලංකන් සයිබර් ප්‍රහාරය වසන් කළාද? විමර්ශන දෙකක්●උතුරු-නැගෙනහිර රක්ෂිත අර්බුදයට අදියර දෙකක කඩිනම් විසඳුමක්●රාජ්‍ය වෙබ් අඩවි 85කට සයිබර් තර්ජනයක්: පද්ධති යාවත්කාලීන කිරීම ඇරඹෙයි●
Top Ad
පුවත්

රටම ලොක්ඩවුන් කිරීමට වෘත්තීය සමිති සුදානමක් !

T

The Leader Desk

August 17, 2021 • 4:44 PM

රටම ලොක්ඩවුන් කිරීමට වෘත්තීය සමිති සුදානමක් !    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (17) සවස 5ට පුංචි බොරැල්ල රජයේ හෙද නිළධාරීන්ගෙන් සංගම් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව එම තීන්දුව ප්‍රකාශයට පත්කෙරින.
  • එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුයේ, බාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කර ඇති බවයි.
  • "ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේධය" නිර්මාණය කරන තුරු බලා නොඉද, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ද ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව ඔහු එහිදී සඳහන් කළේය.
  • සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව අවදාරණය කර සිටි වෘත්තීය සමිති නියෝජිතයින්, විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් යටතේ කලයුතු වැඩ පිළිවලක් සදහාද බල කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අද (17) සවස 5ට පුංචි බොරැල්ල රජයේ හෙද නිළධාරීන්ගෙන් සංගම් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව එම තීන්දුව ප්‍රකාශයට පත්කෙරින.
 
එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුයේ, බාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කර ඇති බවයි.
 
"ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේධය" නිර්මාණය කරන තුරු බලා නොඉද, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ද ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව ඔහු එහිදී සඳහන් කළේය.
 
සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව අවදාරණය කර සිටි වෘත්තීය සමිති නියෝජිතයින්, විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් යටතේ කලයුතු වැඩ පිළිවලක් සදහාද බල කෙරිණ.
 
 
යෝජනා
 
 
1. දින 10ක විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්න
 
 
2. අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න
 
 
3.ආසාදිතයින් වෙන් කරන්න.
සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න
 
 
4. රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න
 
 
5. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තබන්න
 
 
6.විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම්.කරන්න
 
 
7. එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න. 
 
 
8.සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වන්න
 
 
9. ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්න
 

 
 
රට නොවැසීමට හේතුව නව සෞඛ්‍ය ඇමති කියයි
 
කොවිඩ් වසංගතය ට මුහුණදීමට ඇති ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීමට උත්සහ ගැනීම පමණක් බව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
 
රට වසා නොදැමීමට රජය විසින් තීරණය කළේ ඇයි දැයි යන්න පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (17) කොළඹ දී එම අදහස් පළ කළේය.
 
ලෝකයේ සවිමත් ආර්ථිකයක් ඇති රටවල් පවා කොවිඩ් වසංගතය හේතුවෙන් මුල් කාලයේ දී රට වසා දැමුවත් නැවත රට විවෘත කිරීම තුළ වසංගතය ට මුහුණදීමට සිදුවු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 
එනිසා අවසන් වශයෙන් කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
 
"එක මතයක් තමයි සම්පූර්ණයෙන් ම වහන්න කියන එක‍ සති දෙකක්. එතකොට අපි මාස ගානක් වහලා තියලා ඇරියේ. එතකොට මොකද්ද වෙන්නේ. ලෝකයෙත් එහෙමයි. එංගලන්තයේ පාසල් වහලා තියලා ඇරියා. ඇරලා සුමාන දෙකක් යද්දි ආය වැහුවා. එතකොට රජයේ සේවකයින් ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයගේ වේතනය ලැබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. 
 
නමුත් මේකේ ඉන්නවා ස්වයං රැකියා කරන අය, ජීවිතේ ගැ‌ට ගහගන්න අය. මේ අය ගැන කවුරුත් වචනයක්වත් කතා කරන්නේ නෑ. අපි මේ දෙක අතරේ යම් පරිපාලනයක් ගේන්න අවශ්‍යයි. අපේ විශ්වාසයක් තියෙනවා. සංචරණ සීමා දැඩි කරලා තියෙනවා මේ වෙනකොට. මං හිතන්නේ ඒක සාධාරණයි.  
 
ඔබ තුමන්ලා අද දකින්න ඇති අද කොළඹ නිවාඩු දවසක් වගේ. ජනතාවත් තමන්ගේ විනයගරුකභාවය ඇඟට අරගෙන තියෙනවා. එකක් තමයි පොඩි බයක් දැනිලා තියෙනවා මේ විදියට යන්න දෙන්න බෑ. අපිත් මේකෙන් පරිස්සම් වෙන්න ඔනේ කියලා. මේ කරුණු දෙක තුනම එකට යන්න ඔනේ." සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
 
 

 
කෝවිඩ් ආසාදිතයෙකු නිසා රටක් වසා දමයි 
 
මේ අතර මාස 06ක කාලයකින් පසුව නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීම හේතුවෙන් දින 03ක කාලයක් සඳහා රට සම්පුර්ණයෙන්ම අගුලු දැමීමට එරට අග්‍රාමාත්‍ය Jacinda Ardern පියවර ගෙන ඇත.
 
ඕක්ලන්ඩ් නගරයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා වාර්තා වීමත් සමග නවසීලන්ත අගමැතිවරයා විසින් මෙම ක්ෂණික තීරණය ගනු ලැබිය.
 
"Go Hard, Go Early" යන සංකල්පය මත කොවිඩ් ආසාදිතයෙකු වාර්තා විමත් සමග ක්ෂණිකයෙන් රට වසා දැමීමේ පියවරක් ලෙස සිව්වන අදියරේ අගුලු දැමීමක් සඳහා සියලුම නවසීලන්ත වැසියන්ට සිදුවනු ඇත.
 
" ඉක්මනින් මෙම තත්ත්වයෙන් මිදීමට නම් අපට කළ හැකි හොඳම දෙය නම් වෙහෙස මහන්සිවී වැඩ කිරීමයි.
 
 
WELLINGTON, NEW ZEALAND - AUGUST 24: Prime Minister Jacinda Ardern speaks to media during a press conference at Parliament on August 24, 2020 in Wellington, New Zealand. Prime Minister Jacinda Ardern announced an extension to the current COVID-19 Alert Levels as the country hits day 13 of increased restrictions following an outbreak. Auckland will remain in Alert Level 3 until Sunday 30 August at 11:59pm while the rest of the country will remain in level 2.  (Photo by Hagen Hopkins/Getty Images)
                       අග්‍රාමාත්‍ය Jacinda Ardern 
 
 
වෛරසයේ පළමු අවදියේදීම අපි ක්‍රියාත්මක වීමට අප තීරණය කළා. මන්ද වෛරසය වේගවත් වීමට පෙර අප ක්‍රියාත්මකවීම වැදගත්. පාසැල්, කාර්යාල සහ ව්‍යාපාර ස්ථාන වසා දමා තිබෙනවා. අත්‍යාවශ්‍ය සේවා පමණක් මේ කාලයේදී ක්‍රියාත්මක කරනු ලබනවා" යැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් නවසිලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියා ය.
 
ඕක්ලන්ඩ් හී වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීයා 58 හැවිරිදි අයෙකු වන අතර ඔහුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරින් සැකපළ කරනු ලබයි.
 
 
 
THE LEADER TV 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද?
 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...